today-is-a-good-day
More

    Strike Back (2014) Complete Season 04 Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ගිය මාසේ විසි එක් වෙනිදා ඔයාලාට තුන්වෙනි කතාමාලාව සම්පුර්ණයෙන්ම ලැබුනානේ ඉතින් ඇඩ්මින් සහෝදරයා සැලසුම් කරන් හිටියේ මේක ජනවාරි පළවෙනිදාට ලබාදෙන්න ඉතින් මගේ අතින් පොඩි පමාවිමක් සිද්ද වුනු නිසා අද තමා දෙන්නේ ඉතින් 2013 වර්ෂයේ මම උපසිරැසි කරන්න කතාමාලාවක් හොයා හොයා ඉද්දි තමා මට මේක අහම්බෙන් හම්බුනේ ඉතින් අවංකවම අද මම සතුටු වෙනවා මේක රුපවාහිනියේ පාවා විකාශය වෙන එක ගැන .. ඒ ගැන කතා කරොත් පලවෙනි සීසන් එක හැමෝටම කිසිම ප්‍රශ්නයක් නැතුව බැලිය හැකි වන අතර දෙවෙනි කතා මාලාවේ පටන් නම් අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි කියලා ලේබල් කරන්න ඕනේ ඒ මේ දෙවෙනි කතා මාලාවේ සිට තියෙන භාෂා විලාශය හා ලිංගික දර්ශන වගේම නිරුවත් දර්ශන හේතුවෙනුයි .. නමුත් TV MA ඝනය යටතේ තියෙන කතාවක් හැටියට බැලුවොත් හොද යුධමය කතා මාලාවක් කියලා කියන්න පුළුවන් .. දෙවෙනි කතා මාලාවේ සිට cinemax නාලිකාවේම නිෂ්පාදනයක් ලෙස පැමිණෙනවා ඒ වගේම එම නාලිකාවේ පලවෙනි නිෂ්පාදනය තමා ස්ට්‍රයික් බැක් දෙවෙනි කතාමාලාව ඉතින් ඊට පස්සේ බැන්ශී වගේ ඉතාමත් සාර්ථක නිර්මාණ ඔස්සේ වැඩිහිටි ප්‍රජාව මෙම නාලිකාව දිනාගත්තා ඉතින් කතාමාලාව කොච්චර සුපිරි වුනත් මට මේක ඉක්මනින් අරන් එන්න බැරි වුනා .. ඒ ඉතින් මගේ පෞද්ගලික ජීවිතයේ අධ්‍යාපන වැඩ කටයුතු නිසා කාර්ය බහුල වෙන නිසා , ඇත්තම කිව්වොත් මම විතරයි දීර්ඝ කතා මාලා පටන් අරගෙන මග නවත්තගෙන තියාගෙන ඉන්නේ !! ඉතින් පුළු පුළුවන් විදිහට ඉතින් බැලන්ස් කරන හැම එකක්ම අවසානයක් කරන්න උත්සහ කරන්නම් දැන්නම් මේකෙන් නිදහස් නේ …

    ඉතින් මේ කතා මාලාව ගැන වැඩි යමක් කිව යුතු නැ ඔයාලා අරගෙන බලන්න කොටස් දහයටම උපසිරැසි ගන්වලා ලබා දීලා තියෙනවා .. මෙහෙම කතා මාලා එකවැර දෙන එකට මගෙනම් වැඩි කැමැත්තක් නැ ඔයාලට පහසු වෙන්න තමා එහෙම දීලා තියෙන්නේ .. ඒ වගේම ඉතින් අදහස් දැක්වීම ගැන කතා කරන්න යන්නේ නැ මොකද ඉතින් ඉස්සර උපසිරැසි ගන්න පිරිසෙන් 20% ක් වත් අදහස් දක්වලා යනවා ඉතින් දැන් 5% වත් වැටෙන්නේ නැති තරම් කමෙන්ට් නොකරන අය ගැන කතා කරලා වැඩක් නැ හැම දාම අදහස් දක්වන කිහිප දෙනා වෙනුවෙන් ස්තුතියි කියන්න කැමති !! ඒ වගේම අදහස් ලැබුනත් නැතත් ඔයාලා වෙනුවෙන් උපසිරැසි අරන් එන අපේ උපසිරැසි කණ්ඩායමේ සැමට මගේ ප්‍රණාමය … ජයෙන් ජය

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති බ්ලුරේ පිටපත් සදහා ගැලපේ
    • උපසිරැසි කොටස්  10ම පහත ගොනුවේ ලබා දි ඇත.

     

    Download “Strike back (2014) Season 04 සිංහල උපසිරැසි” Strike.back.(2014).Season.04.Sinhala.Subtitle.rar – Downloaded 1155 times – 177 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

    Strike Back (2011) Complete Season 03 මෙතැනින් අරගන්න

     

    Strike Back (2013) Complete Season 05 මෙතැනින් ලබාගන්න

    ඩිලාන් මේනක
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    2 COMMENTS

    Leave a Reply to Himesh madushanka Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram