spot_img
spot_img

Nilavuku Enmel Ennadi Kobam (2025) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Nilavuku Enmel Ennadi Kobam (2025) Sinhala Subtitle

 

දමිළ නළු ධනුෂ්’ගේ අධ්‍යක්ෂණයකින් සහ තිර රචනයකින් හැඩවුනු ” Nilavuku Enmel Ennadi Kobam (2025)” කියන දමිල චිත්‍රපටයට තමයි අද මම උපසිරැසියක් අරගෙන ආවේ. පෙබරවාරි 21 වන දින ලොව පුරාතිරගත වීම ඇරඹුනු මේ චිත්‍රපටය මේ වෙනකොටත් තිරගත වෙමින් පවතිනවා.

තාරුණ්‍යයේ ආදරය කියන තේමාව යටතේ හැඳුණු මේ චිත්‍රපටය වෙනුවෙන් මලයාලම් සිනමාවෙන්ද මේ පාර නළු නිළියන් අරගෙන තියෙනවා. කථාව පැත්තට ගියාම, කථාව ඇරඹෙන්නේ තරුණයෙක්ගෙන්, ඔහුට ගෙදරින් විවාහ මංගල්ල සොයනවා. ඉතිං මෙහෙම බලන්න ගිය එක ගැහැණූ ළමයෙක්ට පොඩ්ඩක් හිත යනවා අපෙ ප්‍රභූට. පස්සෙ ටික ටික ආශ්‍රෙ කරනකොට, දැනටත් ප්‍රභූගෙ හිතේ හොල්මන් කරන, ප්‍රභූගේ පරණ ආදර කථාව ගැන මේ ගැහැණූ ළමයට දැනගන්න ඕන වෙනවා. ඔතනින් ඔහොම මේ කථාව ඇරඹෙනවා.

තමන්ගේ කලින් පෙම්වතියගේ මංඟල්ලයට යන තරුණයෙක් සහ ඔහුගෙ යාළුවෙක් ගැනයි මේ කථාව. කොච්චර කලත් EX කියන්නේ අමුතුම පරිච්ඡේදයක් නිසා, හැඟීම්බර මොහොතයන් ඔස්සෙ මේ කථාව ගලන් යනවා.

මේකෙ එක තැනකදි කෙනෙක් ප්‍රභූගෙන් අහනවා, ඔයාට දෙන්නෙක් අතරින් තෝරගැනීමක් කරන්න වුනොත්, ඔයා තෝරගන්නෙ නිලාවද, රාජේශ් වද කියලා? මේකට ප්‍රභූ දෙන උත්තරේ නිකන් අපිට ධණුගෙ කටින් කියවෙනවා වගේ ඇහෙනවා. ෆිල්ම් එකේ නිකන් ධනුෂ් හොල්මන් කරන විදියේ තැන් බොහෝමයි මේකේ.

ඒවගේම ලස්සන සිංදු ගොඩක්ම තියෙනවා. ධනුෂ් එහෙම ගායනයෙන් දායක වෙලත් තියෙනවා. සිංඳු ටික කලින්ම අපෙ දිලීප මල්ලි ගහලා තිබිලා තිබුන නිසා, ඒ ටික ඉල්ලගෙන එහෙමම දැම්මා. ඔහුටත් ස්තුතියි. ටයිම් ලයින් එක දුන්න ලහිරු අයියටත් ස්තුතිය එහෙනම්.

එහෙනම් අනිවාරෙන් බලන්න මේක. NEEK 2 තුලින් ආයෙ හමුවෙමු!

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති WEB HD පිටපත් සදහා ගැලපේ
  • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියේ හා ටැමිල් එම් වි හි YTS පිටපත් සදහා ගැලපේ

 

Download “Nilavuku Enmel Ennadi Kobam (2025) සිංහල උපසිරැසි” Nilavuku.Enmel.Ennadi.Kobam.(2025).Sinhala.Subtitle.rar – Downloaded 5784 times – 305 B

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

අශේන් කවිඳු
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

3 COMMENTS

  1. ස්තූතියි අශේන් සහෝ සබ්එකට….
    එච් ඩී ආපුහම බලනවා…
    ජයවේවා……….

  2. අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram