spot_img

Never Let Go (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Never Let Go (2024) Sinhala Subtitle

 

ආයුබෝවන් හැමෝටම ඔන්න එහෙනන් අදත් අරන් ආවා උණු උණුවෙන් අලුත්ම චිත්‍රපටයක් මේක නමින් ” Never Let Go ” මේක ඩිජිටල් පිටපත් නිකුත් වෙන්නෙ පහුගිය 11 වෙනිදා මේක Horror / Thriller / Suspense කියන ශාරණ වලට තමයි අයත් වෙන්නෙ.

මේ වෙද්දි මේ චිත්‍රපටය 5.6ක IMDB අගයක් වගේම 80%ක ගූගල් පරිශීලකයන්ගේ මනාප ප්‍රමාණයක් හිමි කරගෙන තියෙනවා මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Crawl 2019 / The Hills Have Eyes 2006 / Mirrors 2008 වගේ ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂණය කරපු Alexandre Aja මහත්තයා විසින් වීම විශේෂත්වයක් මේ චිත්‍රපටයට චිත්‍රපට විචාරකයින් විවිධ ධනාත්මක මත පල කරලා තියෙනවා….

කාස්ට් එක ගත්තොත් අපි දන්න කෙනෙක් මේකෙ ඉන්නවා Call , Gothika වගේ චිත්‍රපට වල ඉඳපු ඒ වගේම X Man චිත්‍රපට මාලාවේ ස්ටෝර්ම් ලෙස එකතු උනු Halle Berry තමයි මේකෙ ප්‍රධාන චරිතය කරන්නෙ මේ චිත්‍රපටයෙ මහලොකු චරිත ගොඩාක් නෑ අම්මයි ළමයි දෙන්නයි තමයි ඉන්නේ ඉතින් හරියට බැලුවොත් මුල ඉඳලා අගට හොඳට තේරුම් ගන්න පුලුවන් චිත්‍රපටයක් නැතුව මොලේට සමනල ගැටේ වැටෙන්න තරම් Si Fi ගතියක්නම් මේකෙ නෑ..

කතාව කිව්වොත්………

ජූන් කියන්නෙ තමන්ගෙ ළමයි දෙන්නා එක්ක කැලේ ගෙදරක ජීවත් වෙන කෙනෙක් ජූන්ට අනුව මේ ලෝකෙම විනාශ වෙලා අන්තිමට ඉතුරු වෙලා ඉන්නේ එයයි ලමයයි විතරයි කියලා ඒක ඇත්ත වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන් ඔයාලටම තේරෙයි මේ තුන්දෙනා ඉතින් කෑම එහෙම හොයාගන්නෙ කැලෙන්මයි මෙයාලා ගෙදරින් එලියට යන්නෙ කැලේට අරක් ගත්තු නැතිනම් ලෝකෙම විනාශ කරපු යක්ශායගෙන් බේරෙන්න ගේ සම්බන්ධ කරලා එක එක්කෙනාගේ ඉනේ ලනුවක් බැදගෙන එතකොට යක්ෂයාට එයාලා ලඟටවත් එයාලගෙ ගේ ඇතුලටවත් එන්න බැහැ…..

ඉතින් මෙතනින් එහාට කිව්වොත් තේරුමක් නැතුව යනවා එහෙනන් ඔයාලා මේ සුපිරි Horror ෆිල්ම් එක බලන්නකෝ Birdbox වගේ ෆිල්ම් වලට ආස අයටනම් පංකාදු ෆිල්ම් එක කියලා කියන්න පුලුවන්.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති WEB පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් හා YTS වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

එස්.ඩිල්මිත්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

1 COMMENT

  1. ගොඩක්ම ස්තූතියි ඩිල්මිත් …….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram