spot_img
spot_img
More

    Noor (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    තවත් හින්දි චිත්‍ර‍පටියක් අරන් එන්නයි මේ සුදානම. මේකට කලින් හින්දි මිඩියම් ෆිල්ම් එක දෙන්න හිටියේ…එත් එකේ කරපු සබ් එක මිසින් උන නිසා මේක කරන්න ගත්තා. මේ චිත්‍ර‍පටිය ආව මුල දවස් වලම කරන්න ගත්තාත් පෞද්ගලිකව මට මෙහි ප්‍ර‍ධාන නිලිය Sonakshi Sinha ව වැඩිය අල්ලන්නේ නැති නිසා කරන්න කම්මැලි හිතුනා. හැබැයි සැහෙන ඉල්ලිම් නම් ආවා මේක කරලා දෙන්න කියලා. මේ චිත්‍ර‍පටි පිටපත එක්ක ආව ඉංග්‍රිසි සබ් එකත් සැහෙන අවුල්. ඔයාලා ගත්තාම උනත් පෙනේවි ටයිම් ලයිට් ටිකක් අප්සට්. ඉතින් නවින් තමයි තරමක් හරි හොද වෙන්න ටයිම් ලයින් එහේ මෙහේ කරලා මට හදලා දුන්නනේ…. කොහොම හරි ඒ හැමදේම එක්ක ආපහු කරන්න හිතාගෙන ඉවරයක් කලා….

    චිත්‍ර‍පටිය ගැන කිව්වොත් මේක පකිස්ථානු නවකතාවක් වන Karachi, You’re Killing Me! ආශ්‍රයෙන් තමයි නිර්මාණය වෙන්නේ. මේ චිත්‍ර‍පටිය අධ්‍යක්ෂණය කරන්නේ Sunhil Sippy විසින්… කතාව ගැන කිව්වොත් නූර් කියන්නේ ජනමාධ්‍ය වේදිනියක්. නමුත් ඇය තමන්ගේ රැකියාව වගේම ජිවිතේ ගැනත් තෘප්තිමත් නැහැ. රැකියාවේ තමන්ට කැමැති දේ කරන්න බැහැ… ඇය කැමැති සමාජයට පණිවිඩයක් දෙන වාර්තා වැඩසටහන් ඉදිරිපත් කරන්න නමුත් ඇයට ඒකට අවස්ථාව ලැබෙන්නේම නැහැ. ජිවිතේ පැත්තෙන් ගත්තාත් එහෙමයි. අවුරුදු 28ක් වෙලාත් පෙම්වතෙක් නැහැ… කොල්ලෙක් සෙට් වේගන ආවාත් ඒක මොකක් හරි එකක් නිසා ගැස්සිලා යනවා. නූර්ගේ හොදම යාළුවා තමයි සාරා කියන්නේ. ඇය ක්ලබ් එකක ඩිජේ වාදන ශිල්පිනියක්. ඇය නුර්ව රෑ පාටි වලට එහෙම අරන් යන්න උත්සහා කරනවා නමුත් නූර් එවාට යන්න පවා කම්මැලියි… කොහොම හරි නූර්ට අහම්බෙන් මෙන් ඉන්දියාවේ ඇතුලත සිදුවන මිනිස් අවයව ජාවාරමක් ගැන ඉඟියක් ලැබෙනවා. මේ ඉඟිය පස්සේ ඇය හබා යනවා එහි වාර්තාවක් හදලා සැබැ තත්වය ජනමාධ්‍ය හරහා මිනිසුන්ට දැනගන්න වාර්තා කරන්න… නමුත් එයින් වෙන්න නූර් කරන්න ගිය දේ නම් නෙමෙයි… පැය දෙකක් පුරා දිවෙන නුර් ගේ ජිවිත කතාව එහෙනම් රසවිදින්න කියලා ඉල්ලන ගමන් සමුගන්නවා. තවත් චිත්‍ර‍පටියක් සමඟින් හමුවිමේ බලාපොරොත්තුවෙන්.

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති ඩිවිඩි පිටපත් සදහා ගැලපේ

    Download “Noor (2017) සිංහල උපසිරැසි” Noor.(2017).Sinhala.Subtitle.rar – Downloaded 120 times – 42 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

    දර්ශණ නිශාන්ත පීරිස්
    + posts

    Founder & Owner - Zoom.Lk
    SRI LANKAN 🇱🇰 කෝට්ටේ 🏡
    Traveler 🚶Train Lover 🚂
    emotional eater 🍝️🥪
    MI Fan 📱MI 9T PRO user

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    1 COMMENT

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram