More

    Sonu Ke Titu Ki Sweety (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    අද නම් මේ අරන් ආවේ බලන්න වටිනම චිත්‍ර‍පටියක්… මේ චිත්‍ර‍පටිය අධ්‍යක්ෂනය කරන්නේ Luv Ranjan විසින්. ඔහුව හොදින්ම ඔබ හඳුනනවා Pyaar Ka Punchnama 1 හා 2 චිත්‍ර‍පටි බැලුවා නම්. ඒ චිත්‍ර‍පටි දෙක බලලා තියේ නම් අනිවාර්යෙන් මේ චිත්‍ර‍පටිය නරඔන්නත් ඔබ දෙපාරක් හිතන්නේ නැහැ…. මෙහි ප්‍ර‍ධාන චරිත ලෙස Kartik Aaryan,Nushrat Bharucha හා Sunny Nijar රංඟනයෙන් දායක වෙනවා.

    ඔයාගේ හොදම යාළුවාට එක පාරටම ගැණු ළමයෙක් යාළු උනොත් ඔයාට මොනා වේවිද? මං හිතන්නේ කාට කාටත් ඒ අත්දැකිම නම් විදින්න ලැබිලා ඇති. එහෙම උනාම අන්තිමට ඔයාගේ යාළුවාට හැමදේටම වඩා ලොකු වෙන්නේ අර ගැණු ළමයාව. පස්සේ එකෙන් කෙලවෙලා යන්නේ ඔයාටම තමයි..ඉතින් මේ චිත්‍ර‍පටියත් ඒ වගේ සිදුවිමක් අලලා හැදුන එකක්.

    ඉතින් චිත්‍ර‍පටිය ගැන කිව්වොත් ටීටූ හා සෝනූ කියන්නේ පොඩි කාලේ ඉදන්ම එකට ඉන්න හොදම යාළුවෝ දෙන්නෙක්. සෝනූ කියන්නේ ගැණු ළමයින්ව කවදාවත් විශ්වාස කරන්නේ නැති කෙනෙක්. ටීටු නිකමට හරි ප්‍රේම සම්බන්ධයක් පටන් ගත්තොත් එකේ වැරැද්දක් හොයලා ඒ දෙන්නාව වෙන් කරනවා. මෙහෙම කරන්නේ යාළුවා ගැන ඊරිසියාවෙන් නෙමෙයි. තමන්ගේ යාළුවා ගැණු ළමයෙක් නිසා කරදරේ වැටෙනවා බලන් ඉන්න බැරි කමට. ඔහොම කාලය ගෙවිලා යද්දි තමයි ටීටූට තමන්ගේ ගෙදර අය විවාහ යෝජනාවක් අරන් එන්නේ. එහෙම විවාහ යෝජනාව එක්ක එන ගැණු ළමයාගේ නම තමයි ස්වීටි. ටීටුට ස්වීටව දැක්කාම ආදරයක් ඇති වෙනවා. නමුත් සෝනූට මේ ස්වීටි ගැනත් ලොකු සැකයක් හටගන්නවා. ඒ සැකේ තහවුරු වෙන්න සාක්ෂි කිහිපයකුත් සෝනූට ලැබෙනවා. නමුත් ටීටු ස්වීටිගේ ආදරයෙන් අන්ධ වෙලා මේ දේවල් තේරුම් ගන්නේ නැහැ. එත් හැබැයි හැම පාරම වගේ මේ පාර නම් සෝනූට ලේසියෙන් ටීටුගෙයි ස්වීටිගේ ආදරේ කඩලා දාන්න බැරි වෙනවා මොකද ස්වීටි කියන්නෙත් එසේ මෙසේ කෙල්ලෙක් නෙමෙයි. චිත්‍ර‍පටිය බලද්දි ඒ ගැන දැනගන්න ඔයාලට හම්බවේවි. ඉතින් තමන්ගේ යාළුවාව මේ පාරත් බේරගන්න සෝනූට හැකිවේවිද? නැත්නම් ස්වීටියි ටීටුයි විවාහ වේවිද? මේ දේවල් දැනගන්න වෙන්නේ ඔයාට චිත්‍ර‍පටිය නරඔලා තමයි..

    මං මේ චිත්‍ර‍පටියේ සබ් කරන්න තෝරගත්තේ WEB HD පිටපතක්. සමාන්‍ය HD පිටපතකට වඩා මෙහි කොලිටිය ටිකක් වැඩියි. චිත්‍ර‍පටියේ ඇති සිංදු වලින් 3ක්ම සූපර් හිට් උන එවා. ඉතින් හොදම පිටපතකින් අරන් ආවේ එකයි. අපි දිලා තියන කොපියම පුලුවන් නම් ගන්න නැත්නම් අන්තර්ජාලයේ WEB HD කියලා තියන ඕනිම පිටපතක් අරගන්න. වෙනත් පිටපතක් ගත්තා නම් SRT ගොනුව ඇතුලේ HD එකටත් ගැලපෙන සබ් එක දාලා ඇති එකත් එක්ක බලන්න පුලුවන්. එහෙනම් තවත් චිත්‍ර‍පටියක් සමඟින් හමුවෙනකම් සූභ දවසක්.

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

     

    Download “Sonu Ke Titu Ki Sweety (2018) සිංහල උපසිරැසි” Sonu.Ke.Titu.Ki.Sweety.(2018).Sinhala.Subtitle.rar – Downloaded 1822 times – 95 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

    දර්ශණ නිශාන්ත පීරිස්
    + posts

    Founder & Owner - Zoom.Lk
    SRI LANKAN 🇱🇰 කෝට්ටේ 🏡
    Traveler 🚶Train Lover 🚂
    emotional eater 🍝️🥪
    MI Fan 📱MI 9T PRO user

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram