More

    Mona Darling (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    2017 දි තිරඟත වු හින්දි හොරර් ත්‍රිලර් වර්ඟිකරණයට අයත් චිත්‍ර‍පටියක් තමයි මේ අරන් ආවේ. මෙහි රඟපාන නළු නිලියන් නම් ඔබට ආධුනික වෙන්න විදියක් නැහැ මං කලින් දිලා තියන මෙවැනිම හින්දි චිත්‍ර‍පටි බලලා තියනවා නම්…

    කෙලින්ම කතාවට බහින්නම්… මෝනා කියන්නේ ටිකක් දඟකාර කටකාර යුවතියක්. ඇයගේ පෙම්වතා තමයි ක්‍රිස් කියන්නේ. මෝනා හා ක්‍රිස් දිනක් ආදරයෙන් මුසපත් වෙලා… වැඩේ කරන්න යද්දිම මෝනා දකිනවා ක්‍රිස් රහසිගතව ඒ ටික විඩියෝ කරන්න හදනවා කියලා. මේකට මෝනාට යකා නගිනවා. ක්‍රිස්ට හොදටම බැනලා හොද කම්මුල්පාරකුත් දිලාම තමයි මෝනා එන්නේ. ක්‍රිස් පහුවදාම ඇවිල්ලා මෝනාගෙන් සමාවගන්න හැදුවාත් ඒ කරන්න ගිය දේට ක්‍රිස්ට ඇය සමාව දෙන්නේ නැහැ. ක්‍රිස් හිතාගන්නවා ඇයගෙන් පලිගන්න. ඒකට ඔහු කරන්නේ මෝනාගේ ෆේස්බුක් එකවුන්ට් එක හැක් කරලා..එහි නම මෝනා ඩාර්ලිං කියලා වෙනස් කරලා ඇයගේ අඩ නිරුවත් හා නිරුවත් පින්තුර එකතු කරන එක. මේ කිසිම දෙයක් ඇය දැනගන්නේ නැහැ. පහුවදා කැම්පස් ගියාම තමයි දැනගන්නේ තමන්ට මේ වගේ දෙයක් කරලා කියලා. ඇයට කරගන්න දෙයක් නැති වෙනවා. හැමෝම ඉස්සරහා ඇය ලැජ්ජාවට පත්වෙනවා. කාලය මේ විදියට ගෙවි යනවා… අවුරුද්දකට පස්සේ… එක පාරටම තරුණයෝ හතර දෙනෙක් මිය යනවා. ඒ මිය ගිය හතර දෙනා අතර අර මෝනාගේ ෆේක් එකවුන්ට් එක හදලා ඇයව ලැජ්ජාවට පත් කරපු ක්‍රිසුත් අයත්. ඔහුයි ඔහුගේ යාළුවෝ හතර දෙනෙක් තමයි මේ විදියට මැරුම් කන්නේ. මේ මිනිමැරුම් කොහොම උනාද කියලා හොයාගන්න බැරි වෙනවා…. හැබැයි මේ අතර අරුම පුදුම සිදුවිමක් වෙනවා… අවුරුද්දකට කලින් අර සිදුවිමෙන් අක්‍රිය කරපු මෝනා ඩාර්ලිං ෆේස් බුක් ප්‍රොෆයිල් එක සක්‍රිය වෙලා… එකෙන් හැමෝටම රික්වෙස්ට් යවලා… හැබැයි නිකමට හරි ඒ රික්වෙස්ට් එක ඇක්සෙප්ට් කලොත් ඒ කෙනා මිය ගිහින් තමයි නතර වෙන්නේ….. ඇත්තටම මේ දේවල් කරන්නේ කවුද? මෝනා සියදිවි නසාගෙන ඇය හොල්මනක් වෙලාද? නැත්නම් මෝනාගේ නම පාවිච්චි කරලා කවුරුන් හෝ ලොකු අපරාධයක් කරනවාද? එහෙනම් ඒ කොහොමද? සේරම විසදගන්න වෙන්නේ චිත්‍ර‍පටිය බලලා තමයි…

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ

     

    Download “Mona Darling (2017) සිංහල උපසිරැසි” Mona.Darling.(2017).Sinhala.Subtitle.rar – Downloaded 142 times – 24 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    දර්ශණ නිශාන්ත පීරිස්
    + posts

    Founder & Owner - Zoom.Lk
    SRI LANKAN 🇱🇰 කෝට්ටේ 🏡
    Traveler 🚶Train Lover 🚂
    emotional eater 🍝️🥪
    MI Fan 📱MI 9T PRO user

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram