spot_img

Meander (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

අද ඔන්න Survival Type එකේ ෆිල්ම් එකක් අරගෙන ආවා. මේක Horror,Sci-Fi ගණයට වැටෙන ප්‍රංශ චිත්‍රපටයක්. Mathieu Turi විසින් තමයි අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ. රංගනයෙන් අතිශය ජනප්‍රිය රූපවාහිනි කතාමාලාවක් වන වයිකින්ස් හි රංගනයෙන් එක් වූ Gaia Weiss හා Peter Franzén යන අය එකතු වෙනවා. මෙහි ධාවන කාලය ආසන්නව විනාඩි 90ක්.

මෙම චිත්‍රපටය සම්මාන උළෙලවල් ගණනාවක දී හොඳම චිත්‍රපටය, හොඳම නිළිය, හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානද ඇතුලත්ව සම්මාන 11 ක් දිනාගනිමින් නිර්දේශ වීම් 50 ක් ලබාගෙන තිබීම විශේෂත්වයක්.

කතාව පැත්තට හැරුණොත් ලීසා නමැත්තියක් මහ පාරේ වැතිරිලා ඉන්නවා නිකං යන එන මං නැතුව අතරමං වෙලා වගේ. ඔතනින් එන වාහනෙකින් ලීසව මගින් බස්සන්න යන්නම් කියලා උදව් කරන්න ඉදිරිපත් වෙනවා. ලීසාත් ඒ උදව්ව පිලි අරන් මඟක් දුර යද්දී යම් සිදුවීමක් හින්දා ලීසට සිහිය නැතිවෙනවා. ලීසා සිහිය එනකොට ඇය ඉන්නෙ කෙලවරක් නොපෙනන ටියුබ් එකක් වගේ තැනක. හැබැයි මේ ටියුබ් එක එසේ මෙසේ එකක් නෙවෙයි අඟලින් අඟල මාරක උගුල් වලින් පිරිලා තියෙන එකක්. ලීසා මෙතනට ආවේ කොහොමද ? ලීසට මේ  මාරක උගුල් වලින් බේරිලා මෙතනින් පැනගන්න පුලුවන් වෙයිද කියලා අරගෙනම බලන්න. එහෙනම් මම ගියා, ඔබට සුභ දවසක්!

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

නවීන් රන්දික පෙරේරා
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram