spot_img
spot_img
More

    Novocaine (2025) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Novocaine (2025) Sinhala Subtitle

     

    Congenital insensitivity to pain with anhidrosis (CIPA) කියලා ලෙඩක් ගැන අහලා තියෙනවාද? ඇත්තටම ලෙඩක් කිව්වාට මේක ජාන විකෘතිතාවයක්. මේකෙන් වෙන්නේ, මිනිසාට වේදනාව හෝ ස්පර්ශය නොදැනීම. තව විදියකින් තියනවා නම්, ඇඟට ඉදිකට්ටකින් ඇන්නත්, මෙයා දන්නේ නෑ එහෙම දෙයක් වුනාද කියලාවත්. සපත්තුවට ඇණයක් ඇනුනොත්, ඒ ඇණය අඩිය පසාරු කරගෙන කකුලේ ඇනුනොත්, අපිට මොකද වෙන්නේ? හැබැයි, මේ අයට, කකුලෙන් ලේ ගලලා, සපත්තුව පිරෙනකල් දන්නේ නෑ. කවුරුහරි පෙන්නුවේ නැත්නම් හරි, තමන්ම ලේ පිරුණු සපත්තුව දැක්කේ නැත්නම් හරි, එයාලා එහෙම දෙයක් වුනාද කියලාවත් දන්නේ නැති වේවි. ඒ නිසාම, සාමාන්‍යයෙන් පිලිගන්නේ, මේ අයගේ ආයු අපේක්ෂිත කාලය ඉතා අඩුයි කියලා.

    මෙහෙම කෙනෙක්, මූල්‍ය ආයතනයක, සහකාර කළමණාකාරවරයෙක් විදියට වැඩ කරනවා.එයාට, ඒ ආයතනයේම අලුතෙන් වැඩට ආපු ගැහැණු ළමයෙක් ගැන ආදර හිතක් පහල වෙනවා. හැබැයි, මේක එලිපිට කියන්න මෙයා බයයි. ඒ සමාජ ආශ්‍රය හුරු නැති නිසා. ඒ වුනත්, ඒ ගැහැණු ළමයා එහෙම නෑ. එයා සමාජශීලියි. එක දවසක්, ඒ ගැහැණු ළමයා, ෂෙරී අතින් සිද්ධවෙන සුලු අතපසුවීමක් නිසා හැමදේම කණපිට පෙරලෙනවා. ඒ අතරේ තමයි, මේ මූල්‍ය ආයතනය මංකොල්ල කන්න කණ්ඩායමක් එන්නේ. මීට පස්සේ සිද්ධ වෙන දේවල් තියෙන්නේ, චිත්‍රපටිය ඇතුලේ.

    එක දිගට, කම්මැලිකමක් නැතුව බලන්න පුලුවන් චිත්‍රපටියක්. හැබැයි, පාවිච්චි කරන භාෂාව ටිකක් රලුයි. නිතර කුණුහරප ඇහෙනවා. මම ඒවා සභ්‍ය භාෂාවෙන් ලිව්වත්, ඇහෙනවානේ. අනික, එක ලිංගික ආලිංගන දර්ශණයක් තියෙනවා. නිරුවත් නෙමෙයි, ඒත් ආදර ආලිංගනයක්.

    චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Dan Berk සහ Robert Olsen දෙන්නා. Lars Jacobson විසින් ලියපු තිර රචනයක් තමයි මේ නිර්මාණය. රඟපෑමෙන් දායක වෙනවා Jack Quaid (නේට්), Amber Midthunder (ෂෙරී), Ray Nicholson (සයිමන්), Jacob Batalon (රොස්කෝ) ඇතුලු පිරිසක්.

    Web ratings ගැනත් වචනයක් ලියන්නම්. මේ ලිපිය ලියන මොහොතේදී, IMDb 6.6, Rotten Tomatoes 81%, Prime Video 6.6, Google Users 92% කැමැත්ත ප්‍රකාශ කරලා තිබ්බා.

    එහෙනම්, මේ සිංහල උපසිරැසිය එක්ක චිත්‍රපටිය රසවිඳින්න හැමෝටම ආරාධනා! ජයවේවා!!

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති WEBRip පිටපත් සදහා ගැලපේ
    • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
    • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියේ හා YTS පිටපත් සදහා ගැලපේ

     

    Download “Novocaine (2025) සිංහල උපසිරැසි” Novocaine.(2025).Sinhala.Subtitle.rar – Downloaded 88 times – 289 B

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    නිලුෂ හේමාල් අලහකෝන්
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram