More

    Lens (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    මේ වසරේ එලිදැක්වුණු විචාරක ප්‍රශංසා වලට මෙන්ම සම්මානවලටද පාත්‍රවූ සම්ප්‍රදායෙන් මිදුණු off-beat දෙමළ චිත්‍රපටයක්. මෙය මේ හා සමගාමීව මලයාලම් බසිනුත් නිර්මාණය වී තියනවා. (ඇත්ත වශයෙන්ම මෙහි වැඩිපුරම අසන්නට ලැබෙන්නේ ඉංග්‍රීසි දෙබස්. ඊට අමතරව හින්දි හා මලයාලම් දෙබස්ද තියනවා) ජෙයප්‍රකාශ් රාධාක්‍රිෂ්ණන් නම් සිනමාකරුවාගේ පළමු නිර්මාණය වන මෙයින් ඔහු ඉන්දීය සිනමාවේ ප්‍රබලයකු විය හැකි බවට ලකුණු පෙන්නුම් කරනවා. (ඔහු මෙහි ප්‍රධාන චරිතයක්ද නිරූපණය කරනවා) Lens හි දකින්නට ලැබෙන්නේ නැරඹුම්කාමය (voyeurism) තේමා කරගත් කථා ප්‍රවෘත්තියක්. චිත්‍රපටය ආරම්භ වෙන්නේ රැකියාව නිසා සිය නිවසින් ඈත්ව මහල් නිවාසයක වෙසෙන අරවින්ද් නමැත්තෙක් අන්තර්ජාලයෙන් හඳුනාගත් ජුලී නම් යුවතියක් සමග skype ඔස්සේ කරන සංවාදයකින්. වෙස්මුහුණු පැළඳ, ඇඳුම් ඉවත් කරමින්, එකිනෙකාගේ නිරුවත රස විඳිමින් කරන මේ video සංවාදය කිසිවෙකුත් නොහිතන අන්දමට අරවින්ද්ව එක්තරා පුද්ගලයකුගේ බිහිසුණු ග්‍රහණයකට හසුකරනවා. මෙම බිහිසුණු අත්දැකීමට ඔහු ලක්වන හේතුව අරවින්ද්ගේම ක්‍රියාකාරකමක ප්‍රතිපලයක් බව චිත්‍රපටයේ දැක්වෙනවා.

    Lens එක පැත්තකින් horror චිත්‍රපටයක එන භීෂණකාරී බවත් mystery චිත්‍රපටයක එන thriller රසයත් ප්‍රේක්ෂකයන්ට නොඅඩුව ලබාදීමට සමත් චිත්‍රපටයක්. ඇත්ත වශයෙන් මෙහි පෙන්වන හා ඇහෙන්නට සලස්වන දේට වඩා භීෂණාත්මක බවක් ප්‍රේක්ෂකයන්ගේ සිත් තුල ඇති කරන්නට සමත් චිත්‍රපටයක්. මනා ආලෝකකරණයක් සහ වර්ණ භාවිතයක් සහිත මෙහි කැමරාකරණය ප්‍රේක්ෂකයන්ව තදින්ම චිත්‍රපටයට ඇද බැඳ තබාගැනීමට සමත්වන අතර තැනින් තැන බහු අරුත් නංවමින් ප්‍රේක්ෂකයන්ව සිතන්නට පොළඹවන සංකේතාත්මක රූප රාමුද එක් කර තිබෙනවා. මේ සිනමාකරණය ආධුනිකයෙකුගේ එකක් බව කිසිසේත්ම නරඹන්නන්ගේ සිතට දැනෙන්නේ නෑ. ප්‍රධාන චරිත වලට පණ දෙන ආනන්ද්සාමි හා ජෙයප්‍රකාශ් රාධාක්‍රිෂ්ණන් මුළු චිත්‍රපටයම ප්‍රේක්ෂකයන් ඉදිරියේ සජීවි අත්දැකීමක් බවට පත් කරන්නට සමත් වෙනවා.

    තාක්ෂණයේ හා සමාජ වෙබ් අඩවි ජාලවල දියුණුවත් සමග විවිධ පුද්ගලයන්ගේ රහසිගත පුද්ගලික ජීවිත, ලිංගික ක්‍රියා රූපගත කර අන්තර්ජාලයට මුදා හැරීමත් සමග ඔවුන් පත්වන අපහසුතාවය ශ්‍රී ලාංකීය අපිටත් දිනෙන් දින අත් දකින්නට ලැබෙන දෙයක්. Lens, මෙහි එන දෙබසකින්ම කියවෙන ආකාරයට “මෙවැනි දෑ රහසින් රූපගත කරන අයටත්, upload කරන අයටත් ඒවා කරන්නට පෙර දෙවරක් සිතන්නට පොළඹවන” අන්දමේ චිත්‍රපටයක්

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

     

    Download “Lens 2017 සිංහල උපසිරැසි” Lens.2017.Sinhala.Subtitle.rar – Downloaded 299 times – 22 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

     

    Visual (විශුවල්)
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram