spot_img
spot_img
More

    Lost Child (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ආයුබෝවන් හැමදෙනාටම, ඔන්න මම අද ඔයාලට අරගෙන ආවේ 2018 සැප්තැම්බර් 24 වන දින තිරගත වීම ඇරඹූ Drama | Horror | Mystery වර්ගීකරණයට වැටෙන හරි අපූරු විදිහේ කතාවක් තියෙන ලස්සන චිත්‍රපටයක්. Ramaa Mosley ගේ අධ්‍යක්ෂණයක් වන මෙම චිත්‍රපටය සඳහා තිර පිටපත රචනා කර ඇත්තේ Tim Macy සහ Ramaa Mosley විසිනුයි. Leven Rambin,  Taylor John Smith,  Jim Parrack සහ Landon Edwards යන අය ප්‍රධාන රංගන ධායකත්වය ලබාදෙන මේ චිත්‍රපටය පැය 1, විනාඩි 45 ක ධාවන කාලයකින් යුක්තයි. IMDB දර්ශකයේ 6.0/10 ක අගයක් ලබා ගැනීමට සමත් වී ඇති මේ චිත්‍රපටය Rotten Tomatoes මීටරයේ 50% ක මනාප අගයක් ලබා ගැනීමට සමත් වෙලා තියනවා.

    ඇත්තටම මේ චිත්‍රපටය සමාජයට ලොකු ආදර්ශයක් ලබාදෙන චිත්‍රපටයක් කියලයි මටනම් හිතෙන්නේ. මිත්‍යාදෘෂ්ටික අදහස් ඇති මිනිස්සු තමන්ගේ වාසියට හැමදේම හදාගන්නව. එයින් පීඩාවට පත්වන අය ගැන ඔවුන් හිතන්නේ නැහැ. ඔවුන්ට ඒකෙන් ඇති වැඩකුත් නැහැ. එවන් මිත්‍යාදෘෂ්ටික කටකතා සමාජයේ පැතිර ගිය පසු ඔවුන්ගේ ජීවිතයේ සිද්දීන් මෙවන් කටකතා වලට යා කරගන්නවා. නොපෙනෙන යක්ෂයින්, දෙවියන්ට තමන්ගෙ ජීවිතේ බාරදීලා බලාගෙන ඉන්නවා. එවන් සමාජයක ජීවත් වූ කුඩා දරුවෙක් වටා ගෙතෙන සංවේදී කතාවක් තමයි මේ චිත්‍රපටයට පාදක කරගෙන තියෙන්නේ.

    කතාව ගැන කියනවනම්, මේ කතාව දිව යන්නේ කුඩා දරුවෙක් වටා. හමුදාවේ සේවය කරන කාන්තා සෙබලියක් කුඩා කාලයේදී තමන්ට මගහැරුණු තම සහෝදරයා සෙවීම සඳහා කැලෑ පෙදෙසකට එනවා. එහිදී කැළය තුලදී ඇයට කුඩා ළමයෙක් මුණ ගැහෙනවා. මේ ළමයා යම්කිසි හේතුවක් නිසා සියල්ලන්ගෙන්ම ප්‍රතිකේෂ්ප වූ අයෙක්,
                            – මෙසේ ප්‍රතිකේෂ්ප වීමට හේතුව කුමක්ද…?
                            – මේ ළමයා කාගේ කවුද…?
                            – ඇත්තටම මොහු මනුස්සයෙක් ද…?

    මේ හැම ප්‍රශ්නයකටම පිළිතුරු හොයාගන්න ඕනෙනම් මේ අපූරු සිනමා පටය නරඹන්න කියල ආරාධනා කරමින් මම නවතිනවා. එහෙනම් හැමෝටම ජය වේවා…!!!

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

     

    Download “Lost Child (2018) සිංහල උපසිරැසි” Lost.Child.2018.Sinhala.Subtitle.rar – Downloaded 110 times – 28 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ZOOM උපසිරැසි කණ්ඩායම
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram