spot_img

Smurfs The Lost Village (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඉතින් ඔන්න මම ඔන්න තවත් කතාවක් අරගෙන ආවා.මේ දවස්වල ඇනිමේශන් චිත්‍රපටි ගේන්නත් බැරි උනානෙ.ඒකටත් එක්ක ඔන්න එකක් ගෙනාවා.මේ දවස්වල සිරිස් වල වැඩේ බරටම ඉවරකලා.තව පොඩ්ඩයි. ඒක ඉතින් ලග ලගම එනවා. එහෙනම් ඔන්න සීයත් පනින්න යන්නෙ.ගොඩක් දුර ඇවිත්නේ.තව දුර යන්නත් තියෙනවානෙ.බලමු දේසියත් ගහන්න ඉතින්.මේක මගේ විනෝදාංශයක් විදියට ගොඩක් දුර ඇවිත්.කට්ටිය වෙනුවෙන් ඉදිරියටත් ඒ රාජකාරිය පුළුවන් විදියට අරගෙන එන්නම්කෝ.

ඔන්න එහෙනම් කතාව පැත්තට හැරෙමු.ෆිල්ම් එක කාටත් හුරු පුරුදු ඇති the smurfs the lost village.smurfs ච්ත්‍රපට මාලාවෙ තුන්වෙනි චිත්‍රපටය තමයි මම අරගෙන ආවේ.මේක තිරගත වෙන්න පටන් ගන්නේ 2017.03.25. ඉතින් ඔන්න අද තමයි හොද කොපි එකක් හම්බුනේ.දවසෙන්ම වැඩේ ඉවරකලා,අපි එහෙනම් කතාව පැත්තට හැරෙමු.ස්මාර්ෆ්ලා කියන්නෙ කුරුමිට්ටො වර්ගයක් තමයි.ඉතින් මෙයාල ජිවත් වෙන්නෙ වනාන්තරයේ රහස් ප්‍රදේශයක. මේකෙ කතාවේ ප්‍රධානියා වෙන්නෙ ස්මාෆෙට් කියන ස්මාර්ෆ් කෙල්ල. මේ ස්මාර්ෆ් ගමේ ඔක්කොම ජිවත් වෙන්නෙ ඔක්කොම පිරිමි කුරුමිට්ටො විතරයි.ඒ හැම කෙනෙක්ටම කරන්න රාජකාරියක් තියෙනවා.එහෙම තමයි ඔවුන්ව නම් වෙලා තියෙන්නෙ. ඒත් මේ ස්මාෆෙට් කියන පුංචි කෙල්ලට අරමුණක් නෑ.ඒක ගැන හැමොම හොයනවා.ඒත් කාටවත්
තවම ඒක හොයාගන්න බැ.ඇයටත් ඒ වගේම.මේ ස්මාෆෙට්ට මිත්‍රයෝ ටිකක් ඉන්නවා. ඒ තමයි බ්‍රේනි. හයිටි.ක්ලම්සි ඉතින් හැම කතාවකම දුෂ්ටයෙක් ඉන්නවනෙ මේකෙත් ඉන්නවා කෙනෙක්.ඒ තමයි ගාර්මෙල්.එයා උත්සාහ කරන්නෙ මේ කුරුමිට්ටො අල්ලගෙන එයාලගේ බලය උරාගෙන ශ්‍රේෂ්ට මායාකාරයෙක් වෙන්න.ඉතින් මේ මායාකරයා අලුත් රහස් නිවහනක් හොයාගන්නවා තනිකරම ස්මාර්ෆ්ලා පිරිච්ච.ඒකටත් අපෙ යාලුවො හතරදෙනා සම්බන්ධයි.ඉතින් මේ ස්මාෆෙට් එයාලගේ නැති උනු ගම හොයන්න පිටත් වෙනවා කට්ටියට ගාර්මෙල් ගැන අනතුරු අගවන්න.ඉතින් ඒ වීර වික්‍රමය තමයි කතාව පුරාවටම තියෙන්නෙ.ගාර්මෙල් සහ ස්මාෆෙට් අතරේ සම්බන්ධයකුත් තියෙනවා.ඒකත් හරියටම දැනගන්න එහෙනම් කතාව බලන්න.

ඔන්න එහෙනම් තවත් එක ඇනිමේශන් චිත්‍රපටයක් අරගෙන ආවා.ඇත්තටම සිරිස් ටික කරන්න මාස හතරක් විතර ගියා.ඉක්මනට ඒක ඉවරවෙන්න යන්නෙ.චිත්‍රපටි පැත්තට හැරෙන්න බැලුවේ ඊට පස්සෙ.එහෙනම් කට්ටියම කතාව අරගෙන බලන්න.හොද නරක කමෙන්ටුවක් දාගෙනම යන්න.අපිට ලැබෙන ප්‍රතිචාර තමයි අපේ එකම ධනය ඉතින් හොද ඇනිමේශන් වැඩක් එක්ක බලාපොරොත්තුවෙන් ඉන්න.ජය වේවා…..!

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති බ්ලුරේ පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

නුවන් සමීර
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram