today-is-a-good-day
More

    Sweet Girl (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Netflix කට්ටිය මේ අවුරුද්දේ නිකුත් කෙරුණු විශිෂ්ඨ චිත්‍රපටි අතරෙත් ඉහලම ස්ථානයක් අරගන්න චිත්‍රපටියක් තමයි Sweet Girl (2021). ගොඩාක් සංවේදී කතාවක් වෙනස් විදියකින් ප්‍රේක්ෂකයන් අතරට ගේන්න ගත්ත උත්සාහයක් තමයි මේ. Jason Momoa රඟපාන නිසාම ආසාවෙන් බලන්න ගත්තත්, චිත්‍රපටියේ කතාවට ඊට වඩා ආකර්ෂණය වුනා කියලා කියන්න පුළුවන්. හොඳ ‍ප්‍රේක්ෂක ආකර්ෂනයක් දිනාගන්නත් මේක සමත් වුනා. මේ ලිපිය ලියනවිට IMDB 5.5, Google Users 88% මේකට මනාපය ලබාදීලා තියෙනවා.

    Brian Andrew Mendoza විසින් අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටියේ කතාව සහ තිර රචනය කරලා තියෙන්නේ Gregg Hurwitz සහ Philip Eisner දෙදෙනා. හරිම ලස්සනට, තාත්විකව, කුතුහලය උපරිමයෙන් තියෙන්න කතාව ලියලා තියෙනවා. රඟපෑමට තෝරගෙන තියෙන්නේත් සුපිරිම චරිත. Jason Momoa (රේ කූපර්), Isabela Merced (රේචල් කූපර්), Manuel Garcia-Rulfo (ආමෝස් සැන්ටෝස්), Lex Scott Davis (සාරා මීකර්) ඇතුලු පිරිසක්. රේචල් කූපර්ගේ චරිතය රඟපාන තරුණ කෙල්ල, මේ චිත්‍රපටිය උඩු යටිකුරු කරලා කිව්වොත් නිවැරදියි.

    කතාව දිවෙන්නේ මෙහෙමයි. අමන්දා කූපර් කියන්නේ පිළිකාවකින් දුක් විඳින කාන්තාවක්. ඇයට ලබාදීමට නියමිත වුනු, අලුතෙන් වෙළඳපොලට නිකුත් කිරීමට යෝජනා වෙච්ච ඖෂධයක්, හදිස්සියේ නැවැත්වීමට බලධාරීන් කටයුතු කරනවා. එයින් ඇය ජීවිතක්ෂයට පත්වෙනවා. මේ ගැන කළකිරීමෙන් පසුවෙන රේ කූපර්ට මාධ්‍යවේදියෙක් හමුවී පවසන්නේ ‍විවිධ පගාවන් සහ අකටයුතුකම් රැසක් ගැන තොරතුරු ඇති බව. මේ ගැන රේ කූපර් කුමක්ද කරන්නේ? ඔවුන්ගේ දියණිය, රේචල් කූපර් මේවා දරාගන්නේ කෙසේද? පගාවන් වලට සම්බන්ධ අයට සිදුවන්නේ කුමක්ද? මේවා දැනගන්න, මේ සිංහල උපසිරැසිය සමඟින් චිත්‍රපටිය රසවිඳින්න. ජයවේවා!!!

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Sweet Girl (2021) සිංහල උපසිරැසි” Sweet.Girl.(2021).Sinhala.Subtitle.rar – Downloaded 2822 times – 668 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.l

    නිලුෂ හේමාල් අලහකෝන්
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    6 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

      Request:
      Stillwater (2021)

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram