spot_img

Remember Me (2010) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ආදරවන්තයන්ගේ මාසයේදි සූම් කණ්ඩායමෙන් හැමෝටම පිදෙන තවත් තිළිණයක් තමයි මේ. අපි හැමෝගෙම ජීවිතවල ආදරය තියෙනවා. අපි හැමෝම තමන්ගේ අම්මා තාත්තට සහෝදර සහෝදරියන්ට ආදරය කරන්න පටන් ගන්නෙ පොඩි කාලෙදිමයි. ඊට පස්සෙ මිතුරු මිතුරියන් අතරේ තියෙන සමීප සම්බන්ධතා ආදර සම්බන්ධතා බවට ලොකු වෙනකොට පෙරළෙනවා. ආදරය හරිම ලස්සනයි. හැබැයි ඒ ආදරය තුළ ගොඩක් අය අන්ධයි. තේරුමක් නෑ සමහරුන්ට. ලෝකෙ ගැලපෙන දෙන්නෙක් නෑ කොහේවත්. අපි දෙන්නට දෙන්නා ගලපගෙනයි ඉස්සරහට ජිවිතේ ගත කරන්න ඕන. එතකොට තමයි ලස්සන ආදර කතාවක් වෙන්නෙ ඒකත්. ඒවගේම පෙම්වතුන්ගෙ ආදර සම්බන්ධතා කෙසේ වෙතත් තමන් පොඩි කාලෙ ඉඳලා හදාවඩාගත්ත අම්මලා තාත්තලා අපි කවදාවත් අමතක කරන්න හොඳ නෑ. සමහරු ලොකු වෙලා ජීවිතයට අලුත් කෙනෙක් ඇතුල් වුනාම තමන්ට අම්මා තාත්තා කරපු කිසිම දෙයක් මතක නැතිවෙනවා. අන්න එතනදි තමයි ගොඩක් අයට වරදින්න පටන් ගන්නේ. අමතක කරන්න එපා, ඔයාට කවදාවත් බෑ එයාලා නැතුව ගමනක් යන්න. IMDB 7.2 අගයක් ගත්ත මේ චිත්‍ර‍ටියේ රඟපාන්නෙ Twilight කථා මාලාවේ රඟපාන Robert Pattinson. හරිම ආදරණීය විදියට ඔහු රංගනයේ යෙදෙනවා. මෙච්චර IMDB අගයක් ගන්න Drama/Romance ඝනයේ චිත්‍ර‍පටයකට අමරුයි. ඒත් මේ චිතපටිය මෙච්චර ජනප්‍රිය වෙන්න, මෙච්චර සාර්තක වෙන්න හේතු තියෙනවා. ඒකට චිත්‍ර‍පටිය බලන්න වෙනවා. හිතට කාවදින, ගොඩක් දුක හිතෙන චිත්‍ර‍පටියක්. ටයිලර් ගෙ පවුලෙ අය වෙන් වෙලා ඉන්නෙ. ටයිලර් ජීවත් වෙන්නෙ වෙනම. පිස්සෙක් වගේ ජීවත්වෙන මේ ටයිලර් ගෙ ජීවිතය ලස්සන කරන්න එන්නෙ ඇලී. එයා ටයිලර්ගෙ ජීවිතය කොච්චර වෙනස් කරනවද කියලා බලාගන්න පුලුවන් චිත්‍ර‍පටයෙන්. ඒවගේම මම මුලින් ලොකු විස්තරයක් කිව්වා. ඇත්තටම ඒ ගොඩක් දේවල් මේ කතාවට අදාල වෙනවා. ඒක නිසාමයි මම කිව්වෙ. ආදරණීය කතාවක් කිව්වනේ මේක. ඉතින් චිත්‍ර‍ටිය ගැන මුකුත් කියන්න යන්නෙ නෑ. ඔයාලා බලලම කියන්නකෝ.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති බ්ලුරේ පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ප්‍රමෝද් ඉන්දුනිත්
[email protected] |  + posts

Sri Lankan 🇱🇰 Matara 🌊
Xiaomi Fan 📱Mi8 user

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

4 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram