today-is-a-good-day
More

    No Escape Room (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    No Escape Room (2018) ඇමරිකාවේ ගොඩාක් ජනප්‍රිය ත්‍රාසජනක ක්‍රීඩාවක් තමයි Escape Room කියන්නේ. මේකෙදී ක්‍රීඩාවට සහභාගී වන පිරිසට තියෙන්නේ, කාමරෙන් එලියට යන්න යතුරක් හොයාගන්න එක. හැබැයි ඒක හොයාගන්න, ප්‍රහේලිකා කිහිපයක් විසඳන්න සිද්ධ වෙනවා. මේවා එකිනෙකාගේ බුද්ධි මට්ටම් වලින් සහයෝගය අරගෙන විසඳන්න ඕනේ. හැබැයි මේ ක්‍රීඩාව භයානක හෝ අනතුරුදායක එකක් නෙමෙයි. මෑත කාලයේදී විවිධ චිත්‍රපටි නිෂ්පාදකයන් මේ ක්‍රීඩාව භයානක දෙයක් කරගෙන. මුලින්ම මේක පටන් ගත්තේ SAW චිත්‍රපටි මාලාවෙන්. ඊටපස්සේ එක දිගටම මේ තේමාව ජනප්‍රිය වෙවී ඉදිරියට ගියා. මේ චිත්‍රපටියත්, ඒ තේමාවම මුල් කරගෙන නිර්මාණය වෙච්ච කතාවක්.

    Alex Merkin විසින් අධ්‍යක්ෂණය කරපු පළවෙනි බයහිතෙන ත්‍රාසජනක චිත්‍රපටිය තමයි මේ. අනිත් චිත්‍රපටි වලින් වෙනස් වෙන විදියේ කතාවක් ලියලා දුන්නේ Jesse Mittelstadt විසින්. රඟපෑම සඳහා තෝරාගත්තෙත් ගොඩාක් ජනප්‍රිය අයෙ නෙමෙයි. හැබැයි හොඳට රඟපාලා තියෙනවා. නම් වලින් කියනවා නම්, Jeni Ross (කැරන්), Mark Ghanimé (මයිකල්), Dennis Andres (ඇන්ඩෘ), Kathryn Davis (මෙලනි) ඇතුළු පිරිසක්.

    කතාව කෙටියෙන් කියන්නම්. කැරන් එයාගේ තාත්තා මයිකල් එක්ක විනෝද චාරිකාවක් ගිහින්. එතනදී ඒක අවලංගු වෙලා ආපහු ගෙදර එන අතරවාරයේ, වාහනේ අබලන් වෙනවා. ඒක හදනකල් කරන්න දෙයක් හොයනකොට තමයි මේ escape room එක හම්බවෙන්නේ. ඒක ඇතුලට ගිය මෙයාලා දෙන්නාට, තව එතනදී තුන් දෙනෙක් හමුවෙනවා. මේ පස්දෙනා, මේකෙන් ගැලවෙන්න දරණ ප්‍රයත්නය තමයි මේ චිත්‍රපටියේ තියෙන්නේ. සිංහල උපසිරැසි එක්ක චිත්‍රපටිය රසවිඳින්න!! ජයවේවා!!!

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “No Escape Room (2018) සිංහල උපසිරැසි” No.Escape.Room.(2018).Sinhala.Subtitle.rar – Downloaded 1392 times – 554 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    නිලුෂ හේමාල් අලහකෝන්
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    7 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!
      ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    2. මේ escape room ටයිප් ෆිල්ම් නම් සුපිරි මේකයි No Escape (2020) ෆිල්ම් එකයි බලල ආසාවට ඉන්ටර්නෙට් එකේ තව එස්කේප් රූම් ටයිප් ෆිල්ම් මොනවද කියල හොයද්දි මේ ටික හම්බුනා IMDb රේටින්ග්ස් එහෙමත් ​5ට වඩා වැඩි අගයක තියනවා මේවගෙ
      The Hole (2001)
      Kill Theory (2009)
      House of 9 (2005)
      The Killing Room (2009)
      Fermat’s Room (2007)
      Cube Zero (2004)
      Cube²: Hypercube (2002)
      පුළුවන් නම් මේ ටිකෙන් එකකට දෙකකට සබ් දෙන්න

      • මේ වගේ තව කතා කිහිපයක්ම ඉස්සරහා දෙන්න හිතාගෙන ඉන්නවා. මේවා ගැනත් හොයලා බලන්නම්. පුළුවන් හැම එකකටම උපසිරැසි දෙන්නම්කෝ…

    3. බොහොම ස්තූතියි උපසිරැසියට.😀
      ජයවේවා! 👍

    Leave a Reply to Supun Kaushalya Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram