spot_img
spot_img
More

    La La Land (2016) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    කාලේකට පස්සේ ආපහු ඉංග්‍රිසි චිත්‍ර‍පටියක් අරන් එන්නයි මේ සුදානම. මේක නිකුත් වෙලා නම් දැන් ටික දිනක් වෙනවා. මේක ඇවිත් ටික කලක් වුනත් නමුත් මට විශ්වාසයි ගොඩක් අය තාම මේක නොබලලා ඇති.මේක ලස්සන ආදර කතාවක්. හින්දි ෆිල්ම් එකක් වගේ මැද්දට ගීත කිහිපයක් දාලා තියනවා. ඒ ඇරෙන්න තමන්ගේම හීන හබා යන පෙම්වතෙක් හා පෙම්වතියක්ගේ ලස්සන ආදර කතාවක්. මං කොහොමත් හින්දි කතා බලන කෙනෙක් නේ… ඉතින් එහෙම කෙනෙක්ට කම්මැලි නැතුව මේ චිත්‍ර‍පටිය බලන්න පුලුවන් කියන්නේ අනිවාර්යෙන් දෙපාරක් හිතන්නේ නැතුව අරගන්න… ආදරය කරලා විරහාව අත්විදලා තියේ නම් දෙපාරක් හිතන්නේ නැතුව බලන්න මොකද අන්තිම වෙද්දි ඔබව සංවේදි කරාවි මේ චිත්‍ර‍පටිය…

    කතාව ගැන කියනවා නම් මියා කියන්නේ නිලියක් වෙන්න හීන දකින කෙනෙක්. එතකොට සෙබස්තියන් කියන්නේ ජෑස් සංගිතයෙන් පරිපූර්ණ වු ක්ලබ් එකක් දාන්න හින දකින කෙනෙක්මේ දෙන්නා අහම්බෙන් මෙන් එක් අවස්ථාවක මුණ ගැහෙනවා. පස්සේ මේ දෙන්නාගේ මිතු දමක් ගොඩනැගෙනවා.. එය ආදරයටත් පෙරලෙනවා… සෙබස්තියන් තමන්ගේ හිතට ගැලපෙන රස්සාවක් කරගෙන ස්වාධිනව ඉන්න කෙනෙක්. මියා හා ඔහු කිසිම ගැටළුවක් නැතුව ජිවත් වෙනවා. දිනක් මියා හා ඇයගේ අම්මා අතර වු කතා බහක් සෙබස්තියන්ට ඇහෙනවා…. ගැණු ළමයි කොහොම හිතුවාත් අම්මලා තාත්තලා හරි හමන් රස්සාවක් නැතුව ඉන්න කොල්ලෙක්ට ගැණු ළමයෙක් දෙන්නේ නැහැ නේ. සෙබස්තියන්ට මේ කතාබහේ සමහර තැන් සවනේ වැකෙනවා. ඒ අතරම තමයි සෙබස්තියන් ගේ පරණ යාළුවෙක් ඔහුට තමන්ගේ බැන්ඩ් එකේ රැකියා ඇරයුමක් සදහා කතා කරන්නේ… සෙබස්තියන් හිතාගන්නවා මුදල් හම්බකරන්න යන්න… වෙනදා වගේ නෙමෙයි ඔහු සැහෙන කාර්යබහුල වෙනවා…මියා එක්ක ගත කරන කාලය අඩුවෙනවා… ඔවුන්ගේ ආදරය ටිකෙන් ටික දුරස් වෙන්න ගන්නවා….රැකියාවක් නැති උනත්…මුදල් හදල් නොමැති උනත් කවදාවත් රණ්ඩු නොවුන මේ දෙන්නා මැද්දට හිතපු නැති ප්‍ර‍ශ්න ගොඩක් එනවා… තව ඉතින් කතාව මං විස්තර කරන්න යන්නේ නැහැ…

    මේ සිදුවිම් පෙල ලස්සනට ච්‍ත්‍ර‍පටියේ සංගිතයත් සමඟින් ගලපලා තියනවා… ඒ වගේම අවසානය නම් සංවේදියි. සමහර විට සමහර දේවල් නොවුනා නම්…. සමහර විට අපි ඒ වගේ තිරණ නොගත්තා නම්… අවසානය කොතරම් ලස්සන වෙන්නට තිබුනාද….. ඒක විදින්න පුලුවන් මේ චිත්‍ර‍පටිය නැරබුවාම.

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති බ්ලුරේ පිටපත් සදහා ගැලපේ
    • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

    Download “La La Land (2016) සිංහල උපසිරැසි” La.La.Land.2016.Sinhala.Subtitle.rar – Downloaded 282 times – 32 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    දර්ශණ නිශාන්ත පීරිස්
    + posts

    Founder & Owner - Zoom.Lk
    SRI LANKAN 🇱🇰 කෝට්ටේ 🏡
    Traveler 🚶Train Lover 🚂
    emotional eater 🍝️🥪
    MI Fan 📱MI 9T PRO user

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram