
Sitaare Zameen Par (2025) Sinhala Subtitle
චිත්‍රපටිය ඇවිල්ලා නම් සතියක් විතර උනත් මේක අපේ සිනමා ගොන්නේ තියෙන්නම ඕනි චිත්‍රපටියක් නිසා ටිකක් පමා උනත් උපසිරැසි කරලා අරන් එන්න හිතුවා. තාරේ සමීන් පර් චිත්‍රපටිය අපි හැමෝම වරක් දෙවරක් හරි අනිවාර්යෙන්ම නරඔලා තියනවානේ. අන්න ඒ ටයිප් එකේ චිත්‍රපටියක් තමයි මේකත්. මේකත් අමිර් ඛාන් ගේ නිශ්පාදනය යටතේ නිමවුවක්.
මේක 2018 දි නිකුත් වූ ‘Champions’ කියන ස්පැනිෂ් ෆිල්ම් එකේ ඔෆීෂියල් රීමේක් එක. ඒ වගේම මේ චිත්‍රපටියේ මේ ඉන්න හැමෝම සැබෑවටම ඩවුන් සින්ඩ්‍රෝම් ළමයින්. ඒ වගේම මේ ඉන්න හැමෝම සැබෑ ජීවිතේදි ත් විවිධාකර අංශයන්හි දක්ෂයන් වෙනවා. ඒ වගේම කාලේකට පස්සේ Genelia Deshmukh මෙහි රංඟනයෙන් දායක වෙනවා.
චිත්‍රපටියේ කතාව ගැන කිව්වොත් ගුල්ෂන් අරෝරා කියන්නේ ටිකක් නාහයට අහන්නේ නැති බාස්කට් බොල් කොච් කෙනෙක්. මෙයා දවසක් බිමතින් වාහනේ පදවලා පොලිසියේ වාහනයකම හප්ප ගන්නවා. මොහුට උසාවියෙන් ලැබෙන දඩුවම වෙන්නේ ඩවුන් සින්ඩ්‍රෝම්… එහෙම නැත්නම් මානසික ආබාධ තියන ටිම් එකකට බාස්කට් බොල් පුහුණු කරන්න. ගුල්ෂන් මුලදි මේකට කැමැති වෙන්නේම නැහැ. ඒ අස්සේ ගුල්ෂන් කියන කොච් මේ ළමයින්ට බාස්කට් බොල් උගන්වන්න එනවා කියන ආරංචිය ලැබෙන නිසා මේ පාසල බාර පුද්ගලයා විසින් මේ කණ්ඩායම ජාතික තරඟාවලියකටත් ඇතුල් කරනවා.. ඉතින් ගුල්ෂන් මේ කට්ටිය එක්ක කොහොම හැසිරේවිද? ජාතික තරඟාවලියක් මේ අය සෙල්ලම් කරාවිද? එහෙනම් අරන් බලන්න කියලා ආරාධනා කරනවා..
- Due to copyright issues we do not provide any torrent links
- ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති එච් ඩි පිටපත් සදහා ගැලපේ
- SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
- විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් හෝ tamilmv හා yts වෙබ් අඩවියේ පිටපත් සදහා ගැලපේ
Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

දර්ශණ නිශාන්ත පීරිස්
Founder & Owner - Zoom.Lk
SRI LANKAN 🇱🇰 කෝට්ටේ 🏡
Traveler 🚶Train Lover 🚂
emotional eater 🍝️🥪
MI Fan 📱MI 9T PRO user