spot_img

Outlaw King (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

අද ගෙන එන චිත්‍රපටිය  historical action drama කියන වර්ගයට අයත් එකක්. Netflix ඉදිරිපත් කිරීමක්. IMDb අගය 7.1ක් වැනි ඉහළ අගයකට මේ චිත්‍රපටිය හිමිකම් කියනවා.

මෙහි රංගන දායකත්වය සඳහා Star Trek , Unstoppable වැනි චිත්‍රපටිවල දක්නට ලැබෙන Chris Pine ප්‍රධාන රංගනයෙන්ද,  Aaron Taylor-Johnson, Florence Pugh, Billy Howle, Tony Curran, Callan Mulvey, Stephen Dillane සහ Alan Cooney සහය රංගනයෙන් දායක වෙනවා.

කතාව ගැන කිව්වොත්, 14වන ශතවර්ෂයේදී ස්කොට්ලන්තයේ  හිටපු රජුගේ මරණයත් සමග පාලනය එන්නේ එංගලන්තයේ 1වැනි එඩ්වඩ් රජුය. එයට ප්‍රධාන හේතුව අවසන් වරට ස්කොට්ලන්තයේ හිටපු රජුට උරුමක්කරුවෙකු නොවීමයි. ස්කොට්ලන්තයේම වංශාධිපතීන් එක්වෙලා එඩ්වඩ් රජුව පත් කරගත්තත් වැඩේ ලේසි වෙන්නේ නෑ. මොකද එඩ්වඩ් රජු බලයට කෑදර වෙනවා. ස්කොට්ලන්තවරුන් මෙය තේරුම් අරගන්න නිසා තැන තැන කැරලි ඇති වෙන්න පටන් ගන්නවා. ඒත් මේ කැරලි ඇති වුනා කියලා එඩ්වඩ් රජුට ප්‍රශ්නයක් නෑ. ඒ කාලයේදී එඩ්වඩ් රජුට ඉහළම හමුදා බලයකුත්, හොඳම ආයුධත් තිබ්බ නිසා. ඒ හින්දා මේ හමුදාවත් එක්ක හැප්පෙන එක කරන්න බැරි වැඩක්. ඔහොම කාලයකදී තමා රොබට් බෘස් කියන වංශාධිපතියා  කැරැල්ලක් ඇති කරන්නේ. මේ කැරැල්ලේ විශේෂත්වය තමා ඔහු මිනිස්සු 500ක් වගේ සුළු ගානක හමුදාවකින් එංගලන්ත කාරයන්ගේ ප්‍රබල හමුදාව පලවා හරිනවා. මේ චිත්‍රපටිය තුල අඩංගු වන්නේ ඒකට ඔහු ගහන සැලැස්මයි.

මේ වගේ ඉතිහාස කතා බලන්න කැමැති අයට මේක ඉහළින්ම නිර්දේශ කරන්න පුලුවන්. ඒත් වැදගත්ම කාරණය මේක ඇතැම් දර්ශන නිසා පොඩිහිටියන්ට නම් බලන්න වෙන එකක් නෑ.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඇන්ටන් රවීන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram