spot_img
spot_img

Ekkadiki Ee Parugu (2019) Complete season 01 Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

අද මං ඔයාලට අරං එන තෙලිගු වෙබ් සීරිස් එක ගැන කියන්න කලින් විශේෂ දේවල් 2ක් තියෙනවා කියන්න…

1. මේ සීරීස් එකත් බොහෝ සීරීස් වගේම විවිධ දිශාවන්හි සිටින ලෝක ප්‍රේක්ෂකයා වෙනුවෙන් භාෂා කිහිපයකින් නිකුත් වෙලා තියෙනවා (Tamil+Telugu+Hindi+Malayalam + Kannada) ඉතිං මේ සීරීස් එක ඔයාලා ඩවුන්ලෝඩ් කරාම default එන්නෙ Tamil Audio එක…ඉතිං ඔයාල සැමටම කියනවා Telugu Audio එක දාගෙන බලන්න කියලා…මොකද ටැමිල් ඕඩියෝ එකේ ඩබින් ඒ තරමටම සුපිරි නිසා ගොඩක් දුර යනකම්ම අමතක වෙනවා, මේක තෙලිගු එකක් කියලා….මටත් වුණා…

2. අනිත් කාරණේ තමයි මේ තෙලිගු සීර්ස් එකට Esub තියා මොනම සබක්වත් තිබුනේ නැහැ. ඉතිං ටයිම් ලයින් එක ගහගෙන අසා ලිවීමක් තමයි කරේ… ඒවගේම මේ මගේ පලමු තෙලිගු අසා ලිවීම…ඔයාල දැන් හැමෝටම ෆිලිම් බලලම තෙලිගු යමක් කමක් පුලුවන් නිසා මගේ අතින් කොහේ හෝ මිස්ටේක් එකක් වෙලා තිබුනොත් සමාවෙන්න කියලා කියනවා..😃
කාල රාමු හදන්න අලුත් ක්‍රමයක් කියලා දුන්නේ අපේ ලහිරු උදයංග සබ් රජතුමා තමයි…ඒක නිකම් අත් හදා බැලුවම ලේසි කියලා හිතුනා ඒක නිසා කරා..

හරි එහෙනම් සීරීස් එක පැත්තට ගියහම, මේක Thriller | Mystery ඝනයට තමයි අයත් වෙන්නේ….IMDB දර්ශකය 8.0 දක්වා කරකවන්න සමත් වෙලා තියෙන සුපිරිම වෙබ් සීරීස් එකක් තමා මේක….මේ කතා සමය එපිසෝඩ් 6කින් සමන්විත වෙනවා….කාස්ට් එක ගත්තොත් Shashnak, Rajesh,Pavani Gangireddy කියන කට්ටිය තමා මේන් රෝල් ටික කරන්නේ….. කතාව දිහාට කැරකුනොත් මෙහෙමයි දිගහැරපාන්නේ…

** අනන්ත විශ්වම්-රාක්ෂස වංශම්,
ජක මිරුගනි නිජම් – මනුශයේ ඔක මුරුගම්, ඌහින්චනි නී මරණම්- චූෂිණ ආක්ශනම්, තොඩෙයින නී ස්නේහම් – චූපින්චියේනා නරකම්….
“එක්කඩිකී ඊ පරුගු” **

ඉතින් ඔය කියනවා වගේම මිනිසා කියන්නේ එක්තරා විදියක මුරුගයෙක් තමයි…..කතාවට හැරුනම මධුර් ආනන්ද් වටා තමා කතාව ගෙතෙන්නේ….වෛෂ්ණවී කියන්නේ ආනන්ද්ගේ බිරිද…කතාව පටන් ගන්නෙම ආනන්ද් මහ රෑ පොළීසියට ඇවිත් දාන අමුතුම පැමිණිල්ලකින්…ඒ තමයි

*සර් මගේ බිරිද ඔෆිස් ගිහින් තවම ගෙදර ආවෙ නෑ කියලා *

දැන් බලනවා ඇති මේකෙ තියෙන අමුත්ත මොකක්ද කියලා, කොහොමත් බිරිද ආවෙ නැත්නම් පැමිණිලි කරන්න එපාද කියලා…ඉතිං අමුත්ත තමයි ආනන්ද් පැමිණිල්ල දාන්නෙ බිරිද ගෙදරට නෑවිත් හත්වෙනි දවසෙ 😱ඒ කියන්නෙ ඔෆිස් එකට ගිහින් දවස් 7ක් වෙනවා තවම ගෙදර ඇවිත් නැහැ……පොළීසිය දවස් හතක් මොන මගුලක් කරාද කියලා ආනන්ද්ගෙන් ඇහුවම එයා කියනවා…සර් යාලුවො නෑදෑයොන්ගෙන් එහෙම අහලා බලලම පැමිනිල්ල දාන්නයි හිටියේ කියලා.. පොළීසිය පැමිණිල්ල භාරගන්නවා, පොළිස් නිළදාරියා විශේෂ කෙනෙක් ඔයාලම බලාගන්න….ඉතිං හැමතැනකම හොයලා බැලුවත් වෛෂ්ණවීගේ සළකුණක්වත් නැහැ….ඉතිං සතියක් තිස්සෙ බම්බු ගහපු ආන්න්ද් දිහාට තමයි අපේත් පොළීසියේත් සැකය එල්ලවෙන්නේ…..ඉතිං ඒ සැකය හරිද? ඒක බලාගන්න නම් 6 වෙනි එපිය බලන්න වෙනවා….

ඉතිං මේ වෛෂ්ණවී කොහෙද පැහැරගෙනද ? මරල දාලද? ආනන්ද්ම මොනව හරි කරලද? කියලා හොයාගෙන යන පොළීසියට එක එක දේවල් හෙළිවෙන්න ගන්නවා. ඉතිං අපේ පොලිස්තුමා කියන්නේ * අපරාධයක් නම් වෙලා තියෙන්නෙ ඒක කොහොමද වුණේ කවදද වුණේ කියලා හොයනවට වැඩිය මොකටද කරේ කියලා හොයාගත්තොත් ඉහත ප්‍රශ්ණ සේරටම විසදුම් නිකන්ම ලැබෙනවා** කියලයි …

ඉතිං මේ දින හතකට කලින් ඔෆිස් ගිය සුරූපී බිරිද (නියමයි ඈ ලස්සනයි එයැයි) වෛෂ්ණවීට මොකද වුණේ…කුතුහලය එහෙමම රැදෙනවා… කාටත් බලන්න කියලා ආරාධනා කරනවා.. අදට සමුගන්නම්..

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB පිටපත් සදහා ගැලපේ
  • උපසිරැසි කොටස්  6ම පහත ගොනුවේ ලබා දි ඇත.

 

Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” Ekkadiki.Ee.Parugu.Sinhala.Subtitle.rar – Downloaded 2099 times – 35 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

අශේන් කවිඳු
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

30 COMMENTS

  1. පලවෙනි අසාලිවීමට සුභ පැතුම්,හොද තෙලෙගු ෆිල්ම් ටිකක් එහෙමත් ඉස්සරාට බලාගන්න පුලුවන් වෙයි වගේ අපිට දැන්නම්

  2. සුපිරි ආ සබ් ගහපු එකා නම්. එලම. ඔන් කතාව ගත්තා. බලන්නයි තියෙන්නේ දැන්. සබ එකට තැන්ක්ස්.

  3. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  4. පට්ට, සබ් නියමෙට තියෙනවා…සීසන් 2 එකත් දෙන්වද ?

Leave a Reply to Ashen Kavindu (Monster Aks) Cancel reply

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram