today-is-a-good-day
More

    Mahira (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    කන්නඩ සිනමාව දැන් දැන් හොඳ නිර්මාණ බිහිවෙනවා කියන එක ඔබ හොඳින් දන්නා කාරණයක් නේ,කාන්තා චරිතයක් මූලික කරගත් චිත්‍රපට ගොන්නට අලුතෙන්ම එකතු වූ චිත්‍රපටයක් අරගෙනයි අද මං ආවේ.මේක Action,Thriller කියන කාණ්ඩයට වර්ගීකරණය වෙච්ච චිත්‍රපටයක්.මහේෂ් ගවුඩා විසින් තමයි කතාව රචනය වගේම අධ්‍යක්ෂණයත් කරලා තියෙන්නේ Jackfruit Productions බැනරය යටතේ විවේක් කොඩප්පා විසින් නිෂ්පාදනය කරලා තියෙනවා. මෙහි රංගනයෙන් බ්‍රසීලියානු ගායිකා Virgina Rodrigues සමගින් Chaitra Aachar ප්‍රධාන චරිත වලට එක් වෙනවා. සෙසු චරිත වලින් Balaji Manohar, GopalKrishna Deshpande, K P Sridhar, Babu Hirannaiah, Apoorva Soma Saakre, Shaukat Ali හා Dileep Raj යන අයව දැකගන්න පුලුවන්.

    කතාව පැත්තට හැරුනොත් මායා කියන්නෙ අවුරුදු ගානක් තිස්සේ මුහුදු වෙරළ ආසන්නයේ කැෆේ එකක් කරගෙන යන කෙනෙක්.එතකොට මෙයාගෙ දුව ආධ්‍යා නිකං කොල්ලෙක් වගේ.කාත් එක්ක හරි වලියක් දාගන්නමයි හිත.කොලේජ් එකේ කොල්ලොත් එක්ක හැමදාම මොකක්හරි වලියක් දාගන්නව මයි.හරියටම කියනවනම් රණ්ඩුවක් ඇල්ලුවේ නැත්නම් මෙයාට නින්ද යන්නෙ නෑ වගේ.දවසක් ඔන්න ඔහොම කොලේජ් එකේ කොල්ලෙක්ට හැමෝම ඉස්සරහා ආධ්‍යා ගහනවා.මේ හින්දා කොලේජ් එකේ විදුහල්පති ආධ්‍යාගෙ අම්ම වන මායා ව ගෙන්නලා දොස් කියනවා.අන්තිමෙදී විදුහල්පති තීරණය කරනවා ආධ්‍යාගෙ පන්ති තහනම් කරන්න. තමන්ගේ දුවට තියෙන ආදරේ නිසාම වගේම ඇගෙ අනාගතේට කැලැලක් ඇති නොවෙන්න ඇය විදුහල්පති ට පොරොන්දු වෙනවා ආපහු ඇය මේ වගෙ මුරණ්ඩු වැඩ නොකරන්න වග බලාගන්නම්,දුවගෙ පන්ති තහනම් කරන්න එපා කියලා.මේ පාරට විතරක් විදුහලපති සමාව දෙන්න එකග වෙන්නෙ ආපහු නම් මේ වගේ දෙයක් කරොත් කිය කිය ඉන්නෙ නෑ කියන පොරොන්දුව පිටයි.මායා තමන්ගේ දුවට කොච්චර ආදරේ කරත් මුරණ්ඩු ආධ්‍යා තමන්ගේ අම්මත් එක්කත් කොකුම තමයි දාගන්නෙ,අනික් දේ තමයි අම්මට කතා කරන්නෙත් නම කියලා.හිතාගන්නකෝ දුවගේ තරම.කොහොම වුනත් දුව අම්මට පණ ඇරල වගේම අම්මත් එහෙම්ම තමයි. ඔහොම ඉන්න අතර වාරායේ පොලීසියෙන් මායාගෙ කැෆේ එකට එනවා, ආපු කාරණෙ ඇහුවහම ඔවුන් කියන්නෙ මායාව අත් අඩංගුවට ගන්න ඕන කියලයි.. ඔතනින් තමයි ලස්සනට ගෙවීගෙන ආපු මායාගෙයි ආධ්‍යාගෙයි ජීවිතේ උඩු යටිකුරු වෙන්න පටන් ගන්නේ. ඒ වගේම මායා පස්සෙ පන්නන්නෙ පොලීසිය විතරක් මත් නෙවෙයි කියලා පස්සෙ දැනගන්න ලැබෙනවා. ඇත්තටම මායා කියන්නේ කවුද? ඇයව අත් අඩංගුවට ගන්න ආපු හේතුව මොකක්ද? මායා පස්සේ පන්නන මේ කණ්ඩායම් කවුද? චිත්‍රපටයට මේ නම ලැබුනේ කොහොමද? මේ අයගෙන් මායාගෙයි ඇයගෙ දුවගෙයි ජීවිතේ බේරගන්න පුලුවන් වෙයිද කියල දැනගන්න නම් ත්‍රාසය සමගින් ක්‍රියාදාම ජවනිකා පිරුණු මෙය නරඹන්න ආරාධනා කරනවා.

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB/HD පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” MAHIRA-2019-Sinhala.subtitle.rar – Downloaded 530 times – 37 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    නවීන් රන්දික පෙරේරා
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram