spot_img
spot_img
More

    Logan (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ඔන්න එහෙනම් ටික දවසකට පස්සේ එන්නේ..ගොඩක් දෙනෙක් බලාගෙන හිටිය ලෝගන් තමයි ගේන්නේ..මේක ඇවිල්ලා ටික දවසක් වෙනවා..මම කරන්න බාර ගත්තු වැඩක් නම් නෙමේයි..මොකද කළින් කොපි කිහිපයක්ම නිකුත් වුණා මොකද මං කරනව නම් මුලින්ම එන කොපියට උපසිරස කරලා මේ වෙනකොට යාවත්කාලින කරලත් ඉවරයි මේක කරන්න හිටපු කෙනාට වැඩ වැඩි හිංදා මට කරන්න බාර දුන්නා ඒත් සතියකට විතර කලින්..හැබැයි මමත් ගොඩක් හිමින්ම කල උපසිරැසියක් කිවොත් නිවැරදි..මොකද පහු ගිය දවස් ටිකේ මගුලකට හිර වෙලා දවස් දෙක තුනක් කෙළින් ඉන්න බැරි වුන හිංදා වැඩේ කල් ගියා…ස්වභාවික විපතුත් අඩුවක් නැතුව තිබුනා නොවෑ…මේ දැනුත් පට්ට යන්න වහිනවා..පරක්කු වෙච්ච් එකට සමාවෙන්න කියන ගමන්..කතාව පැත්තට යමු…ලෝගන් කියන්න දෙයක් නෑ ගොඩක් දෙනෙක් දන්නවා..මොකද මේක ඒ තරමටම ප්‍රසිද්ධයි

    චිත්‍රපටය ගැන වැඩි විස්තරයක් කියන්න යන්නේ නෑ…හොදයි එහෙනං මේකේ අපේ වීරයා ලෝගන් හුදකලා වෙලා ටැක්සි රියදුරෙක් විදිහට පාඩුවේ වැඩ කර කර ඉන්නවා…ඔන්න ඔය අතරේ ගැහැණු කෙනෙක් මෙයාට හයර් එකක් යන්න කතා කරනවා ඒ ටිකක් දුර පළාතකට…මෙයා යන්නන බැහැ කියනවා..මොකද මෙයාට තේරෙනවා මේක හිරේ යන්න වෙන වැඩක් කියලා…පස්සේ ලොකු ලොකු වැඩ ගොඩක් වෙලා..ලෝගන්ට තිබුණ සල්ලි අවශ්‍ය තාවය නිසාම…මෙයා මේ ගමන යන්න කැමති වෙනවා…කොහොම හරි යන දවසේ මෙයා ඒ ගෑනු කෙනා ඉන්න තැනට ගිහාම මෙයා දකිනවා..ඒ ගෑනු කෙනාව මරල දාල තියෙනවා..අනික මේ ගෑනු කෙනත් එක්ක ඉන්නවා පුංචි ගැහැණු ළමයෙක් ලෝරා කියලා මෙයත් ලෝගන් වගේම විකෘතිකයෙක්..මේ ගෑනු ළමයා නිසා තමයි එයාව බලාගත්තු ගැහැණු කෙනාවත් මරන්නේ..ඊට පස්සේ ලෝගන් ආපහු ඒයා ඉන්න තැනට යනවා.. වැඩේ අවුල් වුන හිංදා..මේ ලෝරා කියන ළමයා මෙයාගේ කාර් එකේ ඩිකියේ හොරෙන් හැංඟිලා මෙයා ඉන්න තැනට එනවා..මෙයාගේ පස්සෙන් තමයි ඔක්කොම කරදර ටික එන්නේ..පස්සේ ඉතිං මේ ගෑණු ළමයව හොයාගෙන ලෝගන් ඉන්න තැනටත් අර කට්ටිය එනවා…ඒ හොදින් හරි නරකින් හරි ලෝරව ගෙනියන්න…මෙතනින් පස්සේ මොනවා වේවිද? ඉතුරු හරිය රසික ඔබහට බාරයි..මේක බැලුවට පස්සේ තේරේවි දුවෙක් තමන්ගේ තාත්තට මොන තරම් ආදරේද තාත්තා කෙනෙක් පිටට නොපෙන්වා දුවෙක් වෙනුවෙන් මොන තරම් කැප කිරීම් කරනවද කියලා..ළිපිය කියෙව්වට පස්සේ අවුල් වගේ නම් බැනල හරි කමෙන්ටුවක් දාගෙන යන්න…දෙවෙනි පරම්පරාවේ කතාවත් ලබන වසරේ රූපගත කරන්න අදහස් කරගෙන තියෙනවා කියලයි ආරචිය..බලමුකොනේ..අද ඉදං ඉංග්‍රීසි චිත්‍රපට ටිකක් ගෙන්න බැලුවේ..එහෙනම් අපි යනවා..සුබ දවසක්!

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  බ්ලුරේ පිටපත් සදහා ගැලපේ
    • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Logan (2017) සිංහල උපසිරැසි” Logan.2017.Sinhala.Subtitle.rar – Downloaded 586 times – 40 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    අබිෂ් ධනංජය
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram