spot_img

Motta Shiva Ketta Shiva (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ගිය මාසේ පුරාවටම කිහිපදෙනෙක්ම උපසිරැසි දෙන්න කියලා ඉල්ලීම් කරපු චිත්‍රපටයක් එක්ක තමයි අද ආවේ.මේ චිත්‍රපටය බලන්න වුනේ නම් මේ ලගකදී.හොඳයි කියලා හිතුණු නිසා ඔන්න අරන් ආවා.අන්තර්ජාලයට නිකුත් වෙලා තිබ්බෙ HC පිටපතක් නිසා කාල රාමු හදාගෙන තමයි මේක අරගෙන ආවේ.මෙහි සුපිරි නලුවෙක් වන Raghava Lawrence සමගින් Sathyaraj හා සුරූපි නිළි Nikki Galrani හා දුෂ්ටයාගේ චරිතය සඳහා පිට පිට වසර දෙකකදීම හොඳම දුෂ්ට රංගනයට සම්මානයෙන් පිදුම් ලැබූ Ashutosh Rana එකතු වී තිබෙනවා.එතකොට මේකේ නම තමයි Motta Shiva Ketta Shiva .මෙය Sai Ramani ගේ අධ්‍යක්ෂණයෙනුත් R. B. Choudary ගේ නිෂ්පාදනයෙන් හා Amresh Ganesh ගේ සංගීතයෙන් හැඩ වී තිබෙනවා.වීරයා තිරයට පිවිසෙන පසුබිම් සංගීතය නම් හරිම සිත්ගන්නා සුළුයි.

කතාව පැත්තට හැරුනොත් GK (Ashutosh Rana) කියන්නෙ ප්‍රබල දේශපාලනඥයෙක්. ඔහුගේ නීති විරෝධි වැඩවලට බාධාවක් වෙන කිසිවෙකු හට යහතින් නම් ඉන්න වෙන්නෙ නෑ.ඒ වගේම ඔහු පොලීසියට වෛර කරන කෙනෙක්.ඔහුගේ ක්‍රියාකලාපය නිසාම පොලිස් කමිශ්නර් කෙනෙක් වන කිරුබාකරන් (Sathyaraj) ඔහු හා හැප්පෙන්නට සිද්ද වෙනවා.කිරුබාකරන් මොන දේ කලත් දේශපාලනය බලය පාවිච්චි කරලා GK හැමවේලේම බේරෙනවා.ස්ථාන මාරුවක් මගින් චෙන්නායි නගරයට ශිවකුමාර් (Raghava Lawrence ) නම් පොලිස් කාරයෙක් එනවා.මොහු දූෂිත නිලදාරියෙක් මෙන්ම GK හට කඩේත් යනවා.ඒත් එක් නොසිතූ විරූ මොහොතකදී වන යම් සිදුවීමක් නිසා ශිවාකුමාර්,GK හා ගැටෙනවා.හදිසියේම චෙන්නායි වෙත පැමිණි ශිවාකුමාර් යනු කවරෙක්ද? GK හට කඩේ යමින් සිටි ශිවා ඔහු හා ගැටීමට හේතු වූ කාරණය කුමක්ද? ඊලගට මොකද වෙන්නේ කියලා චිත්‍රපටය බලලම දැනගන්න.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

නවීන් රන්දික පෙරේරා
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram