More

    Kurangu Bommai (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    2017 වසරේ මෙතෙක් ආ දෙමළ චිත්‍රපට අතර ඉදිරියෙන්ම සිටින චිත්‍රපට කීපයෙන් එකක්. තරමක් දුරට hyperlink ආකෘතියකට අනුව නිර්මාණය වී ඇති මෙය ප්‍රේක්ෂකයන් තුල ප්‍රබල භාව කම්පනයක් ඇතිකර ඔවුන් සිතන්නට පොළඹවන චිත්‍රපටයක්. තන්ජාවූර් හි වෙසෙන පාතාල නායකයෙකුට සමාන වටිනා පිළිම, පුරාවස්තු වැනි දෑ ජාවාරමෙහිද යෙදෙන ලී වෙළෙන්දෙක්, ඔහුගේ සුවච කීකරු සේවකයෙක් , පියාගේ හාම්පුතා ගැන කලකිරීමෙන් පසුවෙන සේවකයාගේ පුතා, විවාහ යෝජනාවකින් ඔහු වෙත ඉදිරිපත් කෙරෙන යුවතියක්, චෙන්නයි නගරයේ වෙසෙන මුදල් පසුම්බි හා බෑග් සොරකම් කරන පික් පොකට්කරුවෙක්, චෙන්නයිහිම වෙසෙන හොර බඩු ජාවාරම්වල අතරමැදියෙක් ලෙස ක්‍රියාකරන්නෙක් මෙහි ප්‍රධාන චරිත වෙනවා. එක්තරා හේතුවකින් මේ සියලු දෙනාම එකට පටලවන සිදුවීම් මාලාවක් සිදුවෙනවා. විවිධ ස්ථානවලින් ගත් CCTV දර්ශන පෙලක් කලාත්මක ආකාරයට පෙලගැස්වූවාක් මෙන් ගලායන මේ චිත්‍රපටය මුදල් සහ මනුෂ්‍ය සම්බන්ධතා අතර ගැටුම විදහා දක්වන අපූර්ව කතාවක් ප්‍රේක්ෂකයන් හමුවේ ගෙනහැරපානවා.

    Kurangu Bommai නිතිලන් ස්වාමිනාදන් නම් අධ්‍යක්ෂවරයාගේ පළමු වෘත්තාන්ත චිත්‍රපටය වුණත් මේ අධ්‍යක්ෂණයේ කිසිම ආධුනිකබවක් දකින්නට නොලැබීම විශේෂත්වයක්. ප්‍රබල කලා අධ්‍යක්ෂණයක්, කැමරාකරණයක් හා සංස්කරණයක් සහිතව ගලායන රූප රාමු පෙල මේ අත්දැකීම ප්‍රේක්ෂක සිත්වල අමතක නොවන ලෙස සටහන් කිරීමට සමත් වෙනවා. මෙහි තැනින් තැන ප්‍රබල සංකේත භාවිතයකුත් දකින්නට ලැබෙනවා. සෑම ජවනිකාවක්ම සුන්දර වියමනක් මෙන් එකිනෙක සමග බැඳී ඇති ආකාරය බෙහෙවින් සිත්ගන්නා සුළුයි. එක සිදුවීමක් විවිධ පුද්ගලයන්ගේ දෘෂ්ටි කෝණවලින් දක්වා තිබීම සහ බොහෝ අවස්ථාවල එක් ජවනිකාවක අවසානයත් ඊළඟ ජවනිකාවේ ආරම්භයත් කළු-සුදුවලින් දක්වා තිබීමත් චිත්‍රපටයේ ආකෘතියට මනා ගැලපීමක් එක් කර තියෙනවා. අධ්‍යක්ෂවරයා විසින්ම ලියන ලද තිර පිටපත සෑම චරිතයකම යහපත්-අයහපත් සියලුම පැතිකඩ පෙන්නුම් කරන ප්‍රබල, ගැඹුරු චරිත නිරූපණයක් සහිතව ලියැවී ඇති අතර මැඩෝනා අශ්වීන් ගේ දෙබස්වලින්ද එයට විශාල එලියක් වැටී තියනවා. අධ්‍යක්ෂ නිතිලන් කෙටි චිත්‍රපට නිර්මාණය කරමින් සිනමාවට පිවිසුණු අයෙක්. මීට පෙර කෙටි චිත්‍රපට නිර්මාණය කරමින් සිනමාවට එක්වූ බාලාජි මෝහන්, කාර්තික් සුබ්බුරාජ් හා නලන් කුමරසාමි වැනි අධ්‍යක්ෂවරු මෙන් දෙමළ සිනමාව තුල ප්‍රබලයෙක් වීමේ ලකුණු ඔහු සිය පළමු වෘත්තාන්ත චිත්‍රපටයෙන්ම පෙන්නුම් කර සිටිනවා. වර්තමාන තමිල්නාඩු පොළවේ චරිත හා සිදුවීම් කීපයක් ප්‍රබල අර්ථයක් මතුකෙරෙන අයුරින් ඔහු සිනමාවට ගෙන එන්නේ Lock, Stock and Two Smoking Barrels සහ In Bruges වැනි බ්‍රිතාන්‍ය Black comedy චිත්‍රපටවල එන ජීව ගුණයක් සහිතවයි.

    මේ චිත්‍රපටයෙන් මුල්වරට දෙමළ සිනමාවට එක්වෙන කන්නඩ සංගීත අධ්‍යක්ෂවරයකු වන අජනීෂ් ලෝක්නාත් තම හැකියාවන් විශිෂ්ට ලෙස පෙන්නුම් කර තියෙනවා. නළු නිළියන්ගේ රංගනය ගැන කතා කරද්දී විදාර්ත් තමන් වර්තමාන දෙමළ සිනමාවේ සිටින සුවිශේෂ නළුවන් කිහිපදෙනාගෙන් කෙනෙක් බව තව දුරටත් ඔප්පුකර සිටිනවා. මලයාලම් නිළි ඩෙල්නා ඩේවිස්, සෙසු චරිත රඟපාන කුමරවේල්, වෘත්තීය නළුවන් නොවන චිත්‍රපට අධ්‍යක්ෂ භාරති රාජා සහ තේනප්පන් වැනි අයද තම වගකීම් මැනවින් ඉටු කරනවා. Kurangu Bommai සෑම ලාංකීය සිනමා ලෝලියෙක් විසින්ම නරඹනුලැබීමට සුදුසු ලෙස ඍජුවම නිර්දේශ කළ හැකි චිත්‍රපටයක්.

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

     

    Download “Kurangu Bommai (2017) සිංහල උපසිරැසි” Kurangu.Bommai.(2017).Sinhala.Subtitle.rar – Downloaded 102 times – 32 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    Visual (විශුවල්)
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram