today-is-a-good-day
More

    Most Eligible Bachelor (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Bommarillu Bhaskar ගේ අධ්‍යක්ෂණයෙන් සහ තිරපිටපතකින් හැඩගැන්වුනු, Akhil Akkineni සහ Pooja Hegde යන යුවල රංඟනයෙන් දායක වුනු, most eligible bachelor නැත්නම් “වඩාත් යෝග්‍යතම තණිකඩයා” කියන රොම්-කොම් ඝණයට අයත් තෙළුගු චිත්‍රපටියට තමයි මෙලෙසින් සිංහල උපසිරැසි අරගෙන එන්නේ.

    හර්ෂා කියන්නේ ඇමෙරිකාවෙ රස්සාවක් කරන කොල්ලෙක්, මොහු ඉන්දියාටව එන්නේ දින 20කට කසාද 20කුත් බලල, ඒ අයගෙන් TOP 10 තෝරලා ඒ 10න් TOP 01 සිලෙක්ට් කරලා, කසාද බදිනවා කියලා හිතන්. ඉතිං මෙහෙම කසාද බල බල යනකොට, ඒ අතරින් එක කෙල්ලෙක් තමයි විභා කියන්නේ. අපෙ ප්‍රධාන නිළිය. ඉතිං මෙයාගෙ හඳහන නම් , හර්ෂාට ගැලපෙන්නෙ නෑ කියලා රිජෙක්ට් කරලා තියෙන්නේ. ඒ වුනාට හර්ෂට හිත යන්නෙ විභාට. විභා කියන්නෙ මිත්‍රශීලී වුනාට, එහෙම ලේසියෙන් ආදරේක පැටලෙන කෙනෙක් නම් නෙවෙයි. මොකද එයාට තියෙනවා එයා බලාපොරොත්තු වෙන විදියක්… ඉතිං අපි හැමෝම ටීසර් එකේ ඉදන් දැක්ක පරිදි විභාගෙ ප්‍රධානම ප්‍රශ්නේ වෙන්නේ….

    “what do you expect from your marrage life? ” කියන එක තමයි. ඉතිං හර්ෂාත් එක එක උත්තර දෙනවා.. ඒ එකක්වත් ගැලපෙන්නෙ නම් නැහැ. පස්සෙ විභා කියනවා.”ටිකක් නරක (wild) විදියට හිතන්න, ඩාර්ලින්ග්” කියලා… කොහොම හිතුවත් හර්ෂා කියන එකක්වත් හරියන්නෙ නෑ.. ඉතිං හර්ෂා කසාද බලන්න යන හැම කෙල්ලගෙන්ම මේ ප්‍රශ්නෙම අහලා, වයිල්ඩ් විදියටත් හිතන්න කියනවා වගේම හෙන පටලැවිලි ඇති කරගන්නවා.

    ඔයාල කැමති ඉර පායනවටද, බැහල යනවටද? අපෙ විභානම් ඉර බැහැල යනවටලු ආස. ඒ ඇයි ඇහුවම.. ඊට පස්සෙලු රාත්‍රිය එන්නේ… කොල්ලයි කෙල්ලයි අතරෙ කථාව රසවත්ව තියෙන්න නම්, පොඩි නරක හිතක් තියෙන්න ඕනේලු. ඔයාල මොකද හිතන්නේ? Do you have a dirty mind?

    එහෙනම් ඔයාලම මේ ප්‍රශ්ණ වලට උත්තර හොයාගන්නකො.. ෆිල්ම් එක විනෝදාස්වාදෙන් බලන්න පුළුවන්.. අවසානේ හිතපු නැති දෙයක් තියෙනවා. හනේ පූම්ජා. සුපුරුදු පරිදි ගීත සියල්ලම උපසිරැසි ගන්වලා තියෙන්නේ. එහෙනම් අපි ගියා. මතක ඇතිව.. ටිකක් වයිල්ඩ් විදියට හිතන්න.

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Most Eligible Bachelor (2021) සිංහල උපසිරැසි” Most.Eligible.Bachelor.(2021).Sinhala.subtitle.rar – Downloaded 8408 times – 2 MB

     

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

    අශේන් කවිඳු
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    10 COMMENTS

    1. මුලින්ම දිලා තියෙන්නේ ඔයාලා. තැන්ක්ස් සබ් එකට.

    2. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

    3. ස්තුතියි උපසිරැසියට ජයවේවා තෙරැවන් සරණයි (අශෙන් කවිදු)

    Leave a Reply to Ratta Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram