spot_img
spot_img

Mandela (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

අද අරන් ආවේ වැඩියෙන්ම කතාබාහට ලක්උන දමිළ නිර්මාණයක්… මේක බලන්නම වටින නිසා තමයි සිංහල උපසිරැසි ගන්වලා ඔයාලට අරන් ආවේ.. මොකද මේකේ තියන කතාව අපිටත් වැඩි අඩු වශයෙන් සම්බන්ධ නිසා… එක ඡන්දයකින් මොනාද කරන්න පුලුවන්… සමහර විට ඔබට ඔබගේ ඡන්දය දුන්නාත් නැතත් මොනා වෙනවාද කියලා හිතලා ඡන්දේ දවසේ ඡන්දේ දාන්න යන්නේ නැතුවත් ඉන්න ඇති. ඇත්තටම එක ඡන්දයකින් මොනාද කරන්න පුලුවන්…

මැන්ඩෙලා කියන්නේ නුගත් ගැමියෙක්. මෙයාට මැන්ඩේලා කියලා හැදුනුම්පත හම්බවෙන්න කලින් මොහු ඒ ගමේ හැමෝම තඔයකටවත් මායිම් නොකරන අහිංසකයෙක්. මෙයා ජීවත් වෙන්නේ සුරන්ගුඩි කියන ගමිමානයේ. මොහුගේ රස්සාව වශයෙන් කරන්නේ කරණවැමි රැකියාව. අඩුම තරමේ මැන්ඩෙලාට කරණවැමි රස්සාව කරන්නවත් හරි හමන් තැනක් නැතුව ලොකු ගහක් යට තමන්ගේ සැලුන් එක පවත්වාගෙන යන අසරණ කෙනෙක්. මැන්ඩෙලාගේ ජීවිතයම කණපිට හරවන්නේ මං කලින් කිව්ව එයාගේ හැඳුනුම්පත.කෙනෙක්ට හැදුනුම්පතක් තියනවා කියන්නේ එයාට ඡන්ද අයිතිය තියනවා කියලානේ.. කොහොම හරි මේ ගමේ ඡන්ද අපේක්ෂකයෝ දෙන්නෙක්ට මැන්ඩේලාගේ ඡන්දය උවමනාම වෙනවා…මෙචිචර වෙලා තඹයකට මායිමි නොකළ මැන්ඩෙලාගේ ජන්දය මේ ජන්ද අපේක්ෂකයන් දෙදෙනාට මෙතරමි වටින්නේ? අනික මේ ගමේ ඉන්න දුප්පත්ම කෙනාගේ නම මැන්ඩේලා වගේ නමක් උනේ කොහොමද? මේ එක ඡන්දය වෙනුවෙන් ඇයි මෙච්චර ගමේ ගැටුම් ඇති වෙන්නේ? ඒකට උත්තර මේ චිත්‍ර‍පටියේ තියනවා…ඔයාලට තියෙන්නේ දැන් චිත්‍ර‍පටිය අරන් නරඔන එක තමයි..

දමිළ සිනමාව තුළ විකට චරිතවලට වැඩි වශයෙන් රංඟනයෙන් දායක වෙන යෝගී බාබු තමා මෙහි ප්‍ර‍ධාන චරිතය නිරුපණය කරන්නේ.. යෝගි බාබු කියන්නේ විකට චරිත නොවේ ඕනිම චරිතයක් කරන්න පුලුවන් කෙනෙක් කියලා ඔහු කලින් රඟපාපු චිත්‍ර‍පටි කිහිපයකින්ම නිරුපණය කලා. Madonne Ashwin ගේ රචනයෙන් හා අධ්‍යක්ෂණයෙන් හැඩවු මේ අපුරු සිනමා සිත්තම මඟහැරගන්න නම් එපා.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති ප්‍රොපර් වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

Download “Mandela (2021) සිංහල උපසිරැසි” Mandela.(2021).Sinhala.Subtitle.rar – Downloaded 4329 times – 1,024 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

දිනිත් සන්දිප
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

5 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

Leave a Reply to Arawinda Sunimal Cancel reply

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram