today-is-a-good-day
More

    Mortal Kombat (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් රාත්‍රී කාලයේ පැවති විදුලි කප්පාදුවක් හින්දා උපසිරැසිය අරන් එන්න පැය කිහිපයක පමාවක් සිදුවුනා.ඔන්න කොහොමහරි අද උදේ (23.04.21 )නිකුත් වෙච්ච Mortal Kombat චිත්‍රපටයේ උපසිරැසි අරගෙන මං ආවා.

    අතිශය ජනප්‍රිය Video Game Franchise එකකින් වගේම Animation Movie Franchise එකක් විදියට ‘Mortal Kombat’ හඳුන්වන්න පුළුවන්. ‘Mortal Kombat’ වැඩි වශයෙන්ම පරිඝණක ක්‍රීඩාවක් විදිහට ජනප්‍රිය වුනේ මේකේ තියන දරුණු ගතිය නිසාමත්, අන්තර්ගත සටන් ජවනිකා ගොඩක් ආකර්ෂණීය ලෙස හදලා තිබ්බ නිසාමයි. මේකෙ මීට කලිනුත් Live Action ෆිල්ම් දෙකක් නිකුත් වුනා Mortal Kombat නමින්. පලමුවැන්න 1995 වසරේදීත්, එහි සාර්තකත්වය නිසා දෙවැන්නක් ලෙස 1997 වසරේ දී නිකුත් වුනා. ‘Mortal Kombat : Anhiliation’ කියන චිත්‍රපටය එතරම් සාර්තක වුනේ නම් නැහැ. බොහෝ කාලයකට පස්සෙයි Mortal Kombat Reboot එකක් විදියට අලුත් ලයිව් ඇක්ෂන් ෆිල්ම් එකක් නිකුත් වෙන්නෙ. Action, Adventure, Fantasy ගනයට අයත් මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂක වන Simon McQuoid ගෙ කුළුදුල් සිනමා අධ්‍යක්ෂනය වන්නෙද මේ චිත්‍රපටයයි. Greg Russo සහ Dave Callaham අතින් මෙහි තිර රචනය සිදුවී තිබෙනවා. මෙයට රංගනයෙන් Lewis Tan, Jessica McNamee, Josh Lawson, Tadanobu Asano, Mehcad Brooks, Ludi Lin, Chin Han, Joe Taslim, and Hiroyuki Sanada යන නළු නිලියන් දායක වනවා.ඒවගේම ඔයාල ජනප්‍රිය ක්‍රියාදාම රූපවාහිනි කතාමාලවන් වන Warrior,Into the Badlands බලල තියෙනවනම් එහි චරිතවලින් ඔබ හමුවට ආ Joe Taslim හා Lewis Tan ඔයාලට නුපුරුදු චරිත වෙන්න විදිහක් ඇත්තෙ නෑ.

    කතාව පැත්තට හැරුනොත් 17 වන සියවසේ ජපානේදී,බිහාන් මූලිකත්වය හොබවන ලින් කුයි ඝාතකයන් ෂිරායි රියූ නම් නින්ජා ගෝත්‍රයකට පහර දීලා එහි පිරිස හා එහි මුලසන හොබවන හන්සෝ හෂාෂිගේ ළමයා හා බිරිද මරා දමනවා.අවසානයෙදී බිහාන් හමුවේ හන්සෝ හෂාෂිට ද ජීවිතය පුද කරන්න සිදුවෙනවා.

    වර්ථමානයේ කතාවට අවොත්,අවුට් වර්ල්ඩ් රාජ්‍ය විසින් (පෘථිවියෙන් පිටත රාජ්‍ය),පෘථිවි රාජ්‍ය නව වරක් එක පිට පරාජය ට පත් කරලා තියෙනවා මෝර්ටල් කොම්බැට් නම් මරණීය තෙක් සටන් වදින තරගාවලියකින්.ඔවුන්ට තව එක් ජයග්‍රහණයක් විතරයි ලබාගන්න තියෙන්නෙ පෘථිවි රාජ්‍යයේ බලය අත්පත් කරගැනීමට.කෙසේ හෝ පුරාතන අනාවැකියක කියවෙනවා හන්සෝ හෂාෂිගේ රුධිරයෙන් පැවත එන්නෙක් පෘථිවි ශූරයන් එක්කාසු කර අවුට්වර්ල්ඩ් රාජ්‍යයය පෘථිවි රාජ්‍යයේ බලය අත්පත් කරගැනීම වලක්වන ලෙසට.මේ නිසා දහවන තරගාවලියට පෙර පෘථිවි රාජ්‍යයෙ සලකුණු කල ශූරයන් මරා දැමීමට අවුට් වර්ල්ඩ් රාජ්‍යයෙන් ශූරයන් එවනවා.මේ අතර කෝල් යංග් කියන්නෙ හිටපු බොක්සින් ශූරයෙක්,ඔහුගේ ජීවිතය උඩු යටි කුරු වෙන්නෙ කෙනෙක් ඔහු සොයා පැමිණීමෙන් පසුවයි.තනිකරම නොනවතින ක්‍රියාදාම (Non Stop Action) සහිත චිත්‍රපටයක් කිව්වොත් නිවැරදියි.ඒවගේම කියන්න ඕන දරුනු සටන් දර්ශන සමහර තැන්වලදි බලාගන්න ලැබෙන නිසා මේක R+ ගනයට අයත් වෙනවා කියලත් මතක් කරන්නම්. ඇස් තිරයෙන් අහකට ගන්න නොහිතෙන මට්ටමේ සුපිරි ඇක්ෂන් සීන් බලාගන්න ආසනම් අනිවාරෙන්ම මේ චිත්‍රපටය නරබන්න ඔබට ආරාධනා කරනවා.එහෙනම් මම ගියා.ඔබට සුභ දවසක්!

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති බ්ලුරේ හා වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Mortal Kombat (2021) සිංහල උපසිරැසි” Mortal.Kombat.(2021).Sinhala.Subtitle.rar – Downloaded 16422 times – 653 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    නවීන් රන්දික පෙරේරා
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    15 COMMENTS

    1. උපසිරැසියට බොහොම ස්තූතියි!! 😊❤️
      ජය වේවා!! 😍<3

    2. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

    3. බොහෝම ස්තුතියි මේක දෙනකම් ගොඩාක් අසාවෙන් බලාගෙන හිට්යේ . කියන්න වචන නැහැ අපි වෙනුවෙන් මේ කරන උතුම් වූ ඉතා වටිනා සේවයට ගොඩාක් පිං කියලා කියන්න ඕනේ .

    4. ඔබලාගේ කැපවේමෙන් අප සියලු දෙනා චිත්‍රපටය නරබමින් එය තේරුම් ගැනිමට අවකාශ සැලසීමෙන් මෙ කරන්නාවු මෙහෙය ඉතා අගය කොට සලකමි.ඔබ සියලු දෙනාටම මෙය තවදුරටත් කරගෙන යැමට හැකි වේවා ප්‍රර්තනා කරමි.ඔබ සැමට බොහො ස්තූති

    Leave a Reply to mendis Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram