spot_img
spot_img

Pawn (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

කොරියානු චිත්‍රපටි රසිකයන් වෙනුවෙන් අරගෙන ආපු තවත් ලස්සන චිත්‍රපටියක් තමයි Pawn (Dambo / 담보) (2020). කොරියානු කතා වල ගොඩාක් දකින්න ලැබෙන, අපූර්වත්වය මේ කතාවෙත් හොඳට තියෙනවා. බලන්න ගත්තාම ඉවර වෙනවා දැනෙන්නේ නැති ගතියක් තියෙන්නේ. මමත් කාලෙකින් බලපු, හොඳ සංවේදී චිත්‍රපටියක්. රේටිං වලිනුත් තරමක් ඉදිරියෙන් ඉන්න මේ චිත්‍රපටියට හැකිවෙලා තියෙනවා. IMDB 7.6, Google Users 96% මේ වෙනකොට ලබාගෙන තියෙනවා.

Dae-gyu Kang විසින් අධ්‍යක්ෂණය කරපු තවත් චිත්‍රපටියක් මේ. තව විශේෂත්වය තමයි, යොදාගෙන තියෙන නළු නිලි කණ්ඩායම. මහ ගොඩාක් චරිත නැති මේ චිත්‍රපටියට, හරියටම ගැලපෙන කට්ටිය තෝරගෙන තියෙන නිසා, මේ තරම් ජනප්‍රියතාවක් ලබාගෙන තියෙනවා කියලායි මගේ හැඟීම. රඟපාන්නේ Dong-il Sung (ඩූ-සූක්), Hee-won Kim (ජොන්-බේ), Ha Ji-Won (සුන්-යී වැඩිහිටි) සහ So-yi Park (සුන්-යී ළමා) ඇතුළු පිරිසක්. මෙහෙදී ළමා නිළියගේ රඟපෑමත් ඉතා ඉහල මට්ටමක තියෙනවා.

කතාවේ මූලාරම්භය තියෙන්නේ 1993 වර්ශයේ. ඩූ-සූක් කියන්නේ ණය එකතු කරන්නෙක්. ඔහු ම්‍යුන්-ජා කියන කාන්තාවගේ ණයක් ආපසු අයකරගන්න යන ගමනේදී, ඇයගේ දුව, සුන්-යී ව ඇපයකට, නැත්නම් උකසකට අරගන්නවා. හැබැයි, මේ උකස, ආපහු අරගන්න ම්‍යුන්-ජා ටවත් ආපසු දෙන්න ඩූ-සූක් ටවත් ලැබෙන්නේ නෑ. උකසට මොකද වෙන්නේ? සුන්-යී ගේ අනාගතය මොකද වෙන්නේ? මේවා ගැන දැනගන්න, මේ සිංහල උපසිරැසි සමඟින් චිත්‍රපටිය රසවිඳින්න. ජයවේවා!!

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

Download “Pawn (2020) සිංහල උපසිරැසි” Pawn.(2020).Sinhala.Subtitle.rar – Downloaded 1730 times –

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

නිලුෂ හේමාල් අලහකෝන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

5 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

Leave a Reply to Supun Kaushalya Cancel reply

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram