spot_img
spot_img

The Conjuring (2013) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න එහෙනම් මම ඔයාලට තවත් ලස්සන චිත්‍ර‍පටියක් අරගෙන ආවා.ලස්සන කිව්වට භයානක එකක්.:D. දෙමළ, තෙළිගු, හින්දි යන වර්ග තුනේම චිත්රිපටි වලට මම ඔයාලට උපසිරැසි දීල තියෙනවානෙ.ඉතිං ඉංග්‍රිසි එකකටත් උපසිරැසි දෙන්න ඕන කියල හිතුන නිසයි මේ චිත්‍ර‍පටිය අරගෙන ආවෙ. මම භයානක එකක් කියල කිව්වෙ මේක හොල්මන් ෆිල්ම් එකක්.ඇත්තටම හැබැයි බය හිතෙනවා. මේකෙ කථාව ලස්සන පුංචි පවුලක් වටා තමයි ගෙතිල තියෙන්නෙ. මේකට VERA FARMIGA, PATRICK WILSON, LILI TAYLOR, RON LIVINGSTON යන නළු නිළියන් රංගනයෙන් දායකවෙලා තියෙනවා.

චිත්‍ර‍පටිය ගැන කියනව නම් මේක නිර්මාණය වෙලා තියෙන්නෙ සත්ය කථාවක් ඇසුරෙන්.මේ කථාව දිවෙන්නෙ බැංකු වෙන්දේසියකින් මිලදී ගත්ත ගෙයක් මුල් කරගෙනයි.බැංකු වෙන්දේසියෙන් මේ ගේ මිලදී ගන්නෙ රොජර් (RON LIVINGSTON) ගෙ පවුලෙ කට්ටියයි.මේ ගොල්ලො මේ ගේ මිලදී ගන්නෙ මෙහෙ හොල්මන් සිටින බව නොදැනයි.නමුත් ගේ මිලට අරන් ටික දවසක් ගියාට පස්සෙ මේ ගොල්ලන්ට තේරෙනවා ගෙදර මොකක් හරි අමනුෂ්යසය දෝෂයක් තියෙනවා කියලා. ඉතිං රොජර්ගෙ බිරිද කැරොලින් (LILI TAYLOR) මේ පිළිබදව හොල්මන් එළවන කට්ටියක්ට දැනුම් දෙනවා.ඒ ලොරේන් (VERA FARMIGA) සහ එඩ් (PATRICK WILSON) යන දෙන්නටයි. මේ දෙන්නාගේ දැනුමෙන් හොයාගන්නවා මේ ගෙදර හොල්මනක් සිටින බවටත් ඒ හොල්මන මීට පෙරත් ජීවිත බිලි අරගෙන තියෙන බවටත්.මේ හොල්මන ගෙදර සිටින මවට වැසී ඇගේ දරුවන්ව මරා දමන බවටත් ඔවුන් සොයා ගන්නවා.අන්තිමේදි කොහොම කොහොම හරි කැරොලින්ට මේ හොල්මන ආවේශ වෙනවා.කැරොලින්ට ඉන්නවා ලස්සන පුංචි ගෑණු ළමයි හතර දෙනෙක්. කැරොලින් මේ ළමයින්ට කරදරයක් කරයිද? නැත්නම් එඩ්ලට මේ හොල්මන එළවන්න පුළුවන් වෙයිද? කියල ඔයාලම බලන්නකො.මේ චිත්‍ර‍පටිය ඉස්සරහාට එන Annabelle චිත්‍ර‍පටියටත් සම්බන්ධවෙනවා.

හැබැයි ඔන්න දැම්ම කිව්වා ටිකක් බය හිතෙන චිත්‍ර‍පටියක්…පස්සේ මට නූල් බදින්න කියල නම් කියන්න එපා. :D. එහෙනම් ළගදිම තවත් ලස්සන චිත්රිපටියකින් හම්බවෙමු. ඔබට ජය…..!

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති බ්ලුරේ පිටපත් සදහා ගැලපේ

 

Download “The Conjuring (2013) සිංහල උපසිරැසි” The.Conjuring.(2013).Sinhala.Subtitle.rar – Downloaded 2772 times – 31 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

 

සුලාන් සම්පත්

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram