More

    Lupt (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    හර්ෂ් කියන්නේ හොද සාර්ථක ව්‍යාපාරිකයෙක්… ඔහුගේ ව්‍යාපාරිය සාර්ථකත්වය වෙනුවෙන් ඔහු නොකරන දෙයක් නෑ,ඒත් එක පාරටම එයාට එක එක මිනිස්සු මැවිලා පේන්න පටන් ගන්නවා,ඒ අය එතන ඉන්නවා වගේ දැනුනට ඇත්තටම එතන් නෑ,අනික එතන හරිෂ් එක්කවෙන කවුරු හිටියත් ඒ අයට මේ හර්ෂ්ට පේන අයව පේන්නෙත් නෑ,මේක මෙයාට ලොකු හිසරදයක් වෙන්න පටන් ගන්නවා,ඉතින් මෙයා ඒකට විසදුමක් හොයාගෙන එයාගේ හොදම යාලුවෙක් වගේම මනෝවෛද්‍යවරියක් වෙන කෙනෙක් ගාවට යනවා.. එහෙම ගියාට පස්සේ එයා හර්ෂ්ට කියනවා ටික දවසක් වැඩ වලින් ඈත් වෙලා විවේක ගන්න කියලා ඉතින් ඇත්තටම ඒකෙන් හොදක් වෙයි කියල හිතාගෙන හර්ෂ් එයාගේ පවුලෙ අයත් එක්ක නිවාඩුවකට යන්න පිටත් වෙනවා.. ඉතින් මේ අය ටික දුරක් යන කොට පාර මැද ලොකු අනතුරක් වෙලා ඒක එතනින් අයින් කරන්න පැය දෙකක්වත් යනවලු…ඉතින් එතන පැය දෙකක් ඉන්න එකේ තේරුමක් නෑ කියලා හර්ෂ් එයා දන්න වෙන පාරක් තියෙනවා කියල එහෙන් යන්න පටන් ගන්නවා හැබැයි ඒක මහා කැලයක් මැදින් යන්න තියෙන පාරක්…ඉතින් අන්න ඒ හැරවුමෙන් තමයි සියල්ලම වෙනස් වෙන්න පටන් ගන්නේ

    හර්ෂ්ට ඇයි මිනිස්සු මැවිලා පේන්නේ?
    ඇයි එයාට විතරක්ම ඒ අයව පේන්නෙ?
    එයා යන්න තෝරගත්තු පාර මොකක්ද?
    ඒ පාරේ මොකක්ද හැංගිලා තියෙන රහස?
    මේ මහා කැලේ ඇතුලේ මෙයාලට මොනා වෙයිද?
    ඒ ටික දැනගන්නම ඉතින් චිත්‍රපටිය අරගෙනම බලන්න වෙනවා

    ඔන්න ඉතින් ටික කාලෙකට පස්සේ බොලිවුඩ් හොල්මන් චිත්‍රපටි වලට ආස කරන අයට බලන්න හොද හොල්මන් චිත්‍රපටියක් අරගෙන ආවා…මේක නිකුත් වෙන්නෙ 2018 නොවැම්බර් 2 උනාට හොද පිටපත් අන්තර්ජාලයට නිකුත් උනේ ඊයේ තමයි…. ඉතින් ඔන්න ආපු ගමන්ම අපි ඔයාලට අපි අරගෙනම ආව,Imdb 6.6ක අගයක් ලබාගෙන තියෙන මේ චිත්‍රපටිය කුතුහලයත් එක්කම කිසිම කම්මැලිකම්ක් නැතිව බලන්න පුලුවන් චිත්‍රපටියක් වෙයි ඔයාලට එහෙනම් ආයෙත් කන්නඩ සිනමාවේ ලස්සන ක්‍රියාදාම චිත්‍රපටියක සිංහල උපැසිරැසි සමගින් හම්බවෙමු

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” Lupt.(2018).Sinhala.Subtitle.rar – Downloaded 165 times – 22 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram