today-is-a-good-day
More

    Sema Thimiru (2021) aka (Pogaru) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    අද අරගෙන එන්නේ ක්‍රියාදාම සපිරි කන්නඩ චිත්‍රපටියක්…ඉතින් මේක කන්නඩ චිත්‍රපටියක් උනාට අන්තර්ජාලයට නිකුත් උනේ දමිල හඩ කවපු පිටපත,කන්නඩ භාෂාවෙන් එන චිත්‍රපටිය එන්න තව ටික දවසක් යන නිසා ඔයාලට දමිල හඩ කවපු චිත්‍රපටියටම සිoහල උපැසිරසි අරගෙන ආවා…ඉතින් චිත්‍රපටිය තමයි Pogaru..මේ චිත්‍රපටිය දමිල භාෂාවෙන් Sema Thimiru කියල තමයි නම් කරල තියෙන්නේ…මේ චිත්‍රපටියේ නිෂ්පාදකයින් හිතුව තරම්නම් චිත්‍රපටිය සාර්ථක උනේ නෑ..කොහොම හරි එක එක්කෙනාගේ රසවින්දනය වෙනස්නේ,ඔයාලම අරගෙන තීරණය කරන්නකෝ චිත්‍රපටිය ගැන..

    Kirik Party,Chamak, Chalo,Geetha Govindam,Sarileru Neekevvaru,Bheeshma වගේ චිත්‍රපටි වලින් ගොඩක්ම රසික ආදරය දිනාගත්තු රශ්මිකා මන්දනා තමයි මේ චිත්‍රපටියේ ප්‍රධාන නිලි චරිතය නිරූපනය කරන්නේ,දමිල සිනමාවේ ඇක්ෂන් කින්ග් කියල අදුන්වම Arjun Sarja ගේ නෑදෑ කෙනෙක් තමයි මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිත නිරූපනය කරන Dhruva Sarja කියන්නේ…මේ දෙන්නා එක්කම විශාල නළු නිලි කැලකකින් සමන්විත  action drama ගනයට අයත් වෙන චිත්‍රපටියක් තමයි Sema Thimiru කියන්නේ…

    ඉතින් කතාව පැත්තට හැරුනොත්…ශිවා කියන්නේ එයාගේ තාත්තට ගොඩක්ම ආදරේ කෙනෙක්,ඒත් යම් කිසි හේතුවක් නිසා ශිවාගේ තාත්තව කෙනෙක් මරල දානවා,ඒත් ශිවාගේ අම්මා ඒ කාරනේ ශිවාට කියන්නේ නෑ…කොහොම හරි සැමියෙක් නැතිව සමාජයේ අනිත් පිරිමින්ගෙන් එන අයුතු යෝජනා නිසාම ශිවාගේ අම්මාට වෙන කසාදයක් කරගන්න වෙනවා,ඉතින් තමන්ගේ තාත්තා නැති උනා කියලවත් නොදන්න ශිවාවා නේවාසික පාසලකට ඉගෙන ගන්න යවනවා…කොහොම හරි කාලේ ගෙවෙනවත් එක්කම තරුන වියට පත්වෙන ශිවා දැනගන්නවා එයාගේ තාත්තා නැතිවෙලා,එයාගේ අම්මා දෙවනි කසාදෙකුත් කරගෙන කියල…එතනින් එහාට ශිවාගේ ජීවිතේට මොන දෙයක් වෙයිද….එහෙනම් අරගෙනම බලන්නකෝ Sema Thimiru.

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Sema Thimiru (2021) සිංහල උපසිරැසි” Sema.Thimiru.(2021).Sinhala.Subtitle.rar – Downloaded 10793 times – 64 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    8 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

    2. තවත් කන්නඩ ෆිල්ම් ටිකක් දෙමු සහෝ
      කන්නඩ action ෆිල්ම් වලත් සුපිරි ගතියක් තියෙනො සහෝ

      • ඕකේ කන්නඩ කොපියේ තියෙන්නේ හොල් සවුන්ඩ් එක. ඒ කියන්නේ කැම්කොපියේ සවුන්ඩ්. ඒ පිටපතටත් මේ සබ් එක ගැලපෙනවා. හැබැයි ෆිල්ම් එකේ ඕකම තමයි කන්නඩ ඔෆිෂියල් කොපියක් ආවාත් එන්න‍ෙ

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram