More

    Ponmagal Vandhal (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    Justice Delayed is Justice Denied යන කියමන ඔබ අසා ඇති. Ponmagal Vandhal චිත්‍රපටය නරඹද්දී ඉහත සඳහන් කළ ප්‍රසිද්ද ආමන්ත්‍රණය මගේ මතකයට ආවා. ලෝකයේ සිදුවූ ඇතැම් බරපතල අපරාධයන් පිටුපස ඔබත් මමත් නොහිතන පැතිකඩවල් රැසක් තිබෙන්නට පුළුවන්. ඒ සමගම සිදුවූ අපරාධයන් තුලින් චූදිතයින් වෙනුවට වින්දිතයින් කෙතරම් ප්‍රමාණයක් නිස්කාරණේ අපරාධකරුවන් වී ඇතිද? මෙය Ponmagal Vandhal චිත්‍රපටයේ ප්‍රභලව ඉස්මතු කළ කාරණයක්. පුරුෂ මූලික සමාජයේ විශේෂයෙන්ම දකුණු ආසියාතික කාන්තාවන්ට සමාජයේ ඇති අනාරක්ෂිතබව ඉස්මතු කළ ප්‍රධාන සිද්දියක් 2012 හේදී දිල්ලියේදී ජ්‍යෝති සිං ගොදුරක් කළ සමූහ දුෂණය. ඇයගේ මවටද ජ්‍යෝති වෙනුවෙන් වසර හතක දීර්ග සටනක යෙදීමට සිදුවුයේ ප්‍රභල සාක්ෂිත් ඇතුවයි. මේ වසර ගණනක සටනේදී ඇය තම දියණියට ලැබිය යුතු යුක්තිය වෙනුවෙන් කළ දරා ගැනීම පුදුමසහගතයි. මෙම චිත්‍රපටයේදී මේ හා සමානව තවත් එක් කාන්තාවක් යුක්තිය අසාදාරණය වෙනුවෙන් තම හඬ අවදි කරන්නේ සමාජයෙන් තවත් පාගා දැමූ ගැහැණියක් වෙනුවෙන්. මේ ඇයගේ කතාවයි.
    චිත්‍රපටයේ කතාවට පාධක වන්නේ මීට වසර ගණනකට පෙර සිදුවූ මිනී මැරුමක්. ප්‍රේක්ෂකයාට පවසන පරිදි ඝාතකයාව හඳුන්වන්නේ Psycho Jyothi ලෙස. අපට ආරම්භයේදී දිස්වන පරිදි ඇය බරපතල ගණයේ අපරාද රැසකට වගකිය යුතු කාන්තාවක් බව වැටහෙනවා. වසර 15කට පසුව මෙම නඩුව නැවතත් විවෘත කිරීමට තීරණය කරනවා වෙන්බා නම් තරුණ නීතිඥවරියක්. වෙන්බාගේ තීරණය බොහෝ දෙනෙක්ගේ විවේචනයට ලක්වුණත් ඇයගේ දෙමාපියන්ගේ උපරිම සහයෝගය ඇයට ලැබෙනවා. වෙන්බා මෙවැනි නඩුවක් නැවත විවෘත කිරීමට හේතු වූයේ කුමක් නිසාද?. වෙන්බා Psycho Jyothi ගේ නඩුව නැවතත් විවෘත කිරීම පිළබඳ ප්‍රේක්ෂකයා තුල යම්කිසි ප්‍රශ්නාර්ථයක් ඇති කරනවා මෙන්ම , Psycho Jyothi යන චරිතය වටා ඇති කුතුහලයද ඇති කිරීමට මෙම චිත්‍රපටය සමත් වුනා. මීට වසර ගණනකට පෙර සිදුවූ මෙම සිදුවීම සම්බන්දයෙන් වෙන්බා දැඩි ලෙස විශ්වාස කරනවා, එහි සැඟවුණු පැතිකඩවල් රැසක් ඇති බව. Psycho Jyothi එම ඝාතනය සැබවින්ම සිදු කරාද? නැතිනම් ඇය එම ඝාතනයේ එක් කොටස් කරුවෙක් පමණද? එසේනම් එයට සම්බන්ද වූ තවත් පිරිස් තවමත් නිදැල්ලේ ජීවත් වනවාද ? නැතිනම් Psycho Jyothi එම ඝාතනයන් වලට සම්බන්දයක් නොමැතිව, සමාජය විසින් සහ නීතිය අවභාවිතාවෙන් මිනීමරුවෙක් කළ කාන්තාවක්ද? බහුතරයක් දැනුවත් නොවුනත්, වෙන්බා මෙම සිද්දිය සම්බන්දව දැණුවත් දේවල් මොනවාද?. චිත්‍රපටය නරඹන අතරවාරයේ ඔබට මෙම පැතිකඩවල් පිලිබඳ සිතා බැලීමට මෙම චිත්‍රපටය පොළඹවයි. මෙම නඩුවේදී වෙන්බාගේ ප්‍රතිවාදියා ලෙස පෙනී සිටින්නේ රජරතනම් නම් අත්දැකීම් බහුල නීතිඥවරයෙක්. වෙන්බා මෙම සටන ජයග්‍රහණය කරන්නේ කෙසේද?.
    මෙහි J. J. Fredrick ගේ අධ්‍යක්ෂණය සහ LakshmiSaravanakumar ගේ තිර රචනයේ ප්‍රධාන සාර්ථකත්වයක් වන්නේ මෙහි ඇතුලත් වන ප්‍රධාන චරිත වටා එක්තරා ආකාරයක කුතුහලයක් ගොඩනැගීමයි. මෙම කුතුහලය හරහා ප්‍රේක්ෂකයාට මෙහි ඇතුලත් වන ප්‍රධාන චරිත reliable narrators ද නැතිනම් unreliable narrators ද යන ප්‍රශ්නාර්තයද විටෙක මතු කරනවා. ඒ සමගම මෙහි ඇතුලත් වන පණිවිඩය සහ සමාජය පිළබඳ පෙන්නුම් කළ පැතිකඩද ඉතා වැදගත්. සත්‍ය කෙදිනක හෝ ජයග්‍රහණය කරනවා යන මතයක් තිබුනත්, එම සත්‍යටද නීතියේ සාදාරණයක් නොලැබුනොත් වින්දිතයින්ගේ ජීවිතය ගෙවන්නේ අඳුරක. එපමණක් නොව නීතිය ප්‍රභලව ක්‍රියාත්මක වනතාක් ජ්‍යෝති සිං, ප්‍රියංකා සහ අසීෆා අත්වූ ඉරණම්, සිදු නොවෙන ප්‍රවනතාවය අවම වන්නට පුළුවන්. චිත්‍රපටයේ තවත් ප්‍රභලම අංගයක් වන්නේ මෙහි ඇතුලත් වන රංගනයන්. ජ්‍යෝතිකා ඇයගේ සිනමා දිවියේ තවත් සුවිශේෂී රංගනයක් මෙහිදී ඉදිරිපත් කළා. වෙන්බා යන එම නීතිඥවරියගේ ශක්තිමත් පෞරුෂය මෙන්ම ඇය වටා ඇති සංවේදී පැතිකඩවල් ජ්‍යෝතකාගේ ප්‍රභල රංගනය හමුවේ ඉස්මතු වුනා. ඒ සමගම වෙන්බාගේ ප්‍රතිවාදියා ලෙස රංගනයෙන් දායක වූ R. Parthiban ද ඔහුගේ චරිතයට සාදාරණයක් ඉෂ්ට කළා.
    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB/HD පිටපත් සදහා ගැලපේ
    - Advertisement -
    - Advertisement -

     

    Download “සිංහල උපසිරැසි” Ponmagal.Vandhal.(2020).Sinhala.subtitle.rar – Downloaded 1242 times – 52 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram