More

    Rocky Aur Rani Kii Prem Kahaani (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Rocky Aur Rani Kii Prem Kahaani (2023) Sinhala Subtitle

     

    මේක ඉවර කරන්න නම් සැහෙන කාලයක් ගත උනා ඉතින්.. එකම හේතුව මේකේ තිබ්බ සිංදු ගොඩ. අලුත් පරණ සිංදු සැහෙන ගානක් මේකේ තියනවා වගේම ඉතින් මේකේ සිංදු සේරමත් වගේ සැහෙන ජනප්‍රියත් උනා. ඉතින් පටන් ගත්තු වැඩේ කොහොම හරි අහවරයක් කරලා අද තමයි අරන් එන්න පුලුවන් උනේ.. සිංදු සේරමත් උපසිරැසි ගන්වලා තියන නිසා මං හිතනවා හොදින් රසවිදින්න පුලුවන් වේවි කියලා.

    කරන් ජොහාර් අධ්‍යක්ෂණය කරපු මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිත රඟපාන්නේ Dharmendra,Jaya Bachchan
    Shabana Azmi,Ranveer Singh හා Alia Bhatt.. කරන්ගේ ෆිල්ම් වල ස්ටාර් කාස්ට් එක ගැන අමුතුවෙන් කියන්න ඕනි නැහැනේ ඉතින්. කෙලින්ම කතාවට බහින්නම් කෝ. රන්දාවා කියන්නේ ඉන්දියාවේ තියන රසකැවිලි නිශ්පාදන වල හිනිපෙත්තටම ගිය ලොකුම ආදායමක් ලබන රසකැවිලි ව්‍යාපාරයක් වන ධනලක්ෂ්මි රසකැවිලි වල හිමිකරුවන්. රන්දාවා පවුලේ ඉන්න එකම පිරිමි ළමයා තමයි රොකී. ටිකක් සෙල්ලකාර චරිතයක්. රොකී ගොඩක්ම ආදරය කරන්නේ තමන්ගේ තාත්තාටත් වඩා සීයාට. සියාට කාලයක ඉදන් උන අනතුරක් නිසා පරණ දේවල් අමතක වෙලා තියෙන්නේ. හැබැයි සීයා ලගදි ඉදලා ජාමිනි කියලා කෙනෙක් ගැන කියන්න ගන්නවා. රොකීට සියාගේ පරණ ඩයරියක තිබිලාත් පින්තුරයක් එහෙම හම්බවෙනවා. ඉතින් මේ ජාමිනි කියන කෙනාව නිකමට හරි හොයාගත්තොත් සියාගේ මතකේ ආපහු එව් කියලා හිතලා රොකී මේ කෙනා ගැන හොයන්න ගන්නවා. ඔතැනදි තමයි රොකීට රානීව හම්බවෙන්නේ. රාණි කියන්නේ කල්කටා වල පවුලක ගැනු ලමයෙක්. නවීන පන්නයට හිතන කෙනෙක්. ඇදුම් පැළදුම් පවා අදින්නේ එහෙමයි. ඉතින් සීයාගේ ජාමිනි හොයන්න ගිහින් අන්තිමට රොකීයි රාණියි ආදරය කරන්න ගන්නවා. නමුත් මේ පවුල් දෙක නම් කොහොමටවත් පැහෙන්නේ නැහැ. ඉතින් මේ දෙන්නාගේ ආදර කතාව කොයි කොයි පැත්තට යාවිද කියලා තමයි ෆිල්ම් එකේ තියෙන්නේ. එහෙනම් අරන් බලන්න කියලා ආරාධනා කරන ගමන් සමුගන්නවා.

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති එච් ඩි හා වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
    • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

     

    Download “Rocky Aur Rani Ki Prem Kahaani (2023) සිංහල උපසිරැසි” Rocky.Aur.Rani.Kii.Prem.Kahaani.(2023).Sinhala.Subtitle.rar – Downloaded 3534 times – 2 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

    දර්ශණ නිශාන්ත පීරිස්
    + posts

    Founder & Owner - Zoom.Lk
    SRI LANKAN 🇱🇰 කෝට්ටේ 🏡
    Traveler 🚶Train Lover 🚂
    emotional eater 🍝️🥪
    MI Fan 📱MI 9T PRO user

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    1 COMMENT

    1. ගොඩක්ම ස්තූතියි දර්ශණ සොයුර ……….
      ඔබට සහ ඔබ පවුලේ සැමටත්
      මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
      බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram