spot_img
spot_img

Miracle Letters to the President (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

මම සූම් ටීම් එකට එකතු වෙලා අදට වසර දෙකක් සපිරීම නිමෙත්තෙන් ඔන්න මං ඔයාලට තවත් ගොඩක් හොද චිත්‍රපටයකට උපසිරැසියක් අරගෙනයි ආවේ. වෙනද වගේ ඉන්දියන් එකක් නම් නෙවෙයි. මේක කොරියානු චිත්‍රපටයක්.

Drama / Romance ඝණයට අයත් වෙන මේ චිත්‍රපටයට IMDb 7.4 තරම් ඉහළ අගයක් ලැබිලා තියෙනවා. Park Jeong-min, Lee Soo-kyung සහ සුරූපී Im Yoon-ah මේ චිත්‍රපටයට රංඟනයෙන් දායක වෙනවා.

ගමට දුම්රිය ස්ටේශන් එකක් සැදීමට සිහින දකින ඉගෙනීම දක්ෂ පිරිමි ළමයෙකුගේ කථාවක් තමයි මේක. තමන්ගෙ අක්කා ඇතුළු සියළු ගම් වාසීන්ට උදව් කිරීම තමයි මොහුගේ අරමුණ. ඉතිං මොහු ලියුම් බොහෝ ප්‍රමාණයක් ජනාධිපතිතුමන් වෙත යවන්නේ ගමට ස්ටේශන් එකක් ඉදිකරවා දෙන ලෙසට ඉල්ලමින්. නමුත් ජනපතිගෙන් ඉන් එක ලියමනකටවත් පිළිතුරක් නම් ලැබුනේ නෑ.

ඔහොම කාලෙ ගතවෙනකොට මොහු කෝලේජ් එකකට යනවා. එහිදි සල්ලිකාර ගැහැණූ ළමයෙක් මුණගැහෙනවා. ඉතිං ඇයට මොහු ගැන ක්‍රෂ් එකක් තියෙනවා. ඇයගේ උදව් සහිතව යළිත් ජනාධිපතිතුමන්ව මුණ ගැසීමට උත්සහ කරනවා. සිය සහෝදරිය සමග ගෙයක වාසය කරන මොහුගේ එකම පැතුම ස්ටේශන් එකක් ඉදි කිරීමයි. ඇයි මොහුට කුඩා කල සිටම ස්ටේශන් එකක් හදන්න උවමනාව කියලා ඔයාලට දැනගන්න නම් මේක බලන්නම වෙනවා. ඒවගේම ටිකක් විතර සංවේදී චිත්‍රපටයක් මේක. එහෙනම් හැමෝටම බලන්න කියලා ආරාධනා කරනවා. මල් කථාවක් නම් නෙවෙයි.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

Download “Miracle Letters to the President (2021) සිංහල උපසිරැසි” Miracle.Letters.to.the.President.(2021).Sinhala.Subtitle.rar – Downloaded 1805 times – 728 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

 

අශේන් කවිඳු
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

7 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    Request:
    House of Gucci (2021)
    Nightmare Alley (2021)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram