Akhanda 2 (2025) Sinhala Subtitle
Boyapati Srinu විසින් අධ්යක්ෂණය කරන ලද අඛන්ඩා චිත්රපටියේ දෙවැනි කොටස අරන් තමයි මේ ආවේ. පළමු චිත්රපටිය නරඔලා තියනවා නම් දැනගන්න ඇති මේක තනිකරම ශිව දෙවියන්ගේ බලයන් ගැන හා එවා සම්බන්ධ දේව විශ්වාසය ඉහලින්ම කතා කරන චිත්රපටියක්. මේකේ ට්රේලර් එක බැලුවාම මේකේ මනුස්සයෙක් කොහොමද මේවා කරන්නේ කියලා හිතෙන්න පුලුවන්. තෝර් චිත්රපටියේ තෝර්ට තමන්ගේ මිටියේ තියන බලය වගේම එකක් මේ චිත්රපටියේ අඛණ්ඩාගේ ත්රිෂුලය සතුව තියනවා. එකෙන් දෙවියන්ගේ අශ්ඨ සිද්ධි බලයම පාවිච්චි කරන්න පුලුවන්. කතාව පටන් ගන්නේම අඛන්ඩා මේ බලයන් ලබා ගන්න හිමාලයේ තියන විශ්ණු දේවාලයට යන එකෙන්. එහිදි ඔහුට කියනවා අශ්ට ලිංග රුද්රා පීඨයේ කරන භාවනාවකින් දෙවියන්ගෙන් මේ බලයන් ලබා ගන්න හැකි බව. එහෙම උනොතින් ලොකේ හැම දෙයක්ම කොටින්ම කිව්වොත් ජල ද්රව වායු විතරක් නෙමෙයි හැම ආයුධයක්ම පවා මේ ත්රිෂුලයේ අණට කීකරු වෙන්න ගන්නවා. හැබැයි මේක කරගන්න හැම මුද්රාවක්ම හරියටම කරන්න වෙනවා. නිකමට හරි මොකක් හරි වැරදුනොතින් තමන්ගේ ජිවිතේ පවා ඉවරයක් වෙනවා…
අඛන්ඩා තමන්ගේ මේ භාවනාව කරන අතරේ චීනයේ ඉන්න (චිත්රපටියේ චීනය කියලා කියන්නේ නැහැ) කුරිරු පාලකයෙක් ඉන්දියාවට එරෙහිව ආක්රමණයක් කරන්න ලැස්ති වෙනවා. ආයුධ වලින් යුද්ධ කරලා ඉන්දියාව අල්ලන්න බැරි නිසා ඉන්දියාවේ මිනිස්සු වැඩියෙන්ම අදහන දෙවියන්ගේ ප්රතිරුපය විනාස කරන්න මොහු පැලැන් එකක් හදනවා. ඇත්තටම ඔවුන්ගේ සැලැස්ම සාර්ථක වෙලා මේ සිදුවිම නිසා මිනිස්සු දෙවියන්ට තියන ගෞරවය නැති වෙලා යනවා. දැන් ශිව දෙවියන්ට පොළවට එන්නම වෙනවා මේ මිනිස්සු එක්ක හැප්පෙන්න වගේම මිනිස්සුන්ට තමන් ඉන්නවා කියලා පෙන්වන්න. ඉතින් දෙවියන්ගේ බලයන් එක්ක නවින තාක්ෂණික අවි ආයුධ එක්ක හැප්පෙන්න පුලුවන් වේවිද? ඒක දැනගන්න චිත්රපටිය බලන්න වෙනවා..
මෙහි ප්රධාන චරිත විදියට නන්දමුරි බාලක්රිෂ්ණා රංඟනයෙන් දායක වෙනවා. මිට අමතරව බජරංගි බායිජාන් එකේ මුන්නි චරිතයෙන් කට්ටිය දැනගත්තු Harshaali Malhotra ද මෙහි රංඟනයෙන් දායක වෙනවා. ප්රතීවිර චරිත සදහා Aadhi Pinisetty එක්ක Kabir Duhan Singh රංඟනයෙන් දායක වෙනවා… කලින් කිව්වා වගේම මේක දෙවියන් ගැන පාධක කරන් හදපු ෆිල්ම් එකක්. ඉතින් දේව බලයන් එක්ක හැමදේම වෙන්න පුලුවන් කියන හැගිමෙන් බැලුවොත් චිත්රපටිය හොදින් රසවිදින්න පුලුවන් වේවි.
Akhanda (2021) පළමු චිත්රපටිය මෙතැනින්
- Due to copyright issues we do not provide any torrent links
- ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
- SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]








ස්තූතියි දෙන්නටම මේකට සිංහල සබ්එක දුන්නට
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..💕❤😍👍