today-is-a-good-day
More

    Section 375 (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    බොහෝම මෑතකදී ලොවක් කම්පා කරමින් ඉන්දියාවෙන් වාර්තා වූ සමූහ දූෂණ සිදුවීමක් සහ අමානුෂික ඝාතනයක් එක්ක අපි ආපහු සැරයක් ඉන්දියාවේ කාන්තා දූෂණ ගැන කතා කරන්නට ගත්තා. කාටත් වරදක් නැති පශු වෛද්‍යවරියකගේ වටිනා ජීවිතයක් කාමාතුරයන් අතින් සාහසික ලෙස විනාශ වී ගියා. ඉන්දියාවට සමගාමීව ලංකාවේ අපිත් දූෂකයන් ට ලැබිය යුතු නිසි දඬුවම එනම් මරණීය දණ්ඩනයම ප්‍රාර්ථනා කළා. අවසානයේදී කර්මය පටිසන් දීමක් හා සමානවම තිරිසනුන් සිව්දෙනා පොළිස් වෙඩි පහරකට ලක්ව මිය ගියා. ළමා අපචාරකයින්ට, කාන්තා දූෂකයින් ට සහ ශාරීරිකව හෝ මානසිකව හිංසා පමුණුවන ඕනෑම පිරිමියෙක් මෙලොව ජීවත් වන්නට සුදුසු නැති අයවලුන් විදිහට අපි තීරණය කරනවා. විත්තිකරුවන්ට එරෙහි සියලුම චෝදනාවන් අධිකරණය ඉදිරියේ සනාථ වන්නටත් පෙරාතුව, සමාජ මාධ්‍යජාලාවන් ඔස්සේ ජනබලය හමුවේ වරදකරුවන් කර හමාරයි. නමුත් සමහර අවස්ථාවන් වලදී විත්තිකාර පාර්ශවය ප්‍රබල නම්, අගතියට පත් පාර්ශවය දුබල නම්, අධිකරණය හමුවේ යුක්තිය පරාජය වේ නම්, ජනබලය කොතරම් සවිමත් වුවත් ඉන් කිසිම පළක් නැහැ. දූෂණයට ලක් වූ කාන්තාව සමාජ මාධ්‍යජාලා තුළ තවත් සිය දහස් වතාවක් යළි යළිත් අපචාරයට පත් වීමක් පමණයි සිදුවන්නේ.

    උද්වේගකාරී Courtroom drama චිත්‍රපටයක් විදිහට ‘Section 375’ ට ත් පාදක වෙන්නේ ඉහළ පැලැන්තියේ අයෙක් විසින් මධයම පාංතික තරුණියකව බලහත්කාරයෙන් දූෂණයකට ලක් කිරීමකින් පසුව, ඇයට යුක්තිය ඉටුකරලීම උදෙසා පැවැත්වෙන නඩු විභාගයක් ගැනයි. මෙතනදී පැහැදිලි ලෙසම සියලුම සාක්ෂි විනිවිදභාවයකින් යුතුව චූදිතයාට එරෙහිව පවතිද්දීත් ඔහු වෙනුවෙන් පෙනී සිටින්නේ දක්ෂතම සහ ප්‍රබලතම නීතීඥයෙක්. තරුණිය වෙනුවෙන් පෙනී සිටින්නේ ප්‍රබල නීතීඥයේගේම ගෝල බාලයෙක්. ඇයත් තරුණියක් නිසාම අපචාරයට ලක් වූ තරුණියට යුක්තිය ඉටුකරලීම සඳහා ඇය විසින් දැඩිව කැපවෙන්නේ ඉහළ පැලැන්තියේ බලපුලුවන්කාරකම් සියල්ලක්ම හමුවේ නීතියේ උත්තරීතරභාවය කෙරෙහි විශ්වාසය තබමින්. නමුත් තමන්ට ඕනෑ ආකාරයට නීතිය නවන්නට උපන් හපන්කම් ඇත්තන් හා මුහුණට මුහුණ ගැටෙන එක විටෙක නිරර්ථකාරී ක්‍රියාවලියක්. නමුත් ගාන්ධී නීතීඥවරිය සටන්කාමීයී. සලූජා නීතීඥයා කොතරම් දක්ෂ අයෙක් වුවත්, පැහැදිලිවම පෙනෙන්නට තිබෙන සාක්ෂි හමුවේ වුවත් නොසැලී සියල්ල උඩුයටිකුරු කරවන්නට සමතෙක් වුවත්, ගැහැණියකට එරෙහිව සිදුවූ අසාධාරණයක් වෙනුවෙන් ගැහැණියක් විදිහට ඇය විසින් උසාවි භූමිය තුළ සිදුකරන සටන දැවැන්ත එකක්. හින්දි සිනමාවේ Courtroom drama චිත්‍රපට අතර ප්‍රමුඛ පෙළට පැමිණෙන්නක්.

    සිදුවීම් ගොඩනැංවීම සහ ප්‍රේක්ෂකයාගේ සිතැඟි වලට බාධා පමුණුවමින් ඉදිරියට ගෙන යාම තුළින් ප්‍රබල කුතුහලයක් ජනිත කරවන ආකාරයෙන් නිමවී තිබීම තමයි විශේෂිතම දේ වෙන්නේ. අධ්‍යක්ෂක Ajay Bhal ගේ දෙවන චිත්‍රපටය විදිහට ඔහු විසින් මේ කරන ලද නිර්මාණාත්මක කාර්‍යභාරය ඉහළම මට්ටමේ ප්‍රගතියකින් සමන්විත වන්නක්. දූෂකයාට එරෙහිව දූෂණයට ලක් වූ ඇයත්, ප්‍රබල නීතීඥයා හමුවේ අසරණ වන නීතීඥවරියත් එකම බෝට්ටුවකට වැටෙන හැටිත් නඩු විභාගය තුළදී ක්‍රම ක්‍රමයෙන් විත්තිකාර පාර්ශවය බලවත් වන හැටිත්, ජනතාව කුපිත වන හැටිත් අපූරුවට ගොඩනගා තිබෙනවා. ඒ වගේම බලහත්කාරයකට ලක් වූ තැනැත්තියක් ඉන්පසුව නීතීයේ පිළිසරණ සොයා යන මාවතේදී තව තවත් අනියම් ආකාරවලින් සමාජය ඉදිරියේ කොතරම් වාර ගණනක් දූෂණයට ලක්වන්නට සිදුවන්නට වෙනවාද යන අමිහිරි වාතාවරණයත් සංවේදීව ඉදිරිපත් කර තිබෙනවා. මේ නිසාම අපහරණයට ලක් වන කාන්තාවන් බොහෝ ප්‍රමාණයක් නිහඬව හිඳින්නට තීරණය කරන බවත් මේ කතන්දරයෙන් පෙන්වා දෙනවා.

    නමුත් නිර්මාණකරුවා ගේ නිර්මාණශීලීත්වය තුළ නරඹන්නාව අතරමං කරන්නට සමත් වන හැටිත් අපූරුයි. අක්ෂේ ඛන්නා සහ රිචා චඩ්ඩා මුහුණට මුහුණ ගැටුම තුළ එළඹෙන සෑම විනාඩියක්ම අලුතින්ම නිපදවෙන කුහුලකින් පුරවන්නට ඒ නිර්මාණශීලීත්වය සමත්. වසරේ අමතක නොවන චිත්‍රපට අත්දැකීමක් ලබාදෙන්නට මේ නිර්මාණය සමත්. එකම කාසියක දෙපැත්තක් ඇති නමුත් කාසියේ අගය එකක් බවත් ප්‍රේක්ෂකයාවා අන්දමන්ද කරමින් පවසනා රටාව අනිවාර්යයෙන්ම නැරඹිය යුත්තක්.

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති HD / WEB පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” Section.375.(2019).rar – Downloaded 534 times – 44 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    1 COMMENT

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram