Shelter (2026) Sinhala Subtitle
අද අරන් ආවේ උණු උණුවේ නිකුත් උන ෆිල්ම් එකක්. ඒ ජේසන් ස්ටේතම් ප්රධාන චරිතය නිරූපණය Shelter චිත්රපටිය.. මේක තිරණගත විම ආරම්භ කලේ ජනවාරි 30 වැනිදා. අද ( පෙබරවාරි 26) උදේම හොද කොපියක් අන්තර්ජාලයට වැටුන නිසා උපසිරැසි කරලාම අරන් ආවා… Angel Has Fallen,Greenland,Kandahar වගේ සුපිරි චිත්රපටි කරපු Ric Roman ගේ අධ්යක්ෂණයක් තමයි මේ චිත්රපටිය
කතාව ගැන කිව්වොත් මයිකල් (ස්ටේතම්) ස්කොට්ලන්ත වෙරළට ඔබ්බෙන් වූ හුදෙකලා දූපතක ජීවත් වෙන කෙනෙක්.. ඔහු කිසිම වෙලාවක මේ දුපතෙන් එලියට එන්නේ නැහැ. මෙයාට උවමනා දේවල් අරන් එන්නේ මනුස්සයෙකුයි එයාගේ පොඩි දුවයි.. දවසක් ඔහුට බඩු බාර දිලා යද්දි අර මං කිව්ව ගැහැණු ළමයා හා අර මනුස්සයා කුණාටුවක් අහු වෙනවා… මේක දකින මයිකල් ඔවුන්ව බේරගන්නවා. අවසනාවට බේරගන්න පුලුවන් වෙන්නේ අර ගැණු ළමයා විතරයි. ඒ ළමයාට තුවාල උන නිසා මොහු නගරයට යැමට අදහස් කරගන්නවා. නමුත් නඟරයට ගිය ගමන් ඔහුගේ අතීතයේ සිටි සතුරන් වගේම මයිකල්ව විනාශ කිරීමට මාන බලන රජයේ රහස් ආයතනයක් සමඟ මෙයාට සටන් කරන්න සිද්ධ වෙනවා. ඉතින් මයිකල් ඇයි මේ හැංගිලා හිටියේ? ඇයි රජයෙන් මෙයා පස්සේ පන්වන්නේ? ඒ වගේම මයිකල් මෙවායින් බේරන විදිය බලන්න ඕනි නම් චිත්රපටිය අරන් බලන්න කියලා ආරාධනා කරන ගමන් සමුගන්නවා.
⛔ Due to copyright issues we do not provide any torrent links
Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

දර්ශණ නිශාන්ත පීරිස්
Founder & Owner - Zoom.Lk
SRI LANKAN 🇱🇰












සබ්එකට ස්තූතියි දර්ශන අයියේ……..