spot_img
spot_img

Scent of a Woman (1992) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න ඉතින් යාලුවනේ මං අද ඇවිත් ඉන්නවා සූම් එකේ සෙට් එකත් එක්ක කරපු පලවෙනි සබත් අරගෙන. මේක 1992 ආපු ෆිල්ම් එකක් උනාට මොකද, මේක ඔස්කාර් සම්මාන ලාභී චිත්‍රපටයක්. ඒ කියන්නෙ මේ චිත්‍රපටයට හොදම නළුවාට හිමි ඔස්කාර් සම්මානය ලැබිලා තියෙනවා. ඒ වගේම, IMDb දර්ශකයේ 8/10 අගයක් ලබපු චිත්‍ර‍පටියක්… හොලිවුඩ් චිත්‍රපට වලට ඇලුම් කරන, කවුරුත් දන්න කියන අල් පචීනෝ (Al Pacino) තමයි මේකේ ප්‍රධාන නළු භූමිකාවට රංගනයෙන් දායක වෙන්නේ. දන්නේ නැති අයට අල් පචීනෝ ගැන ටිකක් කියලා ඉන්නම්. අල් පචීනෝව සැලකෙන්නෙ ඉහළ ගණයේ නළුවකු වගේම විශාල රංග පරාසයක් ඇති නළුවෙක් විදිහට. ඇමෙරිකානු රංගධරයෙකුට හිමිවිය හැකි ඉහලම සම්මාන ත්‍රිත්වය වන ඇකඩමි, එමී සහ ටෝනි සම්මාන ත්‍රිත්වයම ඔහුගේ රංගනය උදෙසා ලැබිලා තියෙනවා. ඒ වගේම ලෝකයේ හොදම චිත්‍රපටය ලෙස සැලකෙන ගෝඩ්ෆාදර් චිත්‍රපටයේ ප්‍රධාන නළුවාත් ඔහුයි. අල් පචීනෝගේ නැරඹිය යුතුම අනිත් ෆිල්ම්ස් තමයි ස්කා(ර්)ෆේස් (Scarface), හීට් (Heat), ද අයිරිෂ්මන් (The Irishman), ඩොනී බ්‍රාස්කො (Donnie Brasco) වගේ ඒවා. ෆිලුමට හම්බවුණු සම්මාන ගැන කිව්වොත් Academy Award for Best Actor in a Leading Role, Golden Globe Award for Best Screenplay – Motion Picture, Golden Globe Award for Best Motion Picture – Drama, Golden Globe Award for Best Actor – Motion Picture – Drama.

ෆිල්ම් එක කෙටියෙන් කිව්වොත් මෙහෙමයි. චාලි කියලා කොල්ලෙක් ඉන්නවා. එයා ශිෂ්‍යත්වෙකින් උසස් පාසලකට ඇවිත් ඉන්නෙ. එයාට මුදල් අවශ්‍ය වෙනවා පාසලේ වැඩකටයුතු කරගෙන යන්න. පාසලේ නෝටිස් බෝර්ඩ් එකේ දාලා තිබුණු උපස්ථායී රැකියාවකට එයා අයැදුම් කරනවා. ඇවිත් බලනකොට එයාට බලාගන්න තියෙන්නෙ අන්ධ මනුස්සයෙක්ව. මොකද එයාව බලාගන්න අය පිට පළාතකට යන නිසා. ඒ අන්ධ මනුස්සයත් ලේසියෙන් බලාකියාගන්න පුළුවන් පුද්ගලයෙක් නෙමෙයි. ඒ අතරතුර චාලිට පාසලේදි ප්‍රශ්නයක් ඇතිවෙනවා. ඒ අස්සේ අර අන්ධ මනුස්සයත් නිව්යොර්ක් වලට ගමනක් දාගෙන තියෙනවා චාර්ලිත් එක්ක යන්න, දරුණු තීරණයක් එක්ක. තීරණය කොච්චර දරුණු වෙයිද? බලලම කියන්නකෝ.මේ ෆිලුමේ හුගක් සංකීර්ණ වචන වගේම ව්‍යංගාර්ථ වදන් තිබුණා. ඒ හැම වචනයකටම පුළුවන් උපරිම සාධාරණය කලා.පළවෙනි සබේ හොද නරක කමෙන්ට් කරමුකෝ එහෙනම්. ඔබට ජය!!!

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති බ්ලුරේ පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

Download “Scent of a Woman (1992) සිංහල උපසිරැසි” Scent.of.a.Woman.1992.Sinhala.Subtitle.rar – Downloaded 854 times – 63 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

සසිරු චමත්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

4 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

Leave a Reply to Buddhika Lakmal Cancel reply

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram