spot_img
spot_img

Sevimli Tehlikeli (2015) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

සුපුරුදු පරිදි නුපුරුදු භාෂාවක උපසිරැසියක් අරගෙනයි මම මේ එන්නෙ…සබ නුපුරුදු උනාට භාෂාවනම් මට හොදට හුරුයි..ඒ තමයි Turkish භාෂාව..ලස්සන භාෂාවක චිත්‍රපටයක් තමයි මේක.නමින් “Sevimli Tehlikeli”

නළු නිළි කැල ගත්තොතින් The Protector, Zemhari (2020) කියන හුගක් ප්‍රසිද්ධ කතාමාලා 2කේම රංගනයෙන් දායක උණු Ayca Aysin කියන නිළිය තමයි මේකෙත් ඉන්නෙ..රංගනය ඒවට වඩා සෑහෙන්නම වෙනස්..නළුවා Sukru Ozyildiz..ඒවගෙම මේ චිත්‍රපටය වෙනුවෙන් IMDb අගය 6.1 කුත් Beyazperd අගය 4.1/5 ලැබි තියෙනවා වගේම ගූගල් පරිශීලක 95%ක කැමත්තකුත් හිමි වෙලා තියෙනව මේ Comedy/Romance ගණයට වැටෙන චිත්‍රපටය සදහා.

කතාව දිහාට හැරුනොත්, සාරොක් සහ සේලිස් කියන චරිත දෙක වටා තමයි දුවන්නේ…එක්තරා දිනයක තුර්කියේ ස්ථාන 2කක කෝටිපති අම්ම කෙනෙකුයි දුප්පත් අම්ම කෙනෙකුයි එකම මොහොතෙ ළමයි බිහි කරනවා..කෝටිපති අම්ම සහ ළමයා කියන දෙන්නම මිය යනවා..දුප්පත් අම්ම ළමයා බිහි කරනවා..ඉතිං අර කෝටිපති පවුලෙ පියා කෝටිපති අම්මව විවාහ කරගත්තෙ දේපළ සල්ලි නිසා..ඒත් කෝටිපති මව මිය යන්න කලින් අවසන් කැමත්තක් ප්‍රකාශයට පත් කරලා. ඒ තමයි අම්මගෙන් පස්සෙ සියළු ධනය ළමයට පැවරෙන බවත් යම් හෙයකින් ළමයට යමක් වූවොත් සියලු ධනය පුණ්‍ය කටයුතු වලට බැර වෙන බවත්.ඒත් දැන් ළමයා මිය ගියානේ.. ඒකට ළමයෙක්ව ඕනෙ.ඉතිං මේ තණ්හාකාර පියා අර දුප්පත් ගෙදර ඉපදුණ ගැහැණු ළමයව පැහැරගෙන එනවා..

දින අවුරුදු ගෙවිලා ගියා..දුප්පත් අම්මා තාමත් සිය දියණිය එනතෙක් විදවමින් බලා සිටිනවා.කෝටිපති ගෙදර පියා පැහැරගත් ළමයව කුමාරියක් ලෙසින් හදාවඩා ගන්නවා..දේපළ නිකම්ම ගන්නත් බෑ..ඒකටත් කොන්දේසියක් තියෙනවා..කුමරියක් කිව්වට අර කාටුන් එකේ වගේ කුළුණක සිර කරලා වගේ…ඒ අතරෙ ඒ කුමරිගෙ ගිවිස ගැනීම දවසෙ තමයි මේ කෝටිපති ගෙදරට කෙනෙක් කඩන් පාත් වෙන්නේ..ඒ තමයි නළුවා..බලන්නකො එතන ඉදන් හෙන විනෝදයි..කෙල්ලට වෙන සීන්, අපතය පොළේ ගැහැව්වා වගේ..😂 ලස්සන BGM තියෙනවා..සිංදු කෑල්ලක් තියෙනවා හින්දි සිංදුවකට සමාන.

ඉතිං හැමෝම බලන්නකො සිර ගෙදර කුමරියට කිනම් ඉරණමක් අත් වෙයිද කියලා..ප්‍රධාන වශයෙන් දුප්පත් අම්මගෙ බලාපොරොත්තුව ඉටුවෙයිද කියා.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  Youtube පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV උපසිරැසි දෙවර්ඟයම ගොනුවේ නිකුත් කර ඇත.

 

Download “Sevimli Tehlikeli (2015) සිංහල උපසිරැසි” Sevimli.Tehlikeli.(2015).Sinhala.Subtitle.rar – Downloaded 1592 times – 692 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

අශේන් කවිඳු
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

6 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  2. මම මේ කතාවට ගොඩක් කල් සිංහල සබ් හොයලා නැති නිසා කඩ්ඩත් එක්ක බැලුවා
    සහෝ මේ තුර්කි භාෂාව වගේමයි ඔවුන් නිර්මාණය කරන කතාත් පුදුම ලස්සනයි 😀කොටින්ම කිව්වොත් මන් දැන් තුර්කි සීරිස් බලන්න ඇබ්බැහි වෙලා😁 ❤
    තුර්කි නිර්මාණකරුවො තමයි ආදර කතා රොමෑන්ටික් සීරිස් එහෙම ලස්සනටම ගහන්නෙ
    ඉදිරියටත් වෙනසකටත් එක්ක තුර්කි කතා ගේමු කට්ටිය කැමති වෙයි 👍
    අනික මේ Ayca Aysin Turan කියන නිළිය ලස්සනම තුර්කි නිළියක් ❤

  3. නියමයි වැඩේ , ඒ කතා ගොඩක් ලස්සනයි, Erkenci Kus එකටත් subtitle දෙන්නකෝ❤

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram