spot_img
spot_img

Next Nuvve (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

තවත් තෙලෙඟු නිර්මාණයක් අරන් තමයි මේ විදියට ආවේ. චිත්‍ර‍පටියේ නම Next Nuvve මේකේ සිංහල තේරුම තමයි ”ඊලඟට ඔයා” කියලා. මේ චිත්‍ර‍පටිය තිරඟත උනේ 2017 වසරේ නොවැම්බර් 3 වැනිදා. හොරර් කොමඩි ඝණයට වැටෙන මේ චිත්‍ර‍පටිය අධ්‍යක්ෂණය කරන්නේ Prabhakar විසිනි. මෙහි ප්‍ර‍ධාන චරිත ලෙස Aadi,Vaibhavi,Brahmaji හා Rashmi Gautam රංඟනයෙන් දායක වෙනවා… කතාව ගැන කිව්වොත් එහෙම කිරන් කියන්නේ රුපවාහිනි කතා අධ්‍යක්ෂණය කරන කෙනෙක්… නමුත් මොහු හදන මෙගා කතාවලට හොද ප්‍ර‍තිචාර වලට වඩා එල්ල වෙන්නේ නරක ප්‍ර‍තිචාර තමයි. අඩුම ගානේ මොහුගේ කතාවල රඟපාන්න හොද නළුනිලියෝ තියා සමාන්‍ය අයවත් කැමැති නැහැ… ඒ නිසා මොහුගේ කතාවල ප්‍ර‍ධාන නිලියට රඟපාන්නේ කිරන් ගේම පෙම්වතිය. ඇය තමයි ස්මිතා. කොහොම හරි මේ ටිවි නාට්‍ය කෙරුවාව අන්තිමටම කෙලවෙලා වැටිලා ඉද්දි කිරන්ට ලියමනක් එනවා තමන්ගේ ගමේ පරණ නැදැයෙක්ගෙන්. එකේ තියෙන්නේ කිරන්ගේ නමට ඒ නැදැයා තමන්ගේ මුළු බූදලයම ලියලා මිය ගිහිල්ලා. අතේ සතේ නැතුව හිටිය කිරන් තමන්ගේ පෙම්වතිය එක්ක ගමට යනවා මේ දේපල බලන්න. හැබැයි එතැන තියෙන්නේ ගරාවැටුන ලොකු බංගලාවක්. මුලින් මේ ගෙදර ආසාව අතහැරලා දැම්මාත් පස්සේ කිරනුයි ස්මිතායි හිතනවා මේක හදලා නිවාඩු නිකේතනයක් දාන්න. කොහොම හරි ඒ වැඩේට සල්ලි හොයාගන්නෙත් අමුතු පැලැන් ටිකක් ගහලා..කොහොම හරි සල්ලිත් හොයාගෙන මේ නිවාඩු නිකේතනය නැවත හොද විදියට හදලා විවෘත කරලා සතුටින් ගත කරන්න වෙන්නේ ටික දවසයි. මේ නිවාඩු නිකේතනයට ඇවිල්ලා නවතින හැම කෙනෙක්ම පහුවැනිදා වෙද්දි මැරෙන්න ගන්නවා. ඒ මදිවට රෑ ජාමේ මේක කවුදෝ හොල්මන් කරනවා… මේ හොටෙලේ නවාතැන් ගන්න අය මැරෙන්නේ ඇයි…රෑට මේකේ හොල්මන් කරන්නේ කවුද වගේම දැන් මේ සේරම අස්සේ කිරන්ටයි ස්මිතාටයි වෙන කතාව තමයි මේ චිත්‍ර‍පටියෙන් දිඟහැරෙන්නේ.. කොමඩි හොරර් චිත්‍ර‍පටි වලට ප්‍රිය කරනවා නම් මේ චිත්‍ර‍පටිය හොද විසදුමක් වේවි..

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

 

Download “Next Nuvve (2017) සිංහල උපසිරැසි” Next.Nuvve.(2017).Sinhala.Subtitle.rar – Downloaded 303 times – 28 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

Visual (විශුවල්)
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram