spot_img
spot_img
More

    Kingdom of the Planet of the Apes (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Kingdom of the Planet of the Apes (2024) Sinhala Subtitle

     

    Planet of the Apes කියන්නේ අපි කා අතරත් ජනප්‍රිය වෙච්ච චිත්‍රපටි මාලාවක්නේ. අන්තිමට ආපු War for the Planet of the Apes (2017) චිත්‍රපටිය බලපු අයට මතක ඇතිනේ වෙච්ච සිදුවීම. පොඩ්ඩක් මතක් කරන්නම්. මොළය වැඩි දියුණු වුණු වානරයා, සීසර්, කැළෑවට යවනවානේ. ඒකෙන් පස්සේ එයා එයාගේම රාජධානියක් හදාගන්නවා. මේ සීසර්ගෙන් පරම්පරා ගණනාවකට පස්සේ වානරයන්ගේ රාජධානිය ගැන තමයි මේ අළුත් චිත්‍රපටියෙන් කතා කරන්නේ.

    නෝආ කියන්නේ තරුණ ජවසම්පන්න වානරයෙක්. එයාගේ ගෝත්‍රය ඇතුලේ ඉන්න දක්ෂතම වානරයා කිව්වොත් නිවැරදියි. නෝආ ඉන්න ගමට දවසක් වෙන වානර කණ්ඩායමකින් ප්‍රහාරයක් නැත්නම් ආක්‍රමණයක් සිද්ධ වෙනවා. මේකෙන් නෝආ ගේ ගෝත්‍රයේ අයව සිරකාරයෝ විදියට අරගෙන යන්නේ මුළු ගමම විනාශ කරමින්. තමන්ගේ ගෝත්‍රයේ අයව බේරාගන්න නෝආ ක්‍රියාත්මක වෙනවා. මේක තමයි කතාව. නෝආ ගේ වැඩ ගැන, එයාගේ ප්‍රයත්නය සාර්ථකද, එයාට කවුද උදව් කරන්නේ මේවා දැනගන්න නම් චිත්‍රපටිය බලන්නම වෙනවා.

    මේ චිත්‍රපටිය Planet of the Apes reboot චිත්‍රපටි මාලාවේ හතරවන දිගහැරුම විදියටයි සළකන්න වෙන්නේ. ඒ වගේම සම්පූර්ණ Planet of the Apes චිත්‍රපටි වලින් දහවෙනි දිගහැරුම. කොවිඩ් වසංගතයටත් කලින් ආරම්භ කරපු මේ චිත්‍රපටිය සිදුවීම් බොහොමයක් නිසා කල්ගත වෙලා, අන්තිමේදී 2023 අවුරුද්දේ අවසන් කාලයේදී නිම කරන්න නිෂ්පාදකයන්ට හැකි වුණා. හැබැයි, මේ චිත්‍රපටිය බලන අයට, එයාලාගේ මහන්සියේ ප්‍රතිපල දැකගන්න පුළුවන්.

    Wes Ball විසින් අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටිය, සුපුරුදු පරිදිම Pierre Boulle ගේ Planet of the Apes චරිත මත පදනම් වෙලා තමයි තියෙන්නේ. රඟපෑමෙන් දායක වෙලා තියෙනවා Owen Teague (නෝආ), Kevin Durand (සීසර්), Peter Macon (රාකා), Lydia Peckham (සූනා) සහ Freya Allan (මේ) ඇතුළු විශාල පිරිසක්.

    චිත්‍රපටි ගැන දැන් හැමෝම බලන්නේ web ratings එක්ක. ඒ නිසා මේ ලිපිය ලියන මොහොතේදී අපේ චිත්‍රපටිය ලබාගෙන තිබ්බ ratings තමයි, IMDb 7.0, Rotten Tomatos 80%, Metacritic 66%, Google Users 84% වගේ ප්‍රමාණයක්.

    එහෙනම් දැන් හැමෝම මගේ මේ සිංහල උපසිරැසියත් එක්ක චිත්‍රපටිය රස විඳින්න. හැමදාම කියනවා වගේ, මේ උපසිරැසි වල තියෙන වැරදි අඩුපාඩු, ගුණ දොස්, හොඳ නරක අපිට කියන්න. හැමෝටම, ජයවේවා!!

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති එච් ඩි පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
    • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

     

    Download “Kingdom of the Planet of the Apes (2024) සිංහල උපසිරැසි” Kingdom.of.the.Planet.of.the.Apes.(2024).Sinhala.Subtitle.rar – Downloaded 1674 times – 469 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    නිලුෂ හේමාල් අලහකෝන්
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    3 COMMENTS

    1. ගොඩක්ම ස්තූතියි නිලුෂ ……………
      ඔබට සහ ඔබ පවුලේ සැමටත්
      මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
      බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram