More

    Open 24 Hours (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ඕන්න ඉතිං ආපහු මේ පැත්තට එන්නේ ටික දවස්කට කලින් නිකුත් වෙච්ච ටිකක් ත්‍රාසය භීතිය කුතුහලය කියන හැම දෙයක්ම තියෙන කතාවකින්… විද්‍යාත්මකව ‘හොල් මන්’ කියන්නේ සෙලවෙන මනසට කියනවා…ඒ වගේම ගොඩක් ගොඩක් ආගම් මේ ගැන වෙනස් වෙනස් මතිමතාන්තර දරනවා….අනික මානසික රෝගීන්ට හොල්මන් ගොඩක් පේනවලු….  මානසික ආතතිය වගේම තමන්ට අත්විදින්න ලැබිච්ච සිදුවීම් හේතුවෙන්…..ඒ කිව්වේ ඔයා මොකක් හරි මිනී මැරුමක් කරලා තියෙනවා නම් තවත් කෙනෙක් කරනවා බලන් හිටියා නම් මිනීමැරුමක් දැක්කා නම් ඒ සිදුවීමට පුලුවන් ඔයාට මානසිකවම හිංසා පිඩා කරන්න….තව ඔබව මානසික රෝගියෙක් බවට පත් කරන්නත්…ඒ කිව්වේ ඔයාට ඒ දේවල් විවිධ විවිධ ස්වරූපයන්ගෙන්  දක්නට ලැබෙනවා…උදාහරණයක් විදිහට කිව්වොත් චිත්තරූප……එයාව මැරුව හැටි…නැත්නම් මරලා තිබුන විදිහ…එයා හිටපු හැටි…ඔය වගේ දේවල්…ඔයාට සමීප අය ඒ හේතුවෙන් ඔයාගේ හිංසා පිඩා වලටද ලක් වෙන්න ඉඩ තියෙනවා….යම් විටක ඔබේ හැසීරීම් රටාවද බොහෝ වෙනස් කමකට ලක් විය හැක…ඒ හේතුවෙන්…ඔබ මොන දේ කරත්….ඔබට කිට්ටු සමීප කිසිම කෙනෙක් ඔබව විශ්වාස කරන එකක් නෑ….
    අනික අපේ ජීවිතේ එක දවසක අපි කරපු නරක පුංචී හරි දෙයක් නිසා අපි පසු තැවෙනවා.. එතකොට අපි හිතෙනවා අපි මේක නොකර නම් හොඳයි නේද කියලා….අපි මේ ගැන දිගින් දිගටම හිතන්න ගන්නවා… මේ ගැන හිතන නිසා අපේ මොලේට යන පණිවිඩ ප්‍රමාණය වැඩි වෙනවා.. මේ යන හැම පණිවිඩයක්ම අපේ මොලේ ගබඩා වෙනවා… පස්සේ ඉතිං මොනවා වෙන්නද පොඩ්ඩක් හරි බය වෙච්ච වෙලාවට මේ දේවල් පේන්න ගන්නවා.. අදට පාඩම ඉවරයි….වැඩි දේවල් දැනගන්න ඕනේ නම් අන්තර්ජාලයේ ඕනෑ තරම් පොත් පත් තියේ කියවන එකයි තියෙන්නේ…..කතාව පැත්තට යමු

    මේරී කියන්නේ මේකේ ප්‍රධාන කැරැට්ටුව.. මෙයත් මෙයාගේ පෙම්වතා කරපු දේවල් නිසා නීතියෙන් දඩුවම් විඳිලා නිදහස් වෙලා මානසික ආතතියකින් ඉන්න කෙනෙක්.. ඉතිං මෙයා මේවා මඟහරින්න හැදුවට පුලුවන් දෙයක් නම් නෙමෙයි ඒක.. ඉතිං මෙයාට ජීවත් වෙන්න ඕන නිසා මෙයා රස්සාවක් හොයාගෙන යනවා.. කවුද ඉතිං හිරේ ගිය කෙල්ලෙකුට රස්සා දෙන්නේ නේද.. කොහොම හරි මෙයාට ගෑස් කඩේක රස්සවක් හම්බු වෙනවා.. හැබැයි මෙයාට රෑ තමයි වැඩ කරන්න තියෙන්නේ..ඉතිං මෙයාට කරන්න වෙන රස්සාවක් නැති නිසාම මෙයා එදා රෑම කඩේ වැඩ කරන්න එන්න කැමති වෙනවා.. මෙයාට හැබැයි එයාගේ හබියා කෙරුව මිනීමැරුම් පේන්න ගන්නවා.. ඔහොම යනකොට මෙයාට තේරේනවා මොකක් හරි දෙයක් වෙනවා කියලා.. ඒත් මෙයාට හිතෙනවා ඒ පේන දේවල් බොරු විකාර කියලා…හැබැයි ගොඩක් දේවල් ඇත්තටම වෙන දේවල්.. මං වැඩිය කියන්න යන්නේ නෑ.. ඉතුරු හරිය නරඹලාම දැනගන්න එහෙනම්.. සී යූ ගායිස්..

     

    තව දැනගැනිමට.. මේ චිත්‍ර‍පටිය නිශ්පාදනය කරන්නේ හා තිරගත වෙන්නේ 2018 වසරේ. නමුත් කිසිම පිටපතක් මේ වෙනකම් අන්තර්ජාලයට යොමු වෙන්නේ නැහැ.. කොහොම හරි ඉන්දියාවේෙ Zee Studio ආයතනය මේක අරන් 2020 මේ අවුරුද්දේ නැවත OTT ක්‍ර‍මයට රිලිස් කරනවා. ඉතින් නෙට් එකේ 2018 හා 2020 කියලා නම් දෙකෙන්ම මේ ෆිල්ම් එක ඇති. දෙකටම සබ් ගැලපෙනවා. 

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB/HD පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” Open.24.Hours.(2018).Sinhala.subtitle.rar – Downloaded 2749 times – 23 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    අබිෂ් ධනංජය
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    5 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
      …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

    Leave a Reply to Naveen Randika Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram