today-is-a-good-day
More

    SOUL (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    SOUL (2020) ගිය අවුරුද්දේ හදපු ලස්සනම ලස්සන ඇනිමේෂන් චිත්‍රපටියක්. ගොඩාක් දෙනෙක් ආදරයෙන් නරඹපු, හැමෝටම එක දිගටම බලන්න පුළුවන් ලස්සන කතාවක්.

    මේ ලස්සන චිත්‍රපටිය නිර්මාණය කරලා තියෙන්නේ, අධ්‍යක්ෂණයෙන් දෙදෙනෙක් එකතු වෙලා. Pete Docter සහ Kemp Powers දෙදෙනා. සාමාන්‍ය චිත්‍රපටියකට වඩා animation චිත්‍රපටියක් අධ්‍යක්ෂණය කරන එක අමාරු කාර්යයක්. මේකට හරියන තිර පිටපතක් තවත් වැදගත්. ඒ නිසාම මේ දෙදෙනාත් Mike Jones එක්ක එකතු වෙලා තමයි තිර පිටප හදලා තියෙන්නේ. රඟපෑමට, ඒ කියන්නේ කටහඩින් දායක වෙන්නේ Jamie Foxx, Tina Fey, Graham Norton යන අය සමග කණ්ඩායමක්.

    Ratings ගැන කියනවා නම්, IMDB 8.1, Rotten Tomatoes 96%, Metacritic 83%, Google Users 93% ක් මේකට කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා. හිතාගන්න පුළුවන් නේද මේකේ තත්වේ.

    කතාව ගැන කියනවා නම්, ජෝ ගාඩ්නර් කියන්නේ දක්ෂ පියානෝ වාදකයෙක්. මෙයා ජීවිත කාලෙම බලාගෙන ඉදලා, යාන්තම් දවසක් ලැබෙනවා ජනප්‍රිය වාදක කණ්ඩායමක් එක්ක වාදනය කරන්න. හැබැයි එදාම සිද්ධ වෙන අනතුරක් නිසා, ජෝ ගේ ආත්මය යනවා පෘථිවිය සහ මරණය අතර තියෙන කල්පිත ලෝකෙකට. මේකෙදී ජෝ ට ඉගෙන ගන්න ලැබෙන දේවල් බොහෝමයි. අතරමැදදී සිද්ධ වෙන තවත් අනතුරක් නිසා, පූසෙකුත් මේකට සම්බන්ධ වෙනවා. මේවා ගැන දැනගන්න මේ චිත්‍රපටිය බලන්නම වෙනවා. සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න… ජයවේවා!!!

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති බ්ලුෙර් පිටපත් සදහා ගැලපේ
    • SRT හා TV (IDX) ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

     

    Download “Soul (2020) සිංහල උපසිරැසි” Soul.(2020).Sinhala.Subtitle.rar – Downloaded 5064 times – 972 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    නිලුෂ හේමාල් අලහකෝන්
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    3 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram