spot_img
spot_img
More

    Ladki Dragon Girl (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Ladki Dragon Girl (2022) Sinhala Subtitle

    මේ චිත්‍රපටිය තිරගත උනේ නම් 2022 වසරේ එත් මැතක් වෙනකම්ම මේක OTT හරහා නිකුත් උනේ නැහැ. මේක නිකුත් උන කාලේ නම් මේක ගැන ලොකු කතාබහක් ගියා. මේකේ ෂොට්ස් ටික්ටොක් එහෙම සැහෙන වෛරල් උනා මේ ෆිල්ම් එකේ දැරිවිගේ ඇදුම් පැලදුම් නිසා. කොහොමින් කොහොම හරි ෆිල්ම් එක රිලිස් උන නිසා උපසිරැසියක් අරන් ආවා.

    මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Ram Gopal Varma විසින්. 90 – 2010 අතර කාලේ රාම්ගොල්පාල් වර්මා කියන්නේ හින්දි සිනමාවේ හිටිය හොදම අධ්‍යක්ෂකවරයෙක්.Nishabd,Sarkar,Jungle,Satya,Rangeela
    වගේ දැවැන්ත නිර්මාණ ඔහු අතින් නිර්මාණය උනා. නමුත් මැත කාලය වන විට ඔහු නිපදවන චිත්‍රපටි හා වෙබ් සිරිස් වැඩිහිටියන්ට පමණක් ලේබල් වදින්න පමණක් ඔහු උවමනාවෙන්ම නිකුත් කරනවා. දැන් අද මේ අරන් ආපු චිත්‍රපටිය උනත් මාෂල් ආර්ට්ස් හා ඒ සම්බන්ධ චිත්‍රපටියක් උනත් වැඩියෙන්ම වැඩිහිටියන්ට පමණක් වෙන්න කතාව නිර්මාණය කරලා තියනවා. මේකේ රඟපාන්නේ නවක නිලියක් වෙන Pooja Bhalekar විසින්. ඇය සැබැවටම මාෂල් ආර්ට් සටන් හා ටයිකොන්ඩෝ වෘත්තිකයෙක් උනත් මේ චිත්‍රපටියේ සැබැවටම ඇයගෙන් වැඩක් ගත්තාද කියලා නම් ගැටළුවක් තියනවා.

    චිත්‍රපටියේ කතාව ගැන කිව්වොතින් පුජා කියන්නේ ටයිකොන්ඩෝ සටන් ඉගෙන ගන්න තරුණියක්. මේ අය පුහුණු වෙන ක්ලාස් එක එක තියන තැනට ඒ පලාතේ මැරයෙක් විසින් බිල්ඩිමක් ඉදිකරන්න තොරගන්නවා. ඔහු විසින් මොවුන්ට මෙතැනින් ක්ලාස් එක ඉවත් කරගන්න කිව්වොත් මොවුන්ගේ ගුරුවරයා ඒකට කැමැති වෙන්නේ නැහැ. ඉතින් මේ මැරයා විසින් මේ අයට මොන වගේ දෙයක් කරාවිද? ඒකට පුජා පැටලෙන්නේ කොහොමද? ඒක දැනගන්න නම් චිත්‍රපටිය අරන් බලන්න වෙනවා. එහෙනම් නරබන්න ආරාධනා කරනගමන් සමුගන්නවා හැමෝටම සුභ දවසක් එහෙනම්…

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති එච් ඩි පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
    • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

     

    Download “Ladki Dragon Girl (2022) සිංහල උපසිරැසි” Ladki.Dragon.Girl.(2022).Sinhala.Subtitle.rar – Downloaded 2371 times – 526 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ආදිත්‍ය සිංහවන්ශ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    4 COMMENTS

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram