spot_img
spot_img

Sapta Sagaradaache Ello Side A (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Sapta Sagaradaache Ello Side A (2023) Sinhala Subtitle

 

මනූ.. ළඟදි මං කොච්චර ලස්සන හීනයක් දැක්කද කියලා දන්නවද?
මොකක්දෝ ලොකු සද්දයක් නිසා මට ඇහැරුණා..
කොච්චර උත්සහ කලත් ආයෙම ඒ හීනෙට යාගන්නම බැරි වුනා.
ඒ හීනෙ මොකක්ද කියලා දන්නවද?

ගමේ මුහුඳ තියෙන්නේ.. එතනට මං ඔයාව එක්කගෙන ගියා.
අහල පහල, කවුරුවත්ම නෑ,මනූ.
මුළු වෙරළටම ඔයයි මමයි විතරමයි.
අපි මුහුඳ අයිනෙන්ම ඇවිදන් ගියා.
අපෙ අඩි පාරවල්, රැලි ඇවිල්ලා මකාගෙන ගියා..
මං ඔයාගෙ අත තදින්ම අල්ලන් හිටියා.
කොච්චර නම් සතුටකින්ද අපි හිටියෙ කියලා දන්නවද!
දැන් ඇස් පියාගත්තත්, ඒ රැළි වල සද්දෙ මට ඇහෙනවා.
ඔයාටත් ඇහෙනවද, මනූ?

Sapta Sagaradaache Ello – Side A (2023) එහෙමත් නැතිනම් “සප්ත සාඟරයට එපිට කොහේදෝ! -පළමු පස” කියලා තමයි සිංහල අදහස එන්නේ. ඇයි එහෙම කියන්නෙ කියලා හිතන්න නම් ඔයාලට මේක බලල ගොඩක් හිතන්න වෙයි.

මේ චිත්‍රපටය ඇවිල්ලා Romantic Drama ස්ටෝරියක් වගේම, සමාජයේ යටි පස අර්ථ ගන්වන්නක්. රාක්ෂිත් ෂෙට්ටි සහ රුක්මිනී විසින් මේ චිත්‍රපටයට ප්‍රධාන දායකත්වය ලබා දෙනවා. රාක්ෂිත්ව නම් ඔයාලා දන්නවා මොකද Charlie 777 බලන්න ඇතිනේ. ඒවගේම එයා ඉස්සර ඉදලම කට්ටිය දන්නවා, මොකද රශ්මිකා මන්දනාව ගිවිස ගෙන හිටියේ මෙයා තමයි මුලින්ම. ඒක පරණ කථාවක්.

ඉතිං මේ කථාව ආදර කථාවක් මතින් ගොඩනැගෙන හරිම රස කථාවක්. තමන්ගෙ හීන වෙනුවෙන්, පෙම්වතිය එක්ක ඉන්න දකින ජීවිතේ වෙනුවෙන්, මුදල් හිඟ වීම නිසාම හිතටත් හොරෙන් ගන්න තීරණයක් නිසා උඩු යටිකුර උණු ජීවිත දෙකක් ගැනයි මේ මුළු කථාවම දිවෙන්නේ.

මේ කථාවේ රිෂාබ්ගෙ ඇක්ටින් වගේම, මේ නිළියගෙ ඇක්ටිනුත් විශේෂයෙන්ම කැපී පෙනුනා. යම් මායාවක් ඇය මෙයට කර ඇති වගක් නම් තේරෙනවා. ඒ අංඟ ලක්ෂණ සහ හැසිරීම් මේ වෙන විටත් බොහෝමයක් සිත් සොරාගෙන හමාරයි.

මගේ නෝනට මාව බලන්න එන එක කර්තව්‍යක්.
නැත්නම් එයාට නෑදෑයොම නරක කථා කියාවි.
ඒත් ඔයාගෙ කෙල්ල ප්‍රියා එහෙම නෙවෙයි.
මේ වගේ පව්කාර තැනක් දාල යන්නත් එයාට හිත දෙන්නෙ නෑ කියලයි තේරෙන්නේ.
අර මොකක්දෝ කියනවනේ.. (කියමනක්)
“” සැබෑම ආදරේ පේන්නේ ගෑණියෙන්ගෙ ඇස් වලිනුයි කියලා””

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති එච් ඩි හා වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

 

Download “Sapta Sagaradaache Ello Side A (2023) සිංහල උපසිරැසි” Sapta.Sagaradaache.Ello.Side.A.(2023).Sinhala.Subtitle.rar – Downloaded 2745 times – 1 MB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

අශේන් කවිඳු
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

6 COMMENTS

  1. ස්තූතියි අශේන් අයියේ..Waiting for side B
    ඒකටත් ඕනේ 😁

  2. ගොඩක්ම ස්තූතියි අශේන් සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

Leave a Reply to අශේන් කවිඳු Cancel reply

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram