spot_img

Maharshi (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -
ඔයා මෝෆ්රා දන්නවද
මෝෆ්රා කවුද ඒ?….
ඒකට කමක් නෑ එතකොට උසේන් බෝල්ට් දන්නවද?
උසේන් බෝල්ට් කවුද දන්නේ නැත්තේ?
100m,200m වල දෙතුන් වතාවක්ම රන් පදක්කම් දිනුවනේ
එයා ලෝක ශූරයෙක්,
මෝෆ්රාත් උසේන් බෝල්ට් වගේම ලෝක ශූරයෙක්
උසේන් බෝල්ට් රන්පදක්කම් දිනුව ඒ ඔලිම්පික් වලට දෙතුන් වතාවක්ම රන්පදක්කම් දිනුවා
ඒත් ඒ 100m,200mවලින් නෙවෙයි,
5000m,10,000mවලින්,
ඒත් කාටවත් මෝෆ්රා මතක නෑ,
100m වේගෙන් දුවපු උසේන් බෝල්ට් විතරයි මතක තියෙන්නෙ
වේගෙන් දුවන අය විතරක් මතක තියාගෙන ඉන්න මේ ලෝකේ

මමත් එහෙම කෙනෙක් වෙලායි ජීවත්වෙන්නෙ

එහෙම තමයි පටන් ගන්නේ රිෂි කුමාර්ගේ සංචාරය,පැය 2 යි විනාඩි 47ක් පුරාවට අපිත් එකතුවෙමු රිෂි කුමාර්ගේ සංචාරයට එහෙනම්

අද ඉතින් ගෙනාවේ කවුරුත් බලාගෙනම හිටපු චිත්‍රපටියක්..තෙලෙගු සිනමාවේ සුපිරි තරුව මහේෂ් බාබු ගේ Maharshi චිත්‍රපටිය තමයි අද ඔයාලට අරගෙන ආවේ,මහේෂ් බාබු ගේ චිත්‍රපටියක් කිව්වාම කවුද ඉතින් මගැරගන්නෙ නේද? බොලිවුඩ් වලට ශාරුක් නම්,තෙලෙගු සිනමාවට මහේෂ් බාබු තමයි,Maharshi  කියන්නෙත් මහේෂ් බාබුගේ සුපිරිම චිත්‍රපටියක් කියන්න පුලුවන්,කලින් මෙයාගෙ ආපු Dookudu,Spider,වගෙ මේකත් සුපිරිම චිත්‍රපටියක් උනා,Imdb අගයත් 7.9 වගේ ඉහලම අගයක් ලබා ගන්න මෙ චිත්‍රපටිය සමත් උනා.. දැන් අලුතෙන් එන ගොඩක්ම දෙමල චිත්‍රපටිවලට තේමාව වෙන්නේ ගොවිතැන සහ ගොවීන්.. ඉතින් ඒ තේමාවම වෙනස්ම විදියකට තෙලෙගු සිනමාවටත් Maharshi හරහා ගෙනහල්ලා තියෙනවා

කතාව ගැන කිව්වොත්,රිෂි කුමාර් කියන්නේ ලෝකෙ තියෙන ලොකුම සමාගමක් වෙන origin සමාගමේ  CEO.ඉතින් මෙයා මේකේ CEO සතුට්ට මෙයාගේ යාලුවෝ ඔක්කොම එකතුවෙල පාර්ටි එකක් දෙනව,ඒකෙදී තමයි අපිට රිෂීගේ අතීතේ දැනගන්න ලැබෙන්නෙ,එයාගේ කොලේජ් එකේ යාලුවෝ දෙන්නෙක් ඉන්නවා,Pooja (Pooja Hegde) සහ රවී (Allari Naresh).ඉතින් මෙහෙම ඉන්න කොට තමයි රිෂීට ඇමරිකාවෙ සමාගමකින් ඇරයුමක් ලැබෙන්නේ ඒකෙන් රිෂේගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න ගන්නවා. ඉතින් වැඩිය කතාව කියන්න යන්නෙ නෑ මොකද එහෙම කිව්වොත් ඉතින් වැඩක් නෑනේ,අනික ඉතින් මහේෂ් බාබුගේ චිත්‍රපටියක් කවුද නොබල ඉන්නේ. කොහොම හරි ඇමරිකාවෙ ඉන්න රිෂී ආපහු ඉන්දියාවට එන්නේ එක හේතුවක් නිසා,මොකද අද එයාට මේ ලැබිල තියෙන ඔක්කොම දේවල් ලැබිල තියෙන්නෙ එයාගේ යාලුවා නිසා,ඒ කොහොමද කියල චිත්‍රපටිය අරගෙනම බලන්නකෝ

මේ චිත්‍රපටියේ ගොඩක් ලස්සන සිංදු ටිකක් තියෙනවා,ඉතින් ඒවා අතෑරලා සිංහල උපැසිරැසිය දුන්නොත් අඩුවක් වෙයි වගේ දැනුනන නිසා ඒවගෙන් ගොඩක්ම සිංදුව වලට සිංහල උපැසිරැසි ලබා දීලා තියෙනවා. එහෙනම් ඉතින් ආරාධනා කරනව රිෂී කුමාර්ගේ සංචාරයට එකතු වෙන්න

සාර්ථකත්වයේ නැවතීමේ තිතක් නෑ
කොමාවක් විතරමයි තියෙන්නෙ
සාර්ථකතවය කියන්නෙ ගමනාන්තයක් නෙවෙයි

සාර්ථකත්වය කියන්නෙ සංචාරයක්

ආයෙත් හම්බවෙමු අලුත් චිත්‍රපටියකින්..

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD  පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram