spot_img

Snake Eyes (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

මිට දින කිහිපයකට කලින් නිකුත් උන චිත්‍ර‍පටියක් අරන් තමයි මේ ආවේ.. මේක G.I. Joe Origins චිත්‍ර‍පටි මාලාවේ කැරැක්ටර් එකක් වෙනුවෙන් හැදුන එකක්. ඔයාලා නිකමට හරි G.I. Joe චිත්‍ර‍පටි එකක්වත් බලලා නැත්නම් මේ චිත්‍ර‍පටිය බලන්න නම් කිසිම බාදාවක් වෙන්නේ නැහැ. ඉතින් කලින් ඒ චිත්‍ර‍පටි දෙක බැලුවේ නැහැ කියලා මේක නොබලා ඉන්න එපා. මොකද සටන් ජවනිකා වලින් පිරුනු චිත්‍ර‍පටියක් තමයි මේ අරන් ආවේ.. ඒ වගේම පවුලේ හැමෝටම බලන්න පුලුවන් චිත්‍ර‍පටියක් කියලාත් කියන්නම ඕනි.. මෙහි ප්‍ර‍ධාන චරිත ලෙස Henry Golding,Andrew Koji,Úrsula Corberó,Samara Weaving,Haruka Abe,Takehiro Hira හා Iko Uwais රංඟනයෙන් දායක වෙනවා..

කතාව ගැන ටිකක් කියන්නම් කෝ කතාව පටන් ගන්නේ මිට අවුරුදු විස්සකට කලින්.. තමන්ගේ පුතා ඉස්සරහාම කල්ලියක් ඇවිල්ලා ඒ ළමයාගේ තාත්තාව ඝාතනය කරනවා. කොහොම හරි තාත්තා නැතුව උස්මහත් උන මේ ළමයා තමන්ට Snake Eyes කියලා නමක් දාගන්නවා. ඒ වගේම අවුරුදු ගානක් පුරාවට ඔහු තමන්ගේ තාත්තාව ඝාතනය කරපු මිනිමරුවාව හොය හොය ඇවිදිනවා.. දිනක් පැමිණෙන පුද්ගලයෙක් ඔහුට යෝජනාවක් කරනවා. ඒ තමන්ගේ කල්ලියට වැඩ කලොත් ඔහු තමන්ගේ තාත්තා මරපු කෙනා කවුද කියලා හොයලා දෙනවා කියලා. ඉතින් Snake Eyes මේ යෝජනාවට එකඟ වෙනවා. එතැනින් එහාට කතාවේ මොනා හරි කිව්වොත් ඔයාලාගේ කුතුහලය නැති වෙනවා.. ඉතින් අරන් බලන්න කියලා ආරාධනා කරන ගමන් සමුගන්නවා. හැමෝටම සුභ දවසක්.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

ඉමාෂා ජයසූරිය
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

7 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram