spot_img

Mr Bachchan (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Mr Bachchan (2024) Sinhala Subtitle

 

Harish Shankar ගේ අධ්‍යක්ෂණයක් වුන මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය නිරුපණය කරන්නේ තෙලෙගු සිනමාවේ කවුරුත් දන්න මාස් මහාරාජ් වෙන රවී තේජා විසින්… අනික් චරිත විදියට තෙලෙඟු සිනමාවට හදුන්වා දෙන නිළි Bhagyashri Borse හා Jagapathi Babu රංඟනයෙන් දායක වෙනවා. කෝටි 70ක් වියදම් කරලා හදපු මේ ෆිල්ම් එක නම් ලොකු ෆ්ලොප් එකක් තමයි වෙන්නේ. තෙලෙගු චිත්‍රපටි පහුගිය කාලේ වෙනම ලෙවල් එකකට ආවාත් ආපහු අර පරණ මට්ටමට වැටෙන තැනක් තමයි පෙන්න තියෙන්නේ. අනවශ්‍ය විහිළු වගේම ලව් ස්ටොරියත් ඕනිවට වඩා මේ චිත්‍රපටියේ කතාවට ලොකු බාධාවක් කරලා තියනවා.

මේ චිත්‍රපටිය හින්දි චිත්‍රපටියක් උන Raid (2018) ච්ත්‍රපටියේ ආභාෂය අරගෙන නිර්මාණය කරපු එකක්. හින්දි එක බැලුවා නම් දකින්න ඇති තිතට කතාව කියලා තියනවා. මේකේ නම් ඇක්ෂන් එක්ක ලොකු ආදර කතාවකුත් යනවා. ඇක්ෂන් නම් අවුලක් නැහැ කියමු මොකද රවි තේජාගේ චිත්‍රපටියක ඇක්ෂන් තිබ්බේ නැහැ කියන්නේ පරිප්පු නැති හෝටලේ වගේ නේ. එත් චිත්‍රපටියේ ධාවනකාලය වැඩි කරපු ආදර කතාව නිසා නම් චිත්‍රපටිය බොරින් වෙන්න පුලුවන්.

අපි කතාව පැත්තට එමු. මිස්ටර් බච්චන් කියන්නේ ආදායම් බදු නිලධාරියෙක්. මොහු නිතිය තිතට කරන කෙනෙක්. මේ නිසාම වැඩතහනමට පවා ලක්වෙනවා. එහෙම වැඩ තහනමට ලක්වෙලා ඉද්දි මොහුට උසස්විමකුත් එක්ක නැවත බදවාගන්නවා. ඒ පලාතේ වෙන ලොකුම වැටලිමක් කරන්න. මේ පලාතේ ඉන්න ලොකුම මැරයෙක් තමයි මුත්‍යම් ජග්ගයියා කියන්නේ. ඔහුගේ නිවසට අනවසරයෙන් කිසිම කෙනෙක්ට ඇතුල්වෙන්න බැහැ. කලින් ආපු ආදායම් බදු නිලධාරින්ට පවා පණපිටින් යන්න හම්බුනේ නැහැ. මේවර මස්ටර් බච්චන්ට නියෝගයක් ලැබෙනවා ජග්ගයියාගේ නිවස වටලන්න. ඉතින් ඔය කතාව තමයි චිත්‍රපටියේ තියෙන්නේ. එහෙනම් රවි තේජාගේ චිත්‍රපටි බලන්න කැමැති අය අරන් බලන්න කියලා ආරාධනා කරන ගමන් සමුගන්නවා.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති එච් ඩි පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

නුවන්ග ලක්ෂාන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

3 COMMENTS

  1. අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram