spot_img
spot_img
More

    Officer Black Belt (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Officer Black Belt (2024) Sinhala Subtitle

     

    ලී ජන්ග්-ඩෝ කියන්නේ තරුණ කොල්ලෙක්. හැම පැත්තකින්ම දක්ෂයෙක්. එයාට කළු පටි තියෙනවා, ටේක්වොන්ඩෝ, කෙන්ඩෝ, ජූඩෝ වගේ සටන් කලා වලින්. ජන්ග්-ඩෝ ගේ රස්සාව තමයි එයාගේ තාත්තාගේ බැදපු කුකුල් මස් විකුණන කඩේ බෙදාහැරීම කරන එක. ඒ නිසා, සම්පූර්ණ කාලයම ඒකට යොදවන්න අවශ්‍ය වෙන්නේ නෑ. ඉතුරු මුළු කාලයම මෙයා වැය කරන්නේ, යාළුවෝ එක්ක පරිගණක ක්‍රීඩා කරන්න.

    දවසක්, කුකුල්මස් බෙදාහැරීමකින් පස්සේ, ආපහු ගෙදර එනකොට, ජන්ග්-ඩෝ දකිනවා රණ්ඩුවක්. ටික වෙලාවක් ඒ දිහා බලාගෙන ඉන්නකොට, ජන්ග්-ඩෝ ට තේරෙනවා, මේකේ මොකක්හරි අවුලක් තියෙනවා කියලා. ඒ නිසා, එයා එතනට ගිහින් බලනකොට, රණ්ඩුව වෙන්නේ, පරිවාස නිළධාරියෙක් සහ හිටපු අපරාධකාරයෙක් අතර. ක්ෂණිකව රණ්ඩුවට මැදිහත් වෙන ජන්ග්-ඩෝ, අපරාධකාරයාව මෙල්ල කරලා, පරිවාස නිළධාරියාට උදව් කරනවා. මේ කාරණය, ජන්ග්-ඩෝ ගේ ජීවිතයම වෙනස් කරන දෙයක් වෙයි කියලා කවුරුවත් බලාපොරොත්තු වුනේ නෑ. එතනින් එහාට විස්තර දැනගන්න නම්, මේ චිත්‍රපටිය නරඹන්නම වෙනවා.

    Jason Kim විසින් කතාව ලියලා, තිර පිටපත හදලා, අධ්‍යක්ෂණය කරපු චිත්‍රපටියක් තමයි මේ. මේ නිර්මාණය කොච්චර සාර්ථකද කියනවා නම්, Netflix ආයතනය තමයි මේ චිත්‍රපටිය ලොව පුරා බෙදාහරින්න බාරගෙන තියෙන්නේ. රඟපෑමෙන් දායක වුනා Kim Woo-bin (ජන්ග්-ඩෝ), Kim Sung-kyun (කිම් සුන්-මින්), Lee Hyun-geol (කන්ග් කී-ජන්ග්), Park Ji-yeol (චෝ මින්-ජෝ) ඇතුළු පිරිසක්. සාමාන්‍යයෙන් කොරියන් චිත්‍රපටි වල දකින්න ලැබෙන ලස්සන, මටසිලිටු කාන්තා චරිත මේකේ දකින්න නෑ.

    ඔන්න එහෙනම්, චිත්‍රපටිය රසවිඳින්න අවශ්‍ය කරන සිංහල උපසිරැසිය මම අරගෙන ආවා. මේ උපසිරැසියත් එක්ක චිත්‍රපටිය රස විඳින්න හැමෝටම ආරාධනා!! ජයවේවා!!

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති WEB පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
    • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

     

    Download “Officer Black Belt (2024) සිංහල උපසිරැසි” Officer.Black.Belt.(2024).Sinhala.Subtitle.rar – Downloaded 47 times – 904 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    නිලුෂ හේමාල් අලහකෝන්
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram