today-is-a-good-day
More

    Mookuthi Amman (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    මේ චිත්‍රපටය Fantasy Comedy වර්ගයේ දමිළ චිත්‍රපටයක්. RJ Balaji තමයි මෙහි තිර රචනය අධ්‍යක්ෂනය වගේම රඟපෑම යන සියල්ලම කරන්නෙ. ඇත්තටම RJ Balaji කියන්නෙ කට නිසා ගොඩ ගියපු දක්ශයෙක්.😂 ඔහු දක්ශ ගුවන් විදුලි නිවේදකයෙක් වගේම ඉතාමත් හොඳ රංගන ශිල්පියෙක්. ඒත් දැන් ඔහු හොඳ අධ්‍යක්ෂක වරයෙක්ද වනව.👌 බලන්න ඔහුගෙ දියුණුව, මුලින්ම හොඳ Radio Jockey කෙනෙක් විදිය මිනිස්සු අතරට ඇවිල්ල පස්සෙ චිත්‍රපටි වල Cameo වලින් පෙනී ඉඳල ඊලගට වීරයත් එක්ක හාස්‍යජනක සහය චරිත වලින් ඉඳල අන්තිමට චිත්‍රපටයක ප්‍රධාන චරිතයත් කරා. ඒ තමයි LKG කියන දේශපාලනය විහිළුවකට අරගෙන නිර්මාණය චිත්‍රපටය. ඒ චිත්‍රපටය තුලින් දේශපාලනය පිළිබඳව මිනිසුන්ට හොඳ පණිවිඩයක් ලබා දුන්න වගේම දේශපාලකයන්ට ටොක්කකුත් ඇන්න.😂 ඉතින් එය හොඳ සාර්ථක චිත්‍රපටයක් බවට පත්වුනාට පසුව තමයි මේ විදියට ඒ වගේම තවත් මිනිස්සු අන්දන පාර්ශව වලට ටොක්කක් අනින්න බලාගෙන Mookuthi Amman කියන චිත්‍රපටය ඔහු විසින් නිර්මාණය කරන්නෙ.

    ඉතින් ඔබ දන්නවනෙ ඉන්දියාව කියන්නෙ නළුවොත් දේවත්වයෙන් සලකන රටක්කියල, මේ ඉන්දියාව තුල විවිධාකාරයේ දෙවියන් සහ ආගම් රාශියක් තිබෙනව, දෙවිවරු මුල්කරගෙන සල්ලි හම්බකරන අයටත් මාරම තැනක් තමයි ඉන්දියාවෙ තියෙන්නෙ. දකුණු ඉන්දියාවෙ බැලුවොත් කෝවිලක ඉදන් හුවක් ඇහෙන දුරින් තවත් කොවිල් දෙක තුනක් වටේටම තියෙනව. ඉතින් දෙවියන් මුල්කරගෙන ඉතාමත් සාර්ථක ලෙස ව්‍යාපාර සිදුකරන රටක් තමයි ඉන්දියාව කියන්නෙ.😂 ඒ නිසාම මේ දෙවියො ගාවගෙන කරන කූට ව්‍යාපාර වලට රැවටිල අමාරුවෙ වැටෙන මිනිස්සුත් විශාල සංඛ්‍යාවක් ඉන්දියාව තුල ඉන්නව. මේ වගේ අසරණ මිනිසුන්ට ආරක්ෂාවීමට සහ ඔවුන්ගේ ජීවිත වලට සාර්ථකත්වය උදාකර දීම සඳහාම තමයි RJ Balaji විසින් මේ චිත්‍රපටය නිර්මාණය කරල තියෙන්නෙ.

    දෙවියන් පිළිබඳව තදින්ම විශ්වාස කරන බැතිමතුන් සහ දෙවියන් පදනම්කරගෙන කූට ව්‍යාපාර කරන අයගෙන් නම් මේ චිත්‍රපටයට ලොකු විරෝධයක් එල්ලවෙන්න ඇති.😂 කොහොමහරි මේක Comedy චිත්‍රපටයක් නේ, මීට කලිනුත් දමිළ සහ හින්දි සිනමාව තුලින් මේ වගේ දෙවියන් පදනම්කරගෙන Comedy චිත්‍රපටි නිර්මාණය වුනා වගේම ඒ චිත්‍රපටි වලටත් හොඳ ප්‍රතිචාර තිබුන. ඉතින් මේ චිත්‍රපටය තුල RJ Balaji සමගින් ප්‍රධාන චරිත කරන්නෙ Lady Superstar Nayanthara විසිනුයි. ඊට අමතරව Soorarai Pottru චිත්‍රපටයෙ ඉතාමත් දක්ශ රංගනයක නියැලුනු Urvashi කියන නිළිය සමගින් Smruthi Venkat, Madhu Mailankody, Moulee, Ajay Ghosh වගේ නළු නිළියන් මෙහි රංගනයෙන් එකතුවී තිබෙනව. වැඩි විස්තර නොමැතිව මෙහි කතාව ගැන කෙටියෙන් කිව්වොත්.

    RJ Balaji විසින් සිදුකරන්නෙ Engels Ramasamy කියන ග්‍රාමීය තොරතුරු වාර්තාකරණයන් සිදුකරන මාධ්‍යවේදියෙක් ගෙ චරිතයක්. ඔහුගෙ පවුලෙ අම්ම ඇතුලුව නංගිල තුන්දෙනෙක් සිටිනව. තාත්ත ඔවුන්ව කුඩා කලදිම දාල ගිහිල්ල. ඔහුගෙ අම්ම ඉතාමත් තදබල දේව භක්තිකයෙක්. ඉතින් මේ Ramasamy විවාහ වෙන වයසෙ හිටියට කිසිම විවාහ යෝජනාවක් ඔහුට හරියන්නෙත් නෑ. පවුලේ සියලු බර කරට අරගෙන ප්‍රශ්න මැද ජීවිතය ඉදිරියට ගෙනියන්න උත්සහ කරන Ramasamy එක දවසක් තමන්ගෙ පවුල එක්කම යනව ඔවුන්ගෙ කුල දෙවියන් වන Mookuthi Amman දෙවියන් වදින්නට පරණ දේවාලයකට. මේ දේවාලෙ සුද්ද පවිත්‍ර කරල දෙවියන්ට පුජා පවත්වල Ramasamy තමන්ගෙ ප්‍රශ්න ගැන හදවතින්ම දෙවියන්ට කියනව. ඉතින් එදා රෑම දෙවියන් මොහුගෙ ප්‍රශ්නයට සවන්දීල දෙවියන් මොහු ඉදිරියේ පෙනීසිටිනව. ඉතින් දෙවියන් විදියට ඉතාමත් ලස්සනට සැරසිලා ඉන්නෙ Nayanthara.😁 ඉතින් මේ දෙවියො Ramasamy ත් එක්ක කතා කරල ඔහුට පෙඩි ලණුවකුත් කන්න දීල ඒකෙන් වෙනම ආතල් එහෙකුත් අරගෙන පස්සෙ ඔහුට දෙවියන් වෙනුවෙන් කරන්න වැඩක් දෙනව. ඒ තමයි දෙවියන්ගෙ කෝවිල දවස් 48 ඇතුලත තිරුපති කෝවිල වගේ ජනප්‍රිය කෝවිලක් කරන එක. ඉතින් මේ වැඩේ Ramasamy ට භාරගන්නම වෙනව තමන්ගෙ පවුලෙ සුභසිද්ධිය උදෙසා. ඉතින් චිත්‍රපටයෙහි හොඳම ටික ආරම්භ වෙන්නෙ ඔය සිදුවීමෙන් අනතුරුවයි. කතාව ඉදිරියට යද්දි මින්ස්සු කොවිල් වලට යන්නෙ මොනවගේ හේතූන් නිසාද? මිනිස්සුගෙ හිත් වල දෙවියන් ගැන තියෙන්නෙ මොනවගේ භක්තියක්ද? වගේ මිනිසුන්ටම ලැජ්ජ වෙන විදියට හුගක් සත්‍ය දේවල් පිළිබඳව මේ චිත්‍රපටය තුලින් පෙන්වා දෙනව. ඊට අමතරව මේ චිත්‍රපටය තුලින් පහර ගහන්නට ලොකුවට ඉලක්ක කරල තියෙන්නෙ දෙවියන් මුවා කරගෙන මහා ව්‍යාපාර සිදුකරන අය. ඒ කියන්නෙ ඒ කියන්නෙ දෙවියන් සහ මිනිසුන් අතර මැද සිටගෙන මිනිසුන්ගෙ දුක් ගැටලු සහ බලාපොරොත්තු වගේ දේවල් දෙවියන්ට යවන මුවාවෙන් මිනිසුන් රවටල මුදල් කොල්ලකන පූජකයින් වැනි පිරිස්. විවිධ ආගම් වල ප්‍රධානියන් ලෙස කටයුතු කරන ඔවුන් ඒ ආගම් වල තිබෙන ප්‍රධාන පොත් පත් වල තිබෙන දේවල් පවා වෙනස් කර ඒවාට විකෘති අර්ථයන් දී ඔවුන්ට මුදල් උපයාගැනීමට පහසු පරිදි ඒවා භවිතා කරන අයුරු මේ චිත්‍රපටය තුල හාස්‍යජනක සිදුවීම් හරහා පෙන්නුම් කරනව. ඒ වගේම මෙහි Climax එකේ Nayanthara සුපිරි කතාවක් කරනව දෙවියන් මුල්කරගෙන බ්‍රෝකර් වැඩ කරන පුද්ගලයන්ගෙ රෙදි ගැලවෙන්න. ඉතින් මේ චිත්‍රපටය තුලින් අන්තිමට දෙන පණිවිඩය තමයි බැරි වෙලාවත් දෙවියන් විසින් ඔබේ බලාපොරොත්තු සහ ආශාවන් ඉටු කරොත්, ඔබට එක් බලාපොරොත්තුවක් ඉටු කරගෙන සෑහීමකට පත්වන්නට නොහැකිවේවි. ඔබට දහසක් ආශාවන් සහ බලාපොරොත්තු ඇති වේවි. ඔබගේ ආශාවන් සහ බලාපොරොත්තු වලට කෙලෙවරක් නැති වේවි. ඒ වගේම දෙවියන් හොයාගෙන දුවල වංචාකාරයන්ට අහුවෙලා මුදල් සහ දෙවියන් පිලිබදව ඇති විශ්වාස නැති කරගන්න එපා කියන එක! දෙවියන් සිටින්නෙ ඔබ තුලමයි. ඔබ ගැන විශ්වාස කරල ධෛර්යයෙන් යුතුව වැඩකරොත් ප්‍රශ්න ගැටලු වලට විසඳුම් සොයාගෙන ඔබගේ ජීවිතය සාර්ථක කරගන්න ඔබටම පුලුවන් වේවි. ඔබ තුල සිටින දෙවියන් ගැන විශ්වාසය තබාගන්න! අන්තිමට මේ චිත්‍රපටය ගැන කියන්න තියෙන්නෙ මෙහි හාස්‍යජනක සිදුවීම් සහ දෙබස් කතාව නළු නිළියන්ගෙ රංගනය සමබරව තිබුන.👌 මේක ඇත්තටම සාර්ථක නිර්මාණයක්.

    භාරතීය තෙලිඟු සිනමාව- Tollywood Cinema වෙනුවෙන් Sasith Sudarshana පල කරපු ලිපියකි…

    ඒවගෙම මතක් කරන්න ඕනි,මාත් එක්ක තිසර අයියා තමයි මේ චිත්‍රපටියට උපැසිරැසි ගන්වන්න එකතු උනේ,ඉතින් තිසර අයියටත් ස්තූති කරන ගමන් ආයෙත් උපැසිරසියක් අරගෙන එන පොරොන්දුවෙන් අදට සමුගන්නවා…

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB පිටපත් සදහා ගැලපේ
    • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

     

    Download “Mookuthi Amman (2020) සිංහල උපසිරැසි” Mookuthi.Amman.(2020).Sinhala.Subtitle.rar – Downloaded 6990 times – 59 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    තිසර දර්ශන විතාන
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    7 COMMENTS

    1. සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
      මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ලස්සනයි වගේ හිතෙනවා.

    2. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

    Leave a Reply to gayan Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram