More

    The Djinn (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    The Djinn (2021) මේ අවුරුද්දේ මැයි දෙවෙනි සතියේ එලිදැක්වුණු තවත් හොලිවුඩ් බයහිතෙන චිත්‍රපටියක්. ජින් කියන්නේ ඇමරිකානු සංස්කෘතියේ තියෙන සෙවනැලි රාජධානිය, නැත්නම් අඳුරු රාජධානිය ආරක්ෂා කරන යක්ෂ ආරක්ෂකයෝ පස්දෙනාගෙන් කෙනෙක්. මෙයා පසුබිම් කරගෙන විවිධ චිත්‍රපටි නිෂ්පාදනය කරලා තියෙනවා. මේකත් ඒ වගේ එකක්. තාම ratings ගැන කතා කරන්න ඉක්මන් වැඩියි වගේ. ඒත් මේ ලිපිය ලියනකොට, IMDB 4.7, RottenTomatoes 88%, Metacritic 61%, Google Users 59% චිත්‍රපටිය ලබාගෙන තිබ්බා.

    David Charbonier සහ Justin Powell විසින් අධ්‍යක්ෂණය කරපු මේ කතාව ලියලා, තිර රචනය කරලා තියෙන්නෙත් මේ දෙන්නාමයි. කතාවේ හැටියට ඉතා සුළු චරිත ප්‍රමාණයක් වටා තමයි ගෙවෙන්නේ. මේ සඳහා යොදාගත්ත ළමා නළුවාගේ දක්ෂ රඟපෑම නිසා, චිත්‍රපටිය එක දිගට බලන්න පුළුවන් වෙලා තියෙනවා. ප්‍රධාන නළුවා විදියට, ළමා නළු Ezra Dewey (ඩිලන්) රඟපෑමෙන් දායක වෙන අතර Rob Brownstein (මයිකල්), Tevy Poe (මිචෙල්, ඩිලන්ගේ මව) සහ John Erickson (ජින්) යන අයත් එකතුවෙනවා. තව විශේෂ දෙයක්. මේ චිත්‍රපටිය පුරාවටම කුතුහලය තීව්‍ර කරන දෙයක් තමයි සංගීතය. පුදුම විදියට බය හිතෙන්න, සංගීතය එක් කරලා තියෙනවා. සංගීතඥයා Matthew James. ඔහුටත් මේකේ සාර්ථකත්වය ලබාදෙන්න වෙනවා.

    කතාව ගැන ඉඟියක් දෙන්නම්. මම කලින් කිව්වානේ ජින් කියන්නේ කවුද කියලා. ඩිලන් කියන්නේ කතා කරන්න බැරි පොඩි පිරිමි ළමයෙක්. අම්මා නැති වෙච්ච නිසා ගුවන් විදුලි සේවාවක නිවේදකයෙක් විදියට සේවය කරන තාත්තා (මයිකල්) එක්ක අළුත් ගෙදරකට පදිංචියට එනවා. එහෙදී කාමරයක තිබිලා හමුවෙන පොතක තියෙනවා, ජින්ගෙන් ප්‍රාර්ථනාවක් ලබාගන්නේ කොහොමද කියලා. ඩිලන්ගේ ප්‍රාර්ථනාව මොකද්ද? ඒක සාර්ථක වෙයිද? ඒ සඳහා ඩිලන්ට කරන්න වෙන්නේ ‌මොනවගේ දේවල්ද? මේ දේවල් ගැන දැනගන්න, මේ සිංහල උපසිරැසිය එක්ක චිත්‍රපටිය නරඹන්න.

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “The Djinn (2021) සිංහල උපසිරැසි” The.Djinn.(2021).Sinhala.Subtitle.rar – Downloaded 605 times – 147 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    නිලුෂ හේමාල් අලහකෝන්
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    4 COMMENTS

    1. බොහොම ස්තූතියි උපසිරැසියට.😀
      ජයවේවා! 👍

    Leave a Reply to Ford Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram