today-is-a-good-day
More

    Rough (2014) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    2014 වසරේ නිකුත් වුන තවත් තෙළිගු චිත්‍රපටයක් තමයි Rough කියන්නේ. Action/Romance කියන ඝනයට අයත් මේ චිත්‍රපටය IMDb අගය 4.9ක් අරන් තියෙනවා. ධාවන කාලය පැය 2කුත් විනාඩි 27කිනුත් සමන්විත වෙනවා.

    රගපාන නළු නිලියන් ගත්තම අපි ගොඩක්ම අදුරනඅය තමයි රංගනයෙන් දායක වෙන්නෙ

    Aadi (චන්දු)
    Raakul Preet Singh (නන්දු)
    Srihari (සිද්ධාර්ත්)

    මෙම නළුවගෙ වෙනත් ෆිල්ම් එහෙම කියනවනම්
    *Jodi (2019)
    * Operation Gold Fish(2019)
    * Burra Katha (2019)
    * Next Nuvve (2017)

    ඔය කිහිපයක් පමණයි..නිළියගෙ ඒවනම් නොකිය ඉන්නම්..මොකද රාකුල්ගෙ ඒවා නොබලපු අය නෑනේ……අපි කතාව පැත්තට හැරෙමුකො එහෙනම්..

    රෆ් නැත්නම් අභියෝගය කියලා හැදින්වුවත් වරදක් නැහැ මේ චිත්‍ර පටය…මොකද අභියෝගයක් වටා තමයි චිත්‍රපටය දිවෙන්නෙ..මේ අභියෝගය මොකක් ද කියනවනම්, චන්දු කියන්නෙ අපෙ කතාවේ වීරයා, මෙයා තමන්ට ගැලපෙන ගැහැණු ළමයෙක්ව බල බල ඉන්නකොට තමයි දවස් අනාථ ළමයින්ට සරණ වෙන නන්දිනීව දකින්නෙ..එතනදි හිත ගියත් චන්දු කතා නොකරම හැරිලා යනවා.ඔහොන කාලයේ ඇවෑවෙන් මෙයාව චන්දුට ආයෙම වතාවක් මුණ ගැහෙනවා, ඒත් ඊට කලින් නන්දිනීගෙ අයියා ගැන චන්දු දැනගන්නවා, එයා නගරයේ ලොකු බලයක් තියෙන ව්‍යාපාරිකයෙක්, දේශපාලනය කරනවා වගේම මැරයෙක් කිව්වත් වැරදි නෑ…තමන්ගෙ නංගි තමයි එයාට පණ….ඉතිං මේ චන්දු නන්දිනී ලගට යන්න කලින් මුලින්ම යනවා අයියා ලගට ගිහින් නංගිව ඉල්ලනවා, ඉතිං අර යකාට තරහ යනවා…කතාවෙන් කතාව මේක අභියෝගයක් දක්වා දිව යනවා…

    අභියෝගය තමයි..
    සර් මම ඔයාගෙ නංගිව ඔයා අතින්ම කොහොම හරි කසාද බැදගන්නවා කියලා

    ඉතිං ඔය අභියෝගය ජය ගන්න පුලුවන් වෙයිද? ඇත්තටම මේ චන්දු කවුද ? ලොකු කතාවක් අන්තර් ගතයි, සටන් ජවනිකානම් ඉතිං 2014 මට්ටම තමයි, භාගි එකේ වගේ 😁.. බලලන විසදුම් හොයාගන්නකො එහෙනම්…

    මේක තමයි මම ගහපු ලොකුම උපසිරැසිය, උපසිරැසිය 309kb. හැම ලයින් එකම ඩබල් වගේ..ගීත 5ක් අන්තර්ගතයි චිත්‍රපටයේ..එම ගීත 5ම උපසිරැසි ගන්වලා තියෙන්නේ… යූටියුබ් පිටපතට උපසිරැසි සහය දක්වනවා…ආයෙ උපසිරැසියකින් හම්බවෙන්න බලමුකො එහෙනම්

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති YOUTUBE පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” Rough.(2014).Sinhala.Subtitle.rar – Downloaded 2790 times – 69 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    අශේන් කවිඳු
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    13 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

    2. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
      බුදු සරණයි!!ජය වේවා!!!

    Leave a Reply to Isuru Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram